වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘මට මෑණි වගේ’  ගීතයේ හිමිකරු මමයි මනෝජ්

‘මට මෑණි වගේ’  ගීතයේ හිමිකරු මමයි මනෝජ්

මට මෑණි වගේ
මට පියා වගේ
මට ආදර මගෙ ලංකා
ආගමට මගේ
ජාතියට මගේ
මට හෙවණයි සිරි ලංකා

ඒ ගීය ඔබට මතකද? 80 දශකයේ අතිශය ජනපි‍්‍රයත්වයට පත් ළමා ගීය පිළිබඳ, අදට ද බොහෝ පිරිස් කතා කරති. ගීය ගැයෙන්නේ මනෝජ් ප්‍රනාන්දුගේ හඬිනි. නැසී ගිය ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි පීරිස්, මේ ගීය නිර්මාණය කිරීමේ අදහස පිටුපස සිටියේය. 81 වසරේදී, අපේ රටේ ජාතිවාදී ගැටුම් ඇවිළෙමින් තිබූ යුගයක, මෙම ගීය නිර්මාණය වීමද කැපී පෙනේ.

එවක මනෝජ් පසුවූයේ 11ස් හැවිරිදි වියේයි. ස්ටැන්ලි පීරිස් මහතාගේ සිතෙහි වූ අදහසට, ආචාර්ය අජන්තා රණසිංහ සු¼ථ වේලාවකින් ගීය රචනා කළේය. ළමා පරපුර මෙන්ම, වැඩිහිටියන් අතරද ගීය අතිශයින් ජනාදරයට පත්විය. මෙය මනෝජ් ප්‍රනාන්දු ළමා ගායකයාගේ පළමු ගී නිර්මාණ එකතුව, “ මට මෑණි වගේ”හි ජනප්‍රියම ගීතයයි. වර්තමානයේ මනෝජ්, ආදරණීය සැමියෙකි, සිඟිති දියණියකගේ සෙනෙහෙබර පියෙකි. හෙතෙම ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටීයි.

මනෝජ් අද

කලා ලොව ප්‍රමුඛයන් බිහිකල මොරටු පුරවරය, මනෝජ්ගේ උපන් ගමයි. ඔහු ශාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. කුඩා කළ සිටම සංගීතයට ළැදි වූ මනෝජ්, ගායනයටද උපන් හපන්කම් දක්වන බව පියා, සිරිල් ප්‍රනාන්දු තේරුම් ගත්තේය.මමෝජ්ගේ සංගීත දිවියේ මුල් ගුරුවරයා වන්නේද ඔහුයි.

බොහෝ ජනපි‍්‍රය ගීතයන් හි මුල් ගායක ගායිකාවන් සමාජයෙන් අමතකව යාම සුලබ සිදුවීමකි. මෙවැනි ගීතයන් හි නිර්මාණ අයිතීන් පිළිබඳ මත ගැටුම් ඇතිවීමද සුලබය.

“ මට මෑණි වගේ ” ගීයටද එම සුලබ අර්බුදයෙන් ගැළවෙන්නට බැරිවී ඇති සෙයකි. මේ ගීයේ මුල් ගායකයා තම පුතු, මනෝජ් පුනාන්දු බව, ඔහුගේ පියා සිරිල් ප්‍රනාන්දු අවධාරණය කරයි.

තම පුතුගේ සංගීත ගමනට නොමඳ ශක්තියක්වූ ෆීලික්ස් ඇන්ටන්, දිවංගත සංගීතවේදී ස්ටැන්ලි පීරිස්, ආචාර්ය අජන්තා රණසිංහ, ගරු බෙනඩික්ට් ජෝසෆ් පියතුමා, නැසීගිය ප්‍රවීණ ගීත රචකයන්වූ කරුණාරත්න අබේසේකර, උපාලි ධනවල විතාන, පේ‍්‍රමකිීර්ති ද අල්විස්, හේමසිරි හල්පිට, ගායන ශිල්පී වර්නන් පෙරේරා, එච්.එස්. පෙරේරා යනාදීන් ගෞරව පූර්වකව සිහිකරන බව සිරිල් ප්‍රනාන්දු මහතා සරසවියට කියා සිටියා.