වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර,

කලාව සහ මිනිස් ජීවිතය ගහට පොත්ත මෙන් බැඳී ඇත්තකි. එහෙයින් කලා නිර්මාණ, කලාකරුවන්ගේ වෙනත් ක්‍රියාකාරකම් සමාජයට බලපෑම් කරන්නේ එහෙයිනි. එබැවින් ප්‍රතිචාර දක්වන්නට ද ඔබට පොදු අයිතියක් ඇත. මේ පිටුව වෙන් වනුයේ ඒ සඳහායි. පෙර මෙන් නොව ඔබට එම ප්‍රතිචාරයන් නොපමාව ක්ෂණිකව 0752805047 යන දුරකථන අංකයට ක්ෂණිකව එවිය හැකියි. පුරුදු පරිදි ඔබ එවන තැපැල්පත් හෝ සටහන්පත් වෙනුවෙන් ‘ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතියි. උපන් දින හෝ වෙනත් සුබපැතීම්වලින් බැහැරව කුමන හෝ වේවා නව අදහස්, සරලව කිව්වොත් මල් වගේම ගල් ප්‍රතිචාර තීරයට වැදගත් වනු ඇත.

සදා නොමැකෙන හඬ

උඳුවප් සීතල සුළඟ හමා යන්නේ සුවදායි සිසිලසකින් අපගේගත සිත සනහාලමිනි. නත්තල් සිරියෙන් මුළු රටම උදාවෙද්දී 1983 හැමූ නත්තලේ සුළඟ අපට ඉතා කනගාටුදායක පුවතක් සැල කළේය. එය නම් සිංහල සිනමාවේ මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ද සිය නම අමරණීය ලෙස සනිටුහන් කළ ගායන ශිල්පියකු වන ධර්මදාස වල්පොලයන් වියෝවීමය. සීතල උඳුවප් මහේ කොවුල් නාදය වැළලී ගියේය. අප හදවත් කම්පා විය. ‘අසාර ලෝක සැප නෑ’ නම් ගීතය ගයමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට සිය පසුබිම් හඬ මුසු කළේය. එසේම සරල ගීත ද ඔහුගේ හඬින් සිය ගණනක් මුදා හැරිණ. එකල ලංකාවේ සිටි ජනප්‍රියම ගායකයින් කිහිප දෙනා අතරට මුල් පෙළේ ගායකයා ඔහුය. ඔහුගේ මුල්ම පසුබිම් හඬ මුසු වූයේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයටය. ප්‍රතිපත්තිගරුක ඉතා චාම් මිනිසෙකු වූ ධර්මදාස වල්පොලයන්ගේ නාමය සුමධුර හඬ කිසිදා මිහිතලයෙන් මිහිදන් වන්නේ නැත.
 

ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව

ආසාව ඉටුවේවා!

කුමාරසිරි පතිරණ ගායන ශිල්පියා ගැන ඇසෙන විට අපට සිහි වන්නේ ඔහු ගැයූ මනරම් ගීත පෙළය. සිතින් පතා ඉන්නම්, පුංචි පුතු මගේ, ඈ සිහිවීලා, ඔබට ලියනා ඉන් කිහිපයකි. ඔහුගේ ඉටුකර ගැනීමට ඇති බලාපොරොත්තුවක් ගැන පසුගියදා ගුවන් විදුලි වැඩසටහනදී ඉඟි පළ කරන ලදී. එනම් ඉදිරි කාලයේදී සුජාතා අත්තනායක සමඟ හෝ ඇයගේ සොහොයුරිය සමඟ කැසට් පටයකට යුග ගීයක් ගැයීමටය. ඔහුගේ ආසාව ඉක්මනින් ඉටු වේවා යැයි ද මම පතමි.
 

අජිත් ලක්මාල්

මීගමුව

කනගාටුයි

ගාමිණී ෆොන්සේකා, ප්‍රේම් ජයන්ත්, ආනන්ද ජයරත්න, ආනන්ද වීරකෝන්, හර්බි සෙනෙවිරත්න, ඔස්වල්ඩ් ජයසිංහ, ධර්ම ශ්‍රීී රණතුංග, බොනිෆස් ප්‍රනාන්දු, රවීන්ද්‍ර රූපසිංහ යන අයට තිබුණු රැලි කොණ්ඩය අද සිටින නළුවන්ට නොතිබීම කනගාටුවකි.
 

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ

පර්පල් රේන්ජ් ඔබ දක්ෂයි

සේනක ක්‍රිස්බන් ප්‍රමුඛ පර්පල් රේන්ජ් දක්ෂතාවලින් අනූන වූ තාරුණ්‍යයේ සංගීත කණ්ඩායමයි. ඔවුන්ගේ ගීත ඇසීමට මම වඩා ප්‍රියතාවයක් දක්වමි.
 

ලක්මාලි

වරකපොළ

‘මුතු වරුසා’ඒකාකාරී බවෙන් මිදිලා

මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන මුතු වරුසා ඒකාකාරී ටෙලි නාට්‍ය කලාවෙන් මිදී නිර්මාණය වූ ටෙලි නාට්‍යයක් යැයි මට හැඟේ.
 

විරාජ් දුෂ්මන්ත ප්‍රනාන්දු

ආරච්චිකට්ටුව, හලාවත

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සැමරීම කාගේත් යුතුකමක්

වේදිකා නාට්‍ය අප රට තුල රඟ දැක් වූ යුගයක තමන්ට හිමිකම් කී මිනර්වා නාට්‍ය කණ්ඩායම සමඟ ඉන්දියාවට ගොස් අනේක දුක් ගැහැට තාඩන පීඩන මැද ‘කඩවුණු පොරොන්දුව’ වේදිකා නාට්‍ය සිතුවම් පටයකට නඟා සිංහල සිනමාව අප මවු රටට හඳුන්වා දුන් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් අනුස්මරණය කිරීමට තරම්වත් කලාකරුවන් ඉදිරිපත් නොවීම කනගාටුදායකය.

සියලුම සිනමා කලාකරුවන්ගේ පියාණන් වන්නේ ඔහුය.

ඉතින් . . . එවන් පිය කෙනෙකු සමරා ඔහුට පිං අනුමෝදන් කිරීම කාගෙත් වගකීම විය යුතුය.
 

කරු මන්දාවල

නාත්තන්ඩිය

මේ ගැනත් සිතන්න

පුංචි තිරයේ දැන් විකාශය වන සෑම ටෙලි නාට්‍යයකම ඉන්නේ එකම මුහුණු කිහිපයකි. ඒ අයව දැකලා දැකලා දැන් එපා වෙලා.

අධ්‍යක්ෂවරුනි, මේ ගැන සිතලා බලන්න
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

හොඳ ටෙලි නාට්‍ය කෝ?

දැන් පෙන්වන නාට්‍ය කිසිම හරයක් නැත. හොඳ කතා ලිවීමට පිරිසක් නැතිදෝ සැකයකි. රේල් පීලි, ගමන, සඳගලතැන්න ආදී නාටවලට පසු බැලීමට සුදුසු නාට්‍යයක් බිහි වූයේ නැහැ.
 

ක්‍රිස්ටබල් පෙරේරා

කඩවත

මිණි පහනක් වේවි!

සුමති සම්මාන උළෙලේ දක්ෂකම නිළිය වූ සමාධි ලක්සිරි ඉතාම දුෂ්කර ප්‍රබල රංගනයක් කඩදොරහි රඟපෑවා. එය ඉතාම සංවේදී රංගනයකි. අපේ සිනමාවටත් ඔබ කලකදී මිණි පහනක් වේවි.
 

ක්ලෝඩ් ද ලිවේරා, නාලිනී ද ලිවේරා,

මීගමුව
 

****************************************************************************************************************

මේ SMS ප්‍රතිචාර තීරයයි

අනුරුද්ධ ගාම්භීරආරච්චි රෝමියෝ ඇන්ඩ් දාන්තෙ නාට්‍යයේ හොඳ රංගනයක් කරන අතර ඔහු රැල්ලට හසු නොවූ නළුවකුª බව ද කිව යුතුයි.

දිල්කි අමිලා

නුගේගොඩ

හිරු නාලිකා වේ ඩී. ජේ. අරා සහ පැස්බරාගේ ජෝක් නම් නියමයි. අපි එයාලා දෙන්නට ගොඩක් ආසයි. හිරු නොම්මර එකයි.

ශාලිකා

ගල්කිස්ස

දෙරණ මලී නාට්‍යයෙහි ඩිංගිරි අම්මා වූ දූලිකා මාරපන ඉස්තරම්.

දිල්මි, පියුමි

මහරගම

වත්සලා අක්කා චිත්‍රපටයෙහි ඉනෝකා අමරසේන කළ රංගනය කිසිදා අමතක නොවේ.

කමල් ප්‍රියන්ත

නක්කාවත්ත

දුක වැඩි තරමට කඳුළු හෙලන්නට සිංදුවේ පද රචනය නියමයි.

අචී

ත්‍රිකුණාමලය

ශිහාන් මිහිරංග මගේ කැමතිම ගායකයායි. එයා මගේ මිතුරෙකු ද වනවා. ඒ වගේම තමයි ධනුක දිල්ශාන්. එයා නියමෙට රංගනයේ යෙදෙනවා. ශිහාන් අයියටත්, ධනු අයියටත් ඉස්සරහට යන්න සුබ පතනවා.

තරුපති

කළුගමුව

ටෙඩී විද්‍යාංලකාරගේ සටන්වලට සිනමාවම ආලෝකවත් වනවා.

ත්‍රිනීෂා

කඩවත

ලංකාවටම ජෝති එකයි. එයා සදාකාලිකයි.

අමා

කෑගල්ල

සුජාත දියණි පුංචි තිරයට ආඩම්බරයකි.

මල්ෂි

මහරගම

මේනක මධුවන්ති රංගනයට වඩා නර්තනයට හොඳයි.

ධනුක

දික්වැල්ල

කාංචනා මෙන්ඩිස් ඉතාම රූමත්.

කාවින්ද රශ්මික

ලක්ෂ්මන් අමරසේකරට,

ඔබ සේපාලිකා නාට්‍යයේ හරි අපූරුවට කිරගෙ චරිතය රඟපානවා. ඔබට ශ්‍රී ලාංකේය කලා කෙතෙහි දිගු ගමනක් යන්න ලැබේවා.

විරාජ් දුෂ්මන්ත

ආරච්චිකට්ටුව

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නදීක ඩයස් මා කැමැතිම ලීඩ් ගිටාර් වාදකයායි.

ශාලිකා

දෙහිඕවිට

නටු නැති මල් ටෙලි නාට්‍යයේ දමිතාගේ රංගනය සාර්ථකයි.

අසංක, ශාන්ත, ප්‍රියා

රත්නපුර

දැන් නාලිකාවල විකාශනය වන ටෙලි නාට්‍ය බලන කොට හිතෙනවා ලංකාවේ ප්‍රේක්ෂකයන් ගොනාට අන්දනවා නේද කියලා. නිර්මාණවල බංකොලොත්භාවය කැපිලම පේනවා. අවාසනාවක මහත, ඒ පවු කරගහන්න වෙලා තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට.

වීනාවි, ගල්මුරුව

නව පරපුරේ ගායක මාරියෝ ආනන්ද ඇත්තටම ඔහුගේ පියා වන ග්‍රේෂන් ආනන්ද වගේම දක්ෂයෙකි.

දිල්ශාන් ලක්ෂිත ප්‍රනාන්දු

මරදාන

දෙරණ සිහින තරුව සසිඳු විජේසිරි සැබෑම දක්ෂයෙකි.

පියුමි, චන්දිම, ලක්මාලි

ගම්පොළ

ෂා ගුවන් විදුලියේ ප්‍රචාරය වන ෂා කොමියුනිකේෂන් වැඩසටහනේ වෙලාව වෙනස් කළොත් හැමෝටම වගේ ඒක අහන්න පුළුවන් වේවි.

පාතිමා

වැලිගම

හෙට දින පස්වැනි සංවත්සරය සමරන මීගමුවේ සෙත් එෆ්. එම්. නාලිකාව දිනෙන් දින දියුණුවට පත් වී තවත් ඉදිරියට ගමන් කරන්න ලැබේවා.

චිත්‍රපට අධ්‍යක්ෂ

ඇන්ටන් ග්‍රෙගරි