වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ම ත ක පො ත

ම ත ක පො ත

කවදත් සූරයන් ගේ මතක සටහනක්

මේ ‘අපි කවදත් සූරයෝ’ චිත්‍රපටය රූගත කෙරෙන අතරතුරදී ගත් ඡායාරූපයක්. මෙහි සිටින්නෙත් හෙළ සිනමාවේ සූරයන් පිරිසක්. මාලනී ෆොන්සේකා අපේ නිළි රැජන, සිනමාවට නොමියෙන මතක එක් කළ නීටා ප්‍රනාන්දු, ස්වර්ණා මල්ලවආරච්චි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ විමලදාස පෙරේරා සහ ටෝනි රණසිංහ අදටත් අපේ සිනමාවට සවියක්. මෙහි සිටින විමලා ජයවර්ධන අද මව් බිමෙන් ඈත්ව දුරු රටක ජීවත් වුණත් හෙළ සිනමාවට එදා මෙන්ම ලෙංගතුයි. විජය කුමාරතුංග සහ පූජිත මෙනඩිස් අපට අද මිහිරි මතකයක් පමණයි.

කොහොම හඳුනන්නද

කළු කලිසමක් සුදු පැහැති කමිසයක් හැඳ මේ ඡායාරූපයේ සිටින ගායකයා ඔබට හඳුනා ගන්නට හැකිද? ඒ වෙන කවුරුවත් නොව විශාරද සනත් නන්දසිරි. සනත් මේ නාලිනී රණසිංහ සමඟ ගායනා කරන්නේ විමලදාස පෙරේරා ගේ ‘සමනල කුමරියෝ’ චිත්‍රපටයේ ‘සුමන සමන් දෙවි’ ගීතය යි. හැමදාම සනත් සමඟින් ජීවන ගීතය ගායනා කරන ප්‍රිය බිරිය මල්කාන්ති නන්දසිරි ඇතුළු පිරිස අනෙක් මයික්‍රෆෝනය අසල සිට අත්වැල් ගායනයෙන් එකතු වූවා. රූප පොතේ මතක වෙනුවෙන් මේ ඡායාරූප අපට ලබා දුන්නේ ප්‍රවීණ සිනමාවේදී විමලදාස පෙරේරා.