වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අභිෂේකා යුග දිවියට

අභිෂේකා යුග දිවියට

නත්තල් මාසයේ මංගල සීනු හැඩ වූ තවත් එක් කලා ලෝකයේ යෞවනියකගේ මංගල සේයාරූ සමඟ විස්තර ටිකක් ගෙන එන්නයි මේ සූදානම. ප්‍රවීණ ගීත රචකයකු වූ සුනිල් විමලවීරයන්ගේ දියණිය අභිෂේකා විමලවීර පසුගිය බ්‍රහස්පතින්දා පතිකුලයට පිවිසියාය. අභිෂේකාගේ අත ගත්තේ වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ කඩවසම් නිරාන් අලහකෝන් තරුණයායි.

ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙසින් කටයුතු කරන අභිෂේකා, සෙල්ලප්පෙරුමගේ ‘සංජානා’, එරංගගේ ‘සිනාසුණා ආදරෙන්’ සහ උදයකාන්තගේ ‘චැලෙන්ජස්’ චිත්‍රපටවල පසුබිම් ගායනයෙන් දායක වූවාය.

ඉදිරියට තිරගතවීමට නියමිත ‘රූපාන්තරණ’, ‘ ඩබල් ට්‍රබල්’, ‘ඇතුවත් බෑ නැතුවත් බෑ’ චිත්‍රපටවලට ද අභිෂේකා පසුබිම් ගීත ගායනයෙන් සම්බන්ධ වී සිටින්නීය.

විකාශය නිමා වූ ‘අමා’ ටෙලි වෘතාන්තයේ අභිෂේකා ගැයූ ‘දෙකොපුල් කඳුලින් තෙමා’ ගීතය රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලැබීය. ‘රැජිණ’ ටෙලි නාට්‍යයේ මෙන්ම ඉදිරියට දැක ගත හැකි ‘සත්‍යාවි’ සහ ‘සිත්තරාවි’ ටෙලි නාටකවල ද අභිෂේකා ගේ ගී ඬ අපට ඇසිය හැක.

මේ දිනවල රූපවාහිනී නාලිකාවල නිතර දෙවේලේ දැකිය හැකි අභිෂේකා විසින්ම පද රචනය කළ ‘සීමා නෑ’ මියුසික් වීඩියෝව රසිකයන් අතර ඉතාමත් ජනප්‍රියය.

අභිෂේකාගේත්, නිරාන්ගේත් විවාහ මංගල උත්සවය පැවැත්වූයේ කොළඹ හිල්ටන් හෝටලයේ ‘බෝල්රූම්’ උත්සව ශාලාවේයි.

අභිෂේකා මනාලියක් ලෙස වෙස් ගැන් වූයේ රූපලාවන්‍ය ශිල්පී මිනෝෂාන්ය. ‘සින්ඩරෙල්ලා’ කතාව පසුබිම් කොට ගෙන දිග හැරුණු මංගල උත්සවයේ කේක් ආකෘතිය නිම වූයේ ශිල්පි ජෙරොම් අතිනි. ඇගේ මල් කළඹ ලූෂන් අතින් හැඩ වැඩ වූවේය. අභිෂේකාගේ පාර්ශවයෙන් ඇගේ විවාහය ලියා පදිංචි කිරීමට සාක්කියට අත්සන් තැබුවේ ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාවයි.

මනෝජ් පීරිස්, අනුරාධා යුවල, සනත් – මල්කාන්ති යුවල සමඟ නව යුවල
නිරාන් සහ අභිෂේකා
 

ඩිනාක්ෂී, ශනුද්‍රී, දිනේශ් ප්‍රියසාද් යුවල සහ ශේෂාද්‍රී සමඟ

රොෂාන් රණවන, ගයාත්‍රි ඩයස්, ශාන්ති වර්ණසූරිය, උදයකාන්ත, මංගලිකා, ඩොනල්ඩ් ජයන්ත සහ චන්න පෙරේරා සමඟ
 

ආදරණීය පියාණන් සුනිල් විමලවීරයන් සමඟ රංගනයක . . .
සුනිල් අරුණ වීරසිරි යුවල, අර්නස්ට් වඩුගේ, ජනිත මාරසිංහ සහ බිරිය නිලුකා සමඟ
 

ඉඳුනිල්, මයුරී, දුලක්ෂී ඇතුළු ස්වාධීන
රූපවාහිනිියේ සහෘදයන් සමඟ