වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 93

සිංහල සිනමා විස්තරය - 93

පොඩි මල්ලි

තිරගත වූ දිනය – 1979 නොවැම්බර් 02
ඉදිරිපත් කිරීම - සාරදා චිත්‍රපට
නිෂ්පාදනය - කේ. ඒ. ඩී. සුගතපාල, නොයෙල් එදිරිසිංහ, නන්දසේන ගමගේ, එස්. ඒ. මාටින් සිංඤෝ
අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න
කතාව,දෙබස් සහ තිර නාටකය – තිස්ස අබේසේකර
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සහාය කැමරා - ජයනාත් ගුණවර්ධන
සහාය අධ්‍යක්ෂණය – තිලක් පුෂ්පකුමාර
සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි
සංස්කරණ මැදිරිය - සිංහගිරි චිත්‍රපට සංස්කරණ මැදිරිය
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – ඩී. ජේ. ජයමාන්න,
සහාය - ජේ. කේ. පොඩි මහත්තයා (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
රසායනාගාර කටයුතු - පී. සිවදාසන් (විජය චිත්‍රාගාරය)
රසායනාගාර සහාය - පී. මුත්තුසාමි, රන්දෙණි ජයවර්ධන, ඩේවිඩ්සන් සිල්වා, සුනිල් පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - සුනිල් දයා අල්විස්
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක

ගීත හා ගායන ශිල්පීන් -

කොහේ සිට ඔබ පැමිණියේදෝ - වික්ටර් රත්නායක - කේ. ඩී. කේ. ධර්මවර්ධන
උපුල් නුවන් වසා - නන්දා මාලිනී, ටී. එම්. ජයරත්න – බංඩාර කේ. විජේතුංග
රංචු ගැසී පංච කවඩි - ඩෙස්මන් ද සිල්වා - ධර්මසිරි ගමගේ
ගිනි සිළුවයි මම – ඉන්ද්‍රාණි පෙරේරා - ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - සූරිය

මංගල දර්ශනය – 1979. 11. 02 සැවෝයි සිනමා ශාලාවේදී චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් කාර්මික ශිල්පීන් ඇතුළු ආරාධිතයන් සමඟින් පැවැත්විණ.

නළු නිළියන් -

රවීන්ද්‍ර රන්දෙණිය (සිරිපාල රත්නසිංහ), ගීතා කුමාරසිංහ (නාලිකා), විජය කුමාරණතුංග (ගුණපාල හෙවත් පීටර්), ෆරීනාලායි (නීතා), සතිස්චන්ද්‍ර එදරිසිංහ (පාලිතරත්න), රුක්මණි දේවි (පාලිතරත්න මැතිනිය), අමරසිරි කලංසූරිය (බර්ටි), තලතා ගුණසේකර (නාටක්කා), කේ. ඒ. ඩී. සුගතපාල (සාමෙල්), පියසේන අහංගම (විලියම්), ෆර්ල් වාසුදේවි, එස්. ඒ. ජේමිස්, දෙනවක හාමිනේ, කරු නානායක්කාර, සෝමසිරි දෙහිපිටිය, වික්ටර් රත්නායක, තිලක් පුෂ්පකුමාර, එඩී අමරසිංහ
ප්‍රදර්ශනය - සැවෝයි, ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත - රත්මලාන, රීගල් - මහනුවර, පර්ල් - හලාවත ඇතුළු 4 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ඇරැඹීය.
ප්‍රදර්ශන කාලය – විජිත දින 47, ලිඩෝ දින 61, සෙයින්ස්තාන්, කුවින්ලන්, රීගල් - මහනුවර, රීගල් - මීගමුව දින 54 ක් වශයෙන් ද ප්‍රදර්ශනය විය. මුල් සිනමා ශාලා 5 කදී දින 50 සම්පූර්ණ විය.

හඳයා

තිරගත වූ දිනය – 1979 නොවැම්බර් 16
ඉදිරිපත් කිරීම - තොට වත සළරු
කතාව, තිර රචනය, දෙබස්, නාමාවලිය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ටයිටස් තොටවත්ත
කතාවේ අදහස - දමිත් තොටවත්ත
සංස්කරණය සහ නිෂ්පාදන අධිකාරී – ටයිටස් තොටවත්ත, සුජාතා තොටවත්ත
නිෂ්පාදන සහාය – නිමල් වීරසේකර, විජේදාස ගමගේ, සරත් ප්‍රේම සිල්වා
නිෂ්පාදන අනුග්‍රහය – රාජ්‍ය චිත්‍රපට සංස්ථාව, මහජන බැංකුව
සහාය අධ්‍යක්ෂණය – හරිස්චන්ද්‍ර වීරසිංහ, දයා වයමන්
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා, ඇම්. ඩී. ඇන්තනි
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නාමාවලි චිත්‍ර - කිංස්ලි ගුණතිලක
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
වේශ නිරූපණ සහාය – රන්ජිත් මතඟවීර
නිශ්චල ඡායාරූප - ලෙස්ලි අමරසිංහ
නිෂ්පාදන කළමනාකරු - හෙක්ටර් හපුගොඩ
සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, මර්වින් රුද්‍රිගු, ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු– එස්. තිරනාවුකරසු, වී. සිවදාසන්
රසායානාගාර සහාය – එම්. රාමචන්ද්‍රන්, එච්. එම්. ප්‍රේමදාස
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ගායනය – ලලිත්කුමාර් දංචුවසේකර, කැලුම් විජේසූරිය, එම්. මාහින්ගොඩ

ගීත -

සිහින ලොවේ සිට ආ හඳයා - පද රචනය - සුනිල් ආරියරත්න
කවරුද කවුරුද දැන් ලොක්කෝ - පද රචනය – අරිසෙන් අහුබුදු

ධාවන කාලය – පැය 2 විනාඩි 15
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන
මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට ප්‍රථම අනාථ ළමා නිවාසවල ළමුන් සඳහා දර්ශන වාර කිහිපයක් රට වටා පෙන්වන ලදී.
මුල්ම දර්ශනය – 1979 නොවැම්බර් 02 පෙරවරු 10.00 සැවෝයි සිනමා ශාලාවේදී අගමැති ආර්. ප්‍රේමදාස මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා චිත්‍රපටයට සම්බන්ධ සියලුම පිරිසගේ සහභාගිත්වයෙන්.

නළු නිළියන් -

ළමා - ප්‍රදීප් රොෂාන් ප්‍රනාන්දු (සේන), දර්ශන පනංගල පෙරේරා (උක්කුවා), කසුන් මධුරසිංහ (චුට්ටෙ), විරංග ඉඳුනිල් ගල්පිහිල්ල (නංගි), සංජය අබේගුණවර්ධන (ගියා), සනී නවගත්තේගම (ජිනේ), කිත්සිරි මෙවන් ජයසේන (සූප්පුවා), නිමල් කිංස්ලි විජේසිංහ (ඇන්ටා), මුදිත රණසිංහ (බෝලයා), ඒතියන් බර්ජෝ (ටොම්), සපුමල් කරුණානායක (මන්දා), ප්‍රසන්න වීරක්කොඩි, සුරේෂ් රත්නසිංහම්, නිශාන් කොඩිතුවක්කු, සුසන්ත දිද්දෙනිය, සාන්ත ද සිල්වා, මහේන්ද්‍ර පතිරණ, සදකැලුම් බණ්ඩාර, රෝහිත සමන් කුරේ, නියෝමාල් පෙරේරා

වැඩිහිටි - හෙන්රි ජයසේන (පෙරේරා මත්තයා), ජේ. එච්. ජයවර්ධන (මාර්ෂල්), ෆර්ල් වාසුදේවි (සුසි අක්කා), යූ. ආරියවිමල් (යුසුප් නානා) ජෝන් ෆයර්හුටාන් (ටොම්ගේ තාත්තා), ගාමිණී වික්‍රමනායක (කොටා), ජී. ජී. ජයවර්ධන (ගුරුතුමා), බණ්ඩාර කේ. විජේතුංග (ඩබල් කෝලම), රංජිත් යායින්න (සර්පීනු), පැන්ටලියන් ද සොයිසා (තඩි පියා), ගැමුණු විජේසූරිය (අබරන්), ජයලත් මනෝරත්න (නිවේදක), කරුණාරත්න අබේසේකර (නිවේදක), රේඛා සමරතුංග (ලැයිසා), ජී. බී. ඉලංගකෝන් (දොස්තර), අයිවන් පණ්ඩිතරත්න (විනිසුරු), පැන්ටලියන් ද සොයිසා, ගාමිණී විජේසිංහ, දයා අල්විස්

මංගල දර්ශනය – ‘හඳයා’ චිත්‍රපටයට දායක වූ සියල්ලන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 16 සවස 6.30 මැජස්ටික් සිනමා ශාලාවේදී.
ප්‍රදර්ශනය – මැජස්ටික්, ඕඩියන්, ක්‍රවුන්, මානිල්, නිව් මෙට්රෝ - නුගේගොඩ, වෙම්බ්ලි – මහනුවර, කිංග්ස් - මීගමුව ඇතුළුව 5 වන මණ්ඩයේ සිනමා ශලා 15 කදී
ප්‍රදර්ශන කාලය – මැජස්ටික් දින 26, නිව් මෙට්රෝ, වෙම්බ්ලි දින 65, මානිල් දෙමටගොඩ දින 57 ක් වශයෙන් ද පෙන්වනු ලැබීය.

හඳයා ලැබූ සම්මාන -

1980 මාර්තු 08 පැවැති සරසවිය 8 වෙනි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම සහාය නළුවා, හොඳම කැමරා ශිල්පී, හොඳම ගීත රචක යන සම්මාන දිනාගත් අතර පාඨක ඡන්දයෙන් වසරේ හොඳම චිත්‍රපට හත අතර ඡන්ද 27861 ක් ලබා ගනිමින් හය වන ස්ථානයට පත් විය.

1980 මාර්තු 30 පැවැති ඕ සී අයි සී සම්මාන උළෙලේදී, නිර්මාණශීලී අධ්‍යක්ෂණය, නිර්මාණශීලී කැමරාකරණය, නිර්මාණශීලී සංස්කරණය සහ පෙරේරාගේ චරිත නිරූපණය වෙනුවෙන් හෙන්රි ජයසේන කුසලතා අගැයුමට ලක් විය.

විශේෂතා - 1980 ඉතාලියේ ගිෆෝනි අන්තර් ජාතික ළමා හා තරුණ චිත්‍රපට උළෙලේ චිත්‍රපට 150 ක් පමණ පරදවා පළමුතැන.

නුවන් රේණු

තිරගත වූ දිනය – 1979 නොවැම්බර් 23
නිෂ්පාදනය - ෆසල් කලීල්, ෆවුස් කලීල්
අධ්‍යක්ෂණය – මිල්ටන් ජයවර්ධන
කතාව - ප්‍රභාත් කුමාර
දෙබස් සහ තිර රචනය - කේ. ඩී. නිකලස්
සහාය අධ්‍යක්ෂණය – බන්දුල පද්මකුමාර
සංස්කරණය -කාලිංග ද සිල්වා
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
කැමරා සහාය – රංජිත් පෙරේරා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර්
නිශ්චල ඡායාරූප – ජයන්ත සුමනදාස
නාමාවලිය - රැලෙක්ස් රණසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත - මේ සීත නිල්ලේ - වික්ටර් රත්නායක, ලතා වල්පොල – පද – අජන්තා රණසිංහ

සැන්දෑවේ මා හා කී දේ – මිල්ටන් මල්ලවආරච්චි – පද - ප්‍රේමකීර්ති ද අල්විස් රෑන ගිරා රෑනින් වෙන්ව ගියා - ලතා වල්පොල – පද – අජන්තා රණසිංහ

ගීත පොත් - ශාන්ති පොත්හල

නළු නිළියන් -ටෝනි රණසිංහ (නුවන්), මාලිනී ෆොන්සේකා (රේණු), සුමනා අමරසිංහ (අමිතා), ෆරිනාලායි (මානෙල්), රුක්මණී දේවි (නුවන්ගේ මව), එඩී ජූනියර් (ජයවීර), ෆර්ල් වාසුදේවි (හෙදි පාලිකාව), සුභානි ලියනගේ (රසිකා), මිල්ටන් ජයවර්ධන (දොස්තර), මර්සි එදිරිසිංහ, බී. ඇස්. පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, මියුරි සමරසිංහ, පියදාස විජේකෝන්, ආනන්ද වික්‍රමගේ, දොන් සිරිසේන, ස්ටැන්ලි ද සිල්වා

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, ඉම්පාලා, නැෂනල් - මහරගම, වේල්ස් - මහනුවර, ගැමුණු – වත්තල ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී. නොවැම්බර් 30 සිට සැවෝයි සිනමා ශාලාවේද තිරගත විය.
ප්‍රදර්ශන කාලය - සැවෝයි දින 46, ඉම්පාලා දින 59, එල්ෆින්ස්ටන්, වේල්ස්, නැෂනල් හී දින 74

විසිහතර පැය

තිරගත කළ දිනය – 1979 නොවැම්බර් 30
ඉදිරිපත් කිරීම - සාමා චිත්‍රපට
නිෂ්පාදනය – ගාමිණී එදිරිසිංහ
කතාව, තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය - ඩෙන්සිල් පී. අබේවර්ධන
කැමරා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, බන්දුල කුරේ
සංස්කරණය - ඩොනල්ඩ් කරුණාරත්න
සහාය අධ්‍යක්ෂණය – මර්වින් කළුආරච්චි
වේශ නිරූපණය - නිමල් රාජපක්ෂ, ඩෙරික් ප්‍රනාන්දු
නිෂ්පාදන අධිකාරි – ලීනස් පෙරේරා
සැකසුම - සරසවි චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන
සංගීත අධ්‍යක්ෂණය – වින්සන්ට් ප්‍රේමසිරි

ගීත හා ගායන ශිල්පීන් -

තන්හා වේගය මිනිසා ලුහුබැඳ – ඩබ්ලිව් ඩී. අමරදේව - පද – අරිසෙන් අහුබුදු
අතුරු මිතුරු දඹදිවතුරු - වික්ටර් රත්නායක, සී. ඩී. ෆොන්සේකා, ෆෙ‍්‍රඩී දිල්වා, වින්සන්ට් ප්‍රේමසිරි – පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සිකුරු තරුව හිනැහි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක – පද – කරුණාරත්න අබේසේකර
දාලා මැණික් මාලා - ජේ. ඒ. මිල්ටන් පෙරේරා - පද – කරුණාරත්න ඩී. පිලිප්
විදුලිය දිලුනද – මර්වින් පෙරේරා - පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත පොත් – ආනන්ද පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් -ජෝ අබේවික්‍රම (වින්සන්), නීටා ප්‍රනාන්දු ( සුමනා), පතිරාජ එල්. එස්. දයානන්ද (සුරවීර), දේවිකා කරුණාරත්න (සෝමා), වින්සන්ට් ප්‍රේමසිරි (සෝමසිරි), ඇන්තනි සී. පෙරේරා (සිරා), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (තාන්තු), ලයනල් දැරණියගල (අමරේ), උපාලි අත්තනායක (පොලිස් පරීක්ෂක), ආනන්ද වික්‍රමගේ (සුසන්ත), ගාමිණී ගනේගොඩ (මාටිං), රෙක්ස් කොඩිප්පිලි (තොම්සන් මුදලාලි), සෝමසිරි දෙහිපිටිය (ජෝතින්ද්‍ර මුදලාලි), සිරිල් වික්‍රමගේ (සිල්වා), යූ. ආරියවිමල් (ගලපාත), ශාන්ති ලේඛා (සුමනාගේ මව), ධර්මදාස කුරුප්පු (සුමනාගේ පියා), මහකුමාරගේ (සියදෝරිස් මාමා), දෙනවක හාමිනේ, මියුරි සමරසිංහ, එම්. එස්. ප්‍රේමේන්ද්‍ර, ධර්මදාස අළුත්ගොඩ, ෆර්ල් වාසුදේවි, සුසිලා කූරගම, රංජිත් පෙරේරා, මෝතිලාල් ගුණසේකර, ජයන්ත සෙල්ලහේවා, ෆ‍්‍රැන්සිස් වන්නිආරච්චි

ප්‍රදර්ශනය – ගාමිණී, ෆ්ලාසා, අනූෂා - මහරගම, ඕඩියන් – මහනුවර, රාජ් – මීගමුව, සමුද්‍රා - වත්තල, චිත්‍රා - කළුතර ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – අනූෂා - මහරගම දින 40, ගාමිණී සහ ෆ්ලාසා හි දින 54 ක්