වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




Feedback

Feedback
 

එම්. එස්. අමරණීයයි

සිනමාවට උචිත ගායකයකු වූ ජෝතිපාලයන් වගේම එම යුගයේ ජනප්‍රිය ගායකයකු සහ සිනමා නළුවකු වශයෙන් ද දක්ෂතා පෙන් වූ එම්. එස්. ප්‍රනාන්දු අප කා අතරෙත් ජනප්‍රිය ශිල්පියකි. ඔහුගේ ඇතැම් ගීත දෙස අවධානය යොමු කිරීමේදී බයිලා ගායකයකු ලෙස ජනප්‍රිය වුවත්, ගීතවලට හොඳ පද මාලාවන් තෝරා ගෙන ඇති ශිල්පියකු බව පෙනේ.

ප්‍රසංග වේදිකාවේ අද වන විට පිනුම් ගසන ගායකයන් සිටිය ද ඔහු එදා ගායනය සමඟ ඉදිරිපත් කළ රංගනය අප මතකයට නැඟේ. මක්නිසාද එම්. එස්. හුදෙක්ම බයිලා ගායකයකු නොවන හෙයිනි.

ප්‍රභාත් රාජපක්ෂ- නාවලපිටිය.

ජාතික රූපවාහිනියට ප්‍රණාම

ඔෂීන් ටෙලි වෘතාන්තයට,

මෙය මවකගේ අසීමිත ආදරය, ධෛර්යය, මනුෂ්‍යත්වය, දරු සෙනෙහස, ආත්ම විශ්වාසය ඉතා ගැඹුරු අන්දමින් පිළිබිඹු වන ඉතාම ජනප්‍රිය විදෙස් ටෙලි නාට්‍යයකි. ඔෂීන්, බාල, මහළු රසික රසිකාවන් එය නරඹන්නේ ඉතා කුතුහලයෙනි.

මෙවැනි අර්ථවත් දේ ගෙනෙන රූපවාහිනී සංස්ථාවට අපගේ ප්‍රණාමය.

ක්ලෝඩ් ද ලිවේරා, නාලනී ද ලිිවේරා

මීගමුව..

ඔබ අමිලය

ධර්මසිරි
ගමගේ සූරීන්ට
හෙළ දෙරණේ
කවි මල් කැකුළු
පිපුණේ සොඳුරු ලෙස
ඔබ හින්දයි සබඳ
සාහිත්‍ය ලොවට
ඔබ කළ සේවය
අමිලය, සදාකාලිකය

හේමන්ති ගාර්දියවසම්

කටුගස්තොට

චන්ද්‍රා වයමන් සමරමු

එදා රේඛාව චිත්‍රපටයේ ගුරුවරියගේ චරිතය රඟපාමින් ගීත රචිකාවියකු ද වූ ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් වශයෙන් ද කටයුතුª කළ චන්ද්‍රා වයමන් අපෙන් සමුගෙන මේ වන විට දහහත් වසරකි. ඇයව සිහිපත් කිරීමකි මේ.

ඇම්. ඩී. විල්ෆ‍්‍රඩ්

කට්ටුව, මීගමුව.

පියවි අනර්ඝයි

ස්වර්ණවාහිනියෙන් විකාශය වන චාමර පීරිස්ගේ පියවි ටෙලි නාට්‍ය ඉතා ආශාවෙන් නැරැඹිය හැකි ටෙලි වෘතාන්තයකි. හරවත් බවින් තොර ආදර අන්දර කතාවලට පමණක් සීමා වී තිබෙන ටෙලි නාට්‍යයන් අතර වෙනස් මගක යමින් නව නිර්මාණයක් ගෙන ඒම පැසසිය යුතුයි. එම නිර්මාණයේ සාර්ථකත්වය බෙහෙවින් බලපාන්නේ චරිතයට සුදුසු රංගන ශිල්පීන් යොදා ගැනීම මෙන්ම සංවේදීව රංගනයේ යෙදීමට ඔවුනට හැකිවීමත්ය.

ධර්මා ඒකනායක - මාතලේ.
 

ස්වාධීන රූපවාහිනියට ස්තුතියි

ස්වාධීන රූපවාහිනී සේවයෙහි විකාශය වූ අතිශය ජනප්‍රිය බොඳ මීදුම් ටෙලි නාට්‍ය යළිත් වරක් එම සේවය මඟින්ම දිනපතා උදේ වරුවේ විෂකාශය කිරීම ගැන මාගේ බලවත් සතුට සමඟ ස්තුතිය ස්වාධීන රූපවාහිනියට පුද කර සිටිමි.

තිලකරත්න විල්වල

කෑගල්ල.
 


S.M.S.

වික්ටර් රත්නායකගේ සහ නන්දා මාලිනීගේ ගී වලට සවන් දීම භාවනාවක් කිරිම හා සමානය.

මනෝජ් වින්දන - පන්නිපිටිය.

රන්ජන් සදාකල් ඔබ තමයි අපේ ජනප්‍රිය නළුවා.

විරාජ්

නිකවැරටිය.

තරු පිරි අහසෙහි චිලී හොඳට රඟපානවා.

උදේශ්

මිනුවන්ගොඩ

දෙරණ ෆිල්ම් අවෝඩ් හි හොඳම නළුවා වූ පුබුදුට දිගු ගමනකට සුබපැතුම්.

චානි - ගාල්ල.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍ය අතර හොඳ ඒවාට ඇත්තේ කෝපි කඩේ, පරණ ටවුම, අලුත් ගෙදර පමණි.

රුවන් -රත්නපුර.

රොෂාන් ප්‍රනාන්දුගේ ඔයා නිසා සිත හඬලා ගීතය හරිම තාත්ත්විකයි. අප ඔබ ඇතුළු ෆ්ලෑෂ් බෑක් ගෲප් එකට හරිම කැමැතියි.

කවුෂි

රුවන්වැල්ල.

විශ්වනාත් කොඩිකාර අමාහි රැඟූ හිරු චරිතය හිරු මෙන් ප්‍රබලය.

කරුණාරත්න - කන්නිමහර.

චාමර වීරසිංහගේ අලුත් ඇල්බම් එකක් එනතුරු අපි මග බලාගෙන ඉන්නවා. ඒ වගේම ඔහුගේ ‘ප්‍රේමය පුද දී අවසානයි’ ගීතය සදාකාලික ගීතයකි.

දිනේෂ් ප්‍රියංකර - මීගමුව.

රිදී සිත්තම් ටෙලි සිතුවමේ ගයන්තගේ ගායනයත්, රංගනයත් අනර්ඝයි.

හෂිනි රසාංගි-

කළුතර.

ඔබේ පවුලෙන් ලද කලා කුසලතාවයන් තවත් ඔප කරමින් රංගනයෙන්, ගායනයෙන්, නිවේදනයෙන් දක්ෂකම් පාන සාරංග දිසාසේකරට ජයෙන් ජය වේවා.

ප්‍රියන්ත සේනාධීර

කඩුවෙල.

නදීෂා හේමමාලිව මට දවසක් හම්බ වුණා. එයා හොඳින් මගෙත් එක්ක කතා කළා. ඇය හොඳ ගතිගුණ ඇත්තියක්.

තාරිකා වරකාගොඩ

යුරේනි නොෂිකාගේ අපූරු හැඩරුව පුංචි තිරයට ආඩම්බරයකි.

ඉෂාන් මධුකා

ඉඹුල්ගොඩ.

ඕලු (මංජුලා කුමාරි) අලුත් කතාවක දකින්නට ආසයි.

තිලිණි

කිරිඳිවැල.

තූර්යා ටෙලි සිතුවම ධනුක අයියා නිසා ගොඩක් පිරුණු ගතියක් තියනවා.

ශාලිකා

වලස්මුල්ල.

ජගත් මනුවර්ණ කාලයකට පසු බිහි වූ හොඳ නළුවෙකි.

දේවිකා

රුක්මල්ගම.

ස්වර්ණවාහිනියෙන් විකාශය වන සේපාලිකා ටෙලි නාට්‍යය ඉතාමත් සාර්ථක නිර්මාණයකි. එයට රංගනයෙන් දායක වන සියලුම නළු නිළියන්ට දේව ආශිර්වාදය ලැබේවා.

සිසිර විජේසූරිය

වත්තල.

කාලයට අමතක වූ නැවුම් හඬක් ඇති ගායන ශිල්පී හෙලන් අත්තනායකගේ ගීත නැවත අපිට වුවමනායි. ඔබේ හඬ තවමත් ලස්සනයි.

චතුරංග සම්පත්

තුන්තැන්න.

ඔබ එවූ කෙටි පණිවුඩ ප්‍රතිචාරවලින් 0757413731 යන අංකය හිමි දුරකථනය පිරී ඉතිරී ගොසිනි. ඒ තරමටම ඔබ ඊට හුරු වී ඇත.

අප යොවුන් පාඨකයන් මෙන්ම පැරැණි පාඨකයන් ද කෙටි පණිවුඩ ඔස්සේ ප්‍රතිචාර පිටුව හා එක්ව සිටීම සතුටකි.

0757413731 යන දුරකතන අංකයට ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව එවිය හැකියි.

ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්,
කොළඹ 10

මේ ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන්පත් වෙනුවෙනි.