වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -81

සිංහල සිනමා විස්තරය -81

‘ජනක සහ මංජු’

තිරගත වූ දිනය – 1978 ජනවාරි 27

ඉදිරිපත් කිරීම - කේ. ඒ. ඩබ්ලිව්. චිත්‍රපට

නිෂ්පාදනය, කතාව, තිර රචනයහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

නිෂ්පාදන විධායකයෝ - ටී. ඒ. පෙරේරා මහත්මිය, තමරා චන්දිමාලි, නයනානන්ද චන්ද්‍රකුමාර

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

සහාය අධ්‍යක්ෂණය සහ දෙබස් රචනය - සුසිර රත්නකුමාර

සංස්කරණය – එම්. ඒ. රූපසේන

සහාය – එල්මෝ හැලිඩේ, ජෝකින් අප්පුහාමි

වේශ නිරූපණය – බෙනට් ජයතුංග

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

සහාය ශබ්ද පරිපාලනය – එච්. සැන්ට් ජෝන්, එච්. හරිහරන්

රසායනාගාර සහාය – එස්. කමල්ඩීන්, එස්. එන්. සමරසිංහ, ඒ. ඩබ්ලිව්. එස්. පොන්නයියා

නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා

නිෂ්පාදන පරිපාලක - ෂෙල්ටන් පෙරේරා

නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත -

ලෝකේ ජීවත් වන්නට – ක්ලැරැන්ස් විජේවර්ධන, ලතා වල්පොල – ධර්මසිරි ගමගේ

කෝ මා පැතූ - ටී. එම්. ජයරත්න – රංජිත් වීරසිංහ

සීත මෝසම් ගීත නාදෙන් – එච්. ආර්. ජෝතිපාල – ධර්මසිරි ගමගේ

මේ ගී එදා ඇගේ – ඩබ්ලිව්. ඩී. අමරදේව - අජන්තා රණසිංහ

සුවඳක් දැනේවි හදේහි – ක්ලැරැන්ස් විජේවර්ධන – ධර්මසිරි ගමගේ

ගීත පොත්- ශාන්ති පොත්හල, මරදාන

ගීත තැටි – ජෙම්ටෝන්

නළු නිළියන් -

ජයන්ත දාස් පෙරේරා (ජනක), ගෝතමී පතිරාජ (මංජු), උපාලි අත්තනායක, සෝනියා දිසානායක, හර්බට් අමරවික්‍රම, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, සම්පත් ශ්‍රී නන්දලෝචන, උදය දිසානායක, තලතා ගුණසේකර, ඩී. ආර්. නානායක්කාර, පියදාස ගුණසේකර, දෙනවක හාමිනේ, කරු දිසානායක, කරුණාරත්න පතිරාජ, හැරී විමලසේන, ශ්‍රීී කාන්ති ෆොන්සේකා, ජී. එම්. ස්ටැන්ලි පෙරේරා

ප්‍රදර්ශනය - සැවෝයි, ලිඩෝ, ක්‍රවුන්, විජිත ඇතුළු හතරවන ප්‍රදර්ශක මණ්ඩලයේ

ප්‍රදර්ශන කාලය - සැවෝයි දින 61, ක්‍රවුන් දින 62, ලිඩෝ දින 81 ක්

මගේ රන් පුතා

තිරගත වූ දිනය – 1978 පෙබරවාරි 17

ඉදිරිපත් කිරීම – මිථුන – චිත්‍රපට

කතාව, තිරනාටකය, දෙබස් සහ නිෂ්පාදනය – එම්. සමුන් කුමාර්

අධ්‍යක්‍ෂණය – එම්. වී. බාලන්

කැමරා අධ්‍යක්‍ෂණය – වී. වාමදේවන්

සහාය අධ්‍යක්‍ෂණය - ෂෙල්ටන් පෙරේරා

සංස්කරණය – එම්. පී. රූපසේන

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්‍ෂණය, සහ නාමාවලිය – ඒ. ජේ. වින්සන්ට්

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

සංගීත අධ්‍යක්‍ෂණය - සිසිර සේනාරත්න

ගීත ප්‍රබන්ධය – අරිසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, හර්බට් එම්. සෙනෙවිරත්න

ගීත සංඛ්‍යාව - 06

ගීත

අනුරාගි අපාර අහසේ - වික්ටර් රත්නායක/ ඉන්ද්‍රාණි සේනාරත්න (ප්‍රේමකීර්ති ද අල්විස් )

ආවාදෝ තුරුණු වසන්තේ – ඉන්ද්‍රාණි සේනාරත්න

කෝ යුක්ති ධර්මෙ - සිසිර සේනාරත්න

සැනසේවා - සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න, සනත් නන්දසිරි

සඳපායා - සුජාතා අත්තනායක, සිසිර සේනාරත්න

ජීවිතේ මේ සැපදේ – ලයනල් සේනාරත්න

ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

නළු නිළියන් - රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, සමන් කුමාර්, රෙක්ස් කොඩිප්පිලි, බැප්ටිස් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, බී.ඇස්. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, චන්දි රසිකා, රීටා රත්නායක, ගොඩ්ප්‍රි බර්තලමියුස්.

මංගල දර්ශනය – ක්‍රීඩා හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති වින්සන්ට් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව අශෝකා සිනමා ශාලාවේ දී පැවැත්විණ

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 17 ක දී ප්‍රදර්ශනය ඇරැඹීය.

ප්‍රදර්ශන කාලය - රොක්සි - දින 13, අශෝකා - දින 15, රිට්ස් - දින 21 ක් තිරගත වූ අතර අනෙක් සිනමා ශාලා දින 11ක් විය.

විස්මය

තිරගත වූ දිනය – 1978 මාරතු 10

ඉදිරිපත් කිරීම - එච්. ඇස්. සී. ෆිල්ම්ස්

නිෂ්පාදනය – ඒ. එම්. සේනානායක, මලිය ජයසිංහ

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය - ජේ. කේ. චාල්ස් පෙරේරා

සහාය අධ්‍යක්‍ෂණය – ඒ. ජේ. ද. සොයිසා

කැමරා අධ්‍යක්‍ෂණය හා සංස්කරණය – ඩිල්මන් ජයරත්න

සහාය කැමරා සහ සංස්කරණය – නිමල් පෙරේරා, ඩබ්ලිව්. සිල්වා

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි

නැටුම් අධ්‍යක්‍ෂණය – චන්ද්‍රකලා රංගනාත්

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි සහාය පුංචිහේවා

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත

එරුණු කිරෙන් බර ළමැදේ – වික්ටර් රත්නායක, සනත් නන්දසිරි (සෝමපාල ලීලානන්ද)

සංසාරයේ සංසාරයේ - ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලනී (සෝමපාල ලීලානන්ද)

ලස්සන නම් නෑ පෙනෙන්නේ - සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)

සමබර සමගුණ ගුවනයි - සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)

අමුතු අමුතු අරුණළු මල් - සනත් නන්දසිරි (ඩෝල්ටන් අල්විස්)

බඹරිඳු රොන්සුනු ලොල් - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (කේ. ඩී. කේ. ධර්මවර්ධන)

ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන

නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ

නළු නිළියන් – විජය කුමාරණතුංග (ජනක) මාලිනී ෆොන්සේකා (නීතා) පියදාස ගුණසේකර (රාළහාමි) ඩී. ආර්. නානායක්කාර (අලි මාමා) ශාන්ති ලේඛා, දොන් සිරිසේන, වොලී නානායක්කාර, දෙනවක හාමිනේ, චිත්‍රා වාකිස්ට, පියදාස විජේකෝන්, ජෝර්ජ් මිල්ටන්, ඒ. ඩී. ඩබ්ලිව්. රත්නායක, ලතා ඔගස්ටින්, බේබි අනෝමා රාජකරුණා, ලතා අබේවර්ධන, ධම්මික ශාන්ත පෙරේරා, වේහැල්ලේ පියතිලක, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, සරණපාල සූරියආරච්චි

මංගල දර්ශනය – ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 1978. 03. 10 සවස 6.00 ට කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේ දී පැවැත්විණ

ප්‍රදර්ශනය – ලිබර්ටි, ගාමිණී, සැපයර් ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී.

ප්‍රදර්ශන කාලය – ලිබර්ටි, සැපයර්, දින 19, ගාමිණී දින 26, සෙයින්ස්තාන් දින 33 වශයෙන් තිරගත විය.

ගැහැනු ළමයි

තිරගත වූ දිනය – 1978 මාර්තු 17

ඉදිරිපත් කිරීම - ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට සමාගම

තිර රචනය, සංස්කරණය සහ අධ්‍යක්‍ෂණය - සුමිත්‍රා පීරිස්

කෘත්‍යාධිකාරී නිෂ්පාදක – ඊ. ඇන්තනි පිල්ලේ

කතාව සහ දෙබස් - කරුණාසේන ජයලත් (ගැහැනු ළමයි නව කතාව ඇසුරිනි)

කැමරා අධ්‍යක්‍ෂණය – එම්. එස්. ආනන්දන්

කැමරා සහාය – මර්සලින් පෙරේරා, සෝමපාල ධර්මප්‍රිය, එච්. ඒ. ප්‍රේමසිරි

සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, ලාල් පියසේන

සහාය අධ්‍යක්‍ෂණය – වී. උපාලි පෙරේරා, රාජ් පෙරේරා

කලා අධ්‍යක්‍ෂණය – ධර්මසේන හේමපාල

කලා සහාය – එරල් කෙලී

වේශ නිරූපණය – හිල්ටන් මෙන්ඩිස්

සහාය - දයාරත්න රටගෙදර

සැකසුම – විජය චිත්‍රාගාරය

සංගීතය පටිගත කිරීම සහ නාද සංයෝජනය – එස්. සාරංගරාජා (විජය චිත්‍රාගාරය)

සහාය - ශ්‍රී ලාල් වීරසිංහ

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)

දෙබස් පටිගත කිරීම – එච්. හරිහරන් (ලංකා චිත්‍රාගාරය)

නිෂ්පාදන කළමනාකරු - ජෙරාඩ් ප්‍රනාන්දු

නිෂ්චල ඡායාරූප - බෝධි විජයසිංහ

විදුලි ආලෝකය – යාපා ජයවර්ධන, සුනිල් කස්තුරි ආරච්චි, එච්. ඒ. ප්‍රේමසිරි විදුලි කාර්මික, බාහිර ශබ්ද - කේ. ඒ. ධර්මසේන

නාමාවලිය හා චිත්‍ර සැකසුම - සෝමසිරි හේරත්

සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු

සංගීත අධ්‍යක්‍ෂණය – නිමල් මෙන්ඩිස්

ගීත සංඛ්‍යාව - 02

ගීත – වියෝ ගී ගැයෙනා - නීලා වික්‍රමසිංහ

(සුනිල් ආරියරත්න) (සංගීත සංයෝජනය - ප්‍රේමලාල් දන්වත්ත)

ගැහැනු ළමයිනේ – වික්ටර් රත්නායක (ජේ. ඒ. කැමිලස් පෙරේරා)

ධාවන කාලය – පැය 2 විනාඩි 15

මංගල දර්ශනය – 1978 මාර්තු 17 සවස 6.00 ට මැජෙස්ටික් සිනමා ශාලාවේ දී

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, රිට්ස්, අශෝකා ඇතුළු තුන්වන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ඇරඹීය

ප්‍රදර්ශන කාලය – මැජෙස්ටික් දින – 41, අශෝකා දින 53, රොක්සි දින 55, රිට්ස් දින 68 ක් වශයෙන් ද ප්‍රදර්ශනය විය.

නළු නිළියන්

වසන්ති චතුරානි (කුසුම් ලියනගේ) අවස්ථා තුනකි (දන්තලා වීරසිංහ, අචලා වීරසිංහ), ජෙනිටා සමරවීර (සෝමා) අවස්ථා තුනකි (ඉනෝකා අමරසේන, තනෝජා දිල්හානි), අජිත් ජිනදාස, (නිමල් සතුරුසිංහ), ශ්‍යාමා ආනන්දන් (පද්මිණී), දමයන්ති ජයසූරුය (විජේලතා), පද්මසේන අතුකෝරළ (කිත්සිරි), නිමල් දයාරත්න (ගුණපාල), සිරිල් කොලාවල (ජයසේකර), නිමල් ගුණරත්න (විමල්), ජයන්ති රුද්‍රිගු (කාන්ති), ට්‍රිලීෂියා ගුණවර්ධන (ජේන්නෝනා), සේනක පෙරේරා (කරෝලිස්), චිත්‍රා වාකිස්ට (කමලාවතී නැන්දා), ලොයිඩ් වාකිස්ට ( නිමල් ගේ පියා), ජෝ අබේවික්‍රම (වෙදරාළ), සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ඩැනිස්ටර් අයි. ප්‍රනාන්දු, නිහාල් රාජකරුණා, තිලකා කස්කුරිආරච්චි, නිර්මලා පෙරේරා, තිස්ස රුවන් සිල්වා, රුවන් විජේසිංහ, ජයරුවන් විජේරත්න, ඉන්ද්‍රාණි අබේවර්ධන, දමයන්ති පට්ටිආරච්චි, ගයත්‍රි පට්ටිආරච්චි, ගයානි මාරසිංහ, රජිව් ගුණවර්ධන, ශාමික ගුණවර්ධන, පුන්ණක ගුණවර්ධන, කැතරින් පෙරේරා, සුසිලා පෙරේරා, මෙරිල් සොයිසා, දමාලි ජයතිලක, සෝමවීර චන්ද්‍රසිරි.

විශේෂතා -

චිත්‍රපටය මිල දී ගත් විදේශ රටවල් - ඉන්දියාව, චෙකෝස්ලෝවැකියාව, මොසැම්බික්, යුගෝස්ලෝවියාව, ටියුනීසියාව, මැලේසියාව, ඉරානය

ඉදිරිපත් කළ විදේශ සම්මාන උළෙල – ජර්මනියේ ‘මෑන්හයිට්’ උළෙල, ඉන්දියාවේ මදුරාසි චිත්‍රපට උළෙල, ටියුනීසියාවේ ‘කාටාන්’ චිත්‍රපට උළෙල, ඔස්ට්‍රේලියාව සහ ලන්ඩන් චිත්‍රපට උළෙල නියෝජනය විය.

ලැබූ සම්මාන – 1979 වසරේ පැවැති සිග්නීස්ර්‍ණඛ්ධ්ඛ්උත්තමාචාර උළෙලේ දී, නිර්මාණශීලී අධ්‍යක්‍ෂණය කුසලතා සහතිකය (සුමිත්‍රා පීරිස්), හොඳම නිළිය සම්මානය වසන්ති චතුරානි), සජීවි සිනමාත්මක කුසලතා සහභාගීත්වය (ශ්‍යාමා ආනන්දන්) යන සම්මාන දිනා ගනු ලැබීය.