වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඉඳු මිණි සර’ ප්‍රසංගය හෙට ආනන්ද විද්‍යාලයේ

‘ඉඳු මිණි සර’ ප්‍රසංගය හෙට ආනන්ද විද්‍යාලයේ

පළාත් පාලන ඉංජිනේරු සංගමය ප්‍රථම වරට ඉදිරිපත් කරන ‘ඉඳු මිණි සර’ සංගීත ප්‍රසංගය හෙට (5 වැනිදා) පස්වරු 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

ගීත කෝකිලාවිය ලතා වල්පොල, විශාරද එඩ්වඩ් ජයකොඩි, ඉෂාක් බෙග් සමඟ දයාන් විතාරණ ගී ගයන මේ ප්‍රසංගයේ සංගීතය යුද හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම මෙහෙයවයි. කථනය කැළුම් ශ්‍රීමාල්ගෙනි.

හරීන්ද්‍ර ජයලාල් ගෙන් කෘති දෙකක්

රූපවාහිනී මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් විසින් රචනා කරන ලද කෘති දෙකක් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි.

එහි පළමු වැන්න ‘ආකර්ශනීය ලෙස කතා කිරීමේ සහ කථා පැවැත්වීමේ ක්‍රම’ නම් කෘතියේ නිවැරදිව, නිරවුල්ව, නිර්මාණාත්මකව සහ ආකර්ශනීය ලෙස කථා කිරීම සහ කතා පැවැත්වීමට පුහුණු වීමට අපේක්‍ෂා කරන, සමාජයේ සියලු තරාතිරමේ මෙන්ම විවිධ වයස් මට්ටම්වල පිරිස් ඉලක්ක කර රචනා කර තිබේ.

අ.පො. ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග මෙන්ම විශ්ව විද්‍යාල සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසුන් ඉලක්ක කර රචිත අනෙක් කෘතිය ‘සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය’ නමින් එළි දක්වා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගෙන සිටින හරීන්ද්‍ර සම්මාන ලාභී රූපවාහිනී නිවේදකයෙකි. මෙම කෘති දෙකම ඔහුගේ ‘ඕඥඵබ මධඪජඥ’ප්‍රකාශන ආයතනය මඟින් එළිදක්වා තිබේ.

නාලනී තල්පිටිය ගේ රන්පත් ඉරු 10 දා දොරට වඩී

නව පරපුරේ කිවිඳියක වන නාලිනී තල්පිටිය ගේ කවි ගී රචනා නිර්මාණ තුන්සියයක් රැගත් පොත් ත්‍රිත්වයක් ‘රන්පත් ඉරු’ නමින් ලබන 10 වැනි දා සවස 3.00 ට ටොරින්ටන් හි පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී දොරට වැඩීමට නියමිතය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය අජන්තා රණසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, නිහාල් ජිනසේන ගේ කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත අතර නාලිනී තල්පිටිය ගේ නව ගීත රචනා ඇතුළත් සරල ගීතාවලියක් ද පැවැත්වේ. මෙම කෘති දොරට වැඩීමේ උළෙල මෙහෙයවීම වසන්ත රෝහණ විසිනි.