වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

ටොම් පචයා

ගැ - හදේ ප්‍රේම ආශා ඔයාටයි පිදෙන්නේ
සඳේ මාළිගාවෙන් කුමාරයා වඩින්නේ

පි - හැගුම් තාරකා මල් පිපීලා දිලෙන්නේ
නුරා දෑස ආලේ කතාවයි කියන්නේ

ගැ - සරාගී සමීරේ සෙනේහෙන් බැඳිලා
ඔබෙන් පෙම් සුසුම් රැල් ගෙනේ
මා සොයාලා

පි - රැයේ සීත යාමේ ඔබේ පෙම් කුරුල්ලා
පියඹා ඇවිල්ලා බැඳී ආදරේ

ගැ - අමාවයි ලැබෙන්නේ ඔයාගේ තුරුල්ලේ
හදේ දේවතාවා ඔබයි
පෙම් සඳැල්ලේ

පි - සෙනේහේ පිපාසේ ඔබෙන් සන් සිඳීයේ
විලාසී විලාසේ බැඳී ආදරේ

රචනය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය වික්ටර් දළුගම
ගායනය එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක
අධ්‍යක්ෂණය රෝයි ද සිල්වා ස්ටැන්ලි පෙරේරා