වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීතය මගේ ජීවිතයයි

සංගීතය මගේ ජීවිතයයි

කඳුළු පුරවන්නෙපා සමඟ පෑයූ සම්පත් ඔහුට ගායන හැකියාව ලැබෙන්නේ සහජයෙන්මයි.

පාසල් කාලයේදී සෞන්දර්ය විෂයක් ලෙස සංගීතය හැදෑරූ ඔහුගේ විනෝදාංශය වුණෙත් සංගිතයම තමයි.

සම්පත් අකලංක මේ වන විටත් ගීත නිර්මාණ කීපයක් නිර්මාණය කර අවසන්. සම්පත් ගායනා කරන ‘කඳුළු පුරවන්නෙපා’ ගීතය මේ වන විටත් ඔබ සවනට හුරුපුරුදු ඇති.

ඔබ මුලින්ම සංගීත ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන සඳහන් කරමු?

පොඩි කාලෙ ඉඳලම සංගීතයට මගේ විශේෂ ලැදිකමක් තිබුණා. පාසල් කාලයේදී සමස්ත ලංකා ජන ගායනා තරඟවලටත් ඉදිරිපත් වුණා. පාසල් අධ්‍යාපනය හමාර කිරීමත් සමඟම සංගීත කණ්ඩායමක් සමඟ සම්බන්ධ වෙලා කටයුතුª කරන්න අවස්ථාව ලැබුණා. එහි ඔක්ටපෑඩ් වාදක ශිල්පියෙක් ලෙස තමයි මම කටයුතු කළේ. මීට වසර කීපයකට පෙර මම එයින් ඉවත් වුණා. ඒ කාලයේදී අජිත් කියල මගේ යාළුවෙක් මාව ගිහාන් නිෂාන්ට හදුන්වා දුන්නා. මගේ හැකියාව බලලා ඔහු තමයි මේ ගීත මට ලබා දුන්නේ.

සම්පත් ඉදිරියේදී එළි දක්වන්නට සූදානම් වන ගීත නිර්මාණ ඇති නේද?

ඔව්. මම මුලින්ම කළ නිර්මාණය තමයි ‘කඳුළු පුරවන්නෙපා’ ගීතය. එහි ගී පද මෙලාන් ඉඳුනිල්ගේ. සංගීතය ගිහාන් නිෂාන්ගෙන්. මගේ මීළඟ ගීතය ‘තටු ගහන්නෙ පැන යන්නද කිරිල්ලි’. ළඟදීම ඒ සඳහා වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නවතම ගීත සමගින් ඉදිරියේදී ගීත තැටියක් කරන්නත් සූදානම් වෙනවා. මේ හැම දේම සමගින් ඉහළටම යන්න තමයි මගේ බලාපොරොත්තුව.

අවසාන වශයෙන් ඔබ කියන්නේ?

සංගීත ක්ෂේත්‍රයේ මේ දක්වා දුරක් එන්න උපකාර කළ හැමෝටම මම ස්තුති කරනවා. මගේ අම්මා, තාත්තා, බිරිඳ මේ හැම දෙනාගෙන්ම විශාල සහයෝගයක් වගේම යාළු මිත්‍රයන්ගේ ප්‍රතිචාර මා දිරිමත් කරනවා. මගේ පාසල් කාලයේදී සංගීත ගුරුවරුන් වූ විනිෆ‍්‍රිඩා ගුරුතුමියත් ධම්ම ජයසේකර ගුරුතුමා සහ මෙලාන්, ගිහාන් විශේෂයෙන් සිහිපත් කරනවා. මගේ ගීත ප්‍රචාරය කරන ගුවන් විදුලි නාලිකා වගේම මේ අවස්ථාව ලබා දුන් සරසවියටත් ගොඩාක් ස්තුතියි. 0712627052 – සම්පත් අකලංක.