වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

කලාකරුවකුගේ හෝ කලා නිර්මාණයක හොඳම විචරකයා වනුයේ ප්‍රේක්ෂක ඔබය. ඔවුන්ගේ හෝ ඒවායේ අඩුලුහුඬුකම් මෙන්ම ගුණාත්මකභාවය ගැන ඔබ දරන මතයන් විවිධාකාරය. ඒ තීන්දු තීරණ සහ අගය කිරීම්වලට ප්‍රතිචාර තීරයේ දොරටු නිබඳව විවෘතව පවතී. 0757413731 යන දුරකතන අංකයන්ට ක්ෂණිකව ඒවා කෙටි පණිවුඩ අයුරින් එවිය හැකිය. එහෙමත් නැත්නම් ‘ප්‍රතිචාර’ සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට තැපැල් හෝ සටහන් පත් එවීමට පුළුවන.

ළමා ගායකයන්ට ළමා ගීත දෙන්න

අද ලංකාවේ මාධ්‍ය ආයතන තරගයට රියැලිටි සංගීත වැඩ සටහන් පවත්වති. එම තරඟ සඳහා ළමා ගායක / ගායිකාවන් තෝරා ගැනීම ගැන මා තුළ විරෝධයක් නැතත්, එම වැඩ සටහන්වලට ඉදිරිපත් වන පුංචි දරුවන් ඔවුනට කිසිසේත්ම නොගැළපෙන ගීත ගයනු ලබයි. එම ගීත දරුවන්ගේ මව්පියන් තෝරා දෙනවාද තරග සංවිධායකවරුන් තෝරා දෙනාවද යන්න ගැටලුවකි. කවුරුන් කළත් එය කනගාටුදායක තත්ත්වයකි. අපිිට කොතරම් ළමා ගී ඇතිද, ඇයි එම ගීත ඔවුනට ගැයීමට සලස්වන්නේ නැත්තේ. ඉදිරියේදීවත් මෙම වාතාවරණය උඩු යටිකුරු වනවා නම් කොතරම් හොඳද? එවිට දරුවන්, දරුවන් විලස අපිට දකින්නට හැකි වනු ඇත.

බෙග් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරන්න

අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන් වැඩිපුරම ගායනා කොට ඇත්තේ බොදු බැති ගීතය. බුද්ධං සරණං ගච්චාමි, දුකිනි බරිණි මිරිකී, සකල සතම බොදු බැතියෙන්, බුදුන්ගේ අමා ධර්මේ වැනි ගීත ඉන් කිහිපයකි. මේ ගීත හුදෙක් ගායනා කිරීම් නොව බොදු සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් නංවාලන, හදවතටම ආමන්ත්‍රනණය කරමින් ගයන ලද ගීතය. ඔහු කළ මෙහෙවරට බෙග් මාස්ටර් නමින් මාවතක් නම් කරනවා නම් හෝ සමරු මුද්දරයක් නිකුත් කරන්නේ නම් මැනවි.

ජයම්පති නවරත්න- මහ වීදිය, මාතලේ.

සෝමලතා සුබසිංහට සුබපැතුම්

අප රටේ සිටින ජ්‍යෙෂ්ඨ කලාකාරිණියක වන සෝමලතා සුබසිංහ මහත්මිය විසින් නිර්මාණය කළ විකෘති නාට්‍යයෙහි තෙවැනි දශකය අගයමින් ‘ගමේ දරුවෝ’ පේරාදෙණියේ සරසවි මිතුරෝ සංවිධානය කළ සෝමලතා සුබසිංහ අභිනන්දන උළෙල සැමටම ආදර්ශයකි.

කැලණියේ - දයාරත්න

ගනේගොඩ

තිලකසිරි ප්‍රනාන්දු අමතක වෙලාද?

ජනප්‍රිය ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ ‘එන්න මද නළේ ගොස් පවසන්න දුක මගේ’ ගීය මැනවින් ගයා ජනප්‍රිය වූ පානදුරේ තිලකසිරි ප්‍රනාන්දු ගායකයාණන් සහ සංගීතඥයා ගැන කාගේත් මතකයක් නැති බව පෙනේ.

හින්දි තනුවලට මෙරට ගායක ගායිකාවන් ගී ගැයූ යුගයක ස්වතන්ත්‍ර තනු නිර්මාණය කොට ඇතැම් පද රචනා තමා විසින්ම යොදා ගීත රැසක් ඔහු ගුවන් විදුලියෙන් ප්‍රචලිත කළේය. විශේෂයෙන් ළමා ගීත තුළින් දරුවන්ගේ කුසලතා මනා සේ හඳුනාගෙන ඔවුන් පුහුණු කර ගුවන් විදුලියේ දක්ෂ ළමා ගායක ගායිකාවන් රැසක් බිහි කළ ඔහු සංගීත ලෝකයට අනුපමේය සේවයක් කිරීමට සමත් වූවේය. තිලකසිරිගේ රසවත් සංගීත නිර්මාණ රාශියක් ඇතත් ඒවා අද ප්‍රචාරය නොවීම ඉතා සාපරාධීය.

රෝලන්ඩ් ද සොයිසා - රත්මලාන

ඇනස්ලිට සුබපැතුම්

මංගෝ කළු නැන්දේ, රෝස මලේ නටුවෙ කටු, මාමේ අපෙ කළු මාමේ, රුවන්පුරය අපේ ගම තමයි, වන බඹරෝ, උඩරට නිළිය හැඩ අගෙයි,

ඇනස්ලි මාලේවන ගායනවේදියාණෙනි, ඔබ මෙරට අමරණීය චරිතයකි.

ගීතනාත් කළුබෝවිල

මිහිඳුපුර

මාස්ටර් ආයෙ එන්නේ කවදාද?

මාස්ටර් යන්න ගියා
ඔපෙරාව තනි කරදා
සඳ හොරෙන් ඇවිත්
විමසාවි ඔබේ තතු
කන්‍යාවි හංස විලක් මැද
හින් සීරුවේ ඉකි බිඳීවි
ගොළු හදවත සත්‍ය
වශයෙන්ම ගොළු වුණේය
ඉතින් මාස්ටර් ආයෙ එන්නේ
කවදාද?

සපුමල් සේනාරත්න

කළුතර

අපේ නිවේදක නිවේදිකාවන්ට මොකද වුණේ?

සතියේ දිනවල සවස රූපවාහිනී නාලිකා කිහිපයකම ගීත ඉල්ලීම් වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි.

මුල් කාලයේ ඒවා ඉතා ජනප්‍රිය වූ නමුත් දැන් එය ක්‍රමයෙන් අඩු වෙමින් පවතියි. පැරැණි වැඩසටහන් ඉදිරිපත් කරනවාට වඩා වෙනස් අයුරක් මේවාහි දක්නට ලැබේ. එම නිසා ඒවා ජනප්‍රිය බවයි මාගේ හැඟීම. නමුත් මෙම වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවන්, මොස්තර නිරූපණ ශිල්පීන් මෙන්ම නිවේදකයන් කාය වර්ධන ශිල්පීන් මෙනි. ඉදිරිපත් කරන සිංහල භාෂාව ද අමුතුයි. අපේ නිවේදක නිවේදිකාවන්ට මොකද වුණේ. ඔවුන් කාගේ වුවමනාවකට එසේ කරනවාදැයි සැකයකි.

ප්‍රභාත් රාජ පක්ෂ - නාවලපිටිය


මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

සේපාලිකා ටෙලි සිතුවමෙහි නවකතාව කුමාරසිරි පතිරණගේ බැව් දැනගත් මම මවිත වීමි. මන්ද යත් ඔහුට එතරම් ලිවීමට හැකියාවක් තිබේදැයි මම නොදැන සිටි බැවිනි.

ගයාන් -මිද්දෙණිය

නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමා සිතුවම ‘තන්හා රතීරඟා’ චිත්‍රපටය ඉක්මනින් තිරයට ගේන්න.

මිහිරි - නාත්තණ්ඩිය

කුලගෙදරින් දුම්බර මැණිකෙව කැන්දාගෙන ආ බන්දුල විජේවීර කලකින් අප නොදුටුවෙමු.

කාන්ති - මාවරමණ්ඩිය

ඔහු ගයා ඇත්තේ ගීත ස්වල්පයකි. නමුත් ඔහුගේ ජනප්‍රියත්වය හිනි පෙත්තෙහිම ඇත්තේය. ඒ කසුන් කල්හාරය. සදාකාලික ගීතයක් වූ කවුළු පියන්පත් වහන්න වැනි ගීයක් ගයන්න. ඔබේ ළෙංගතු හඬ අපිට ආශිර්වාදයකි.

කනක හේමචන්ද්‍ර - වෙන්නප්පුව.

සංගීත ලෝකයේ විරහ ගී උල්පත ජේ. ඒ. මිල්ටන් පෙරේරා අහිංසක අයකු ලෙස මට හැඟේ. ඒ ඔහුගේ හඬ ළායාන්විත නිසා වෙන්නට ඇති.

මැණික් - නීලම්මහර

ආචාර්ය අජන්තා රණසිංහගේ රචනයෙන් සහ ගයන්ත විජේරත්නගේ සංගීතයෙන් මෙන්ම ගායනයෙන් හැඩ වූ මේ දිනවල නිතර දකින, ඇසෙන ‘මේ මුතු කැටය මගේ’ ගීය යුග දෙකක් එක් කොට තැනූ අපූරු එකකි.

ලක්මාලි - වරකාපොළ

දරුවනේ චිත්‍රපටය හරහා දුලීකා මාරපනව දැක ගැනීමට හැකි වීම සතුටකි. ඇයගේ රංගනයන් තුළ අප සැම ජීවත් වනවා නිසැකයි.

කසුනි නදීකා

පානදුර

මගේ ආසම ගායකයෝ දුෂ්මන්ත වීරමන් අයියයි. ගයාන් පෙරේරා අයියයි.

නදීරා චන්ද්‍රකාන්ති

ගම්පහ

මේනකා පීරිස්ගේ රැඟුම් චිත්‍රපටයකින් යළි දැක ගන්නට කැමැතියි.

ධනුක, දික්වැල්ල

අර්ජුන කමලනාත් සැබවින්ම දක්ෂ නළුවෙකි.

රසංගි, කළුතර

අයෝධයා දක්ෂිකාගේ රංගනය ඉහළයි.

පවිත්‍රා -බෙලිඅත්ත

පිනි වැස්සක් ටෙලි සිතුවමේ රාහුල් ලෙස රංගනයෙන් දායක වන අමිල අබේසේකරට කලා ලොවේ දිගු ගමනක් යාමට සුබ පතමි.

සෙව්වන්දි- වලස්මුල්ල

ලහිරු - මුදිත පුංචි තිරයට මනාව ගැළපෙන නිවේදක යුවළකි.

සඳමාලි, නිරෝෂා -තෙප්පනාව

කවීෂ කවිරාජ් ගයන ගයන ගීතය අනර්ඝයි.

දේශා- වේයන්ගොඩ

ජාතික නාලිකාවේ ඉදිරිපත් කිරීමක් වන හද රැඳි ගී වැඩසටහන අපව අතීතයට රැගෙන යයි. එමෙන්ම රසවත් ගී රැසක් වර්තමාන පරපුරට මතක්කර දෙනු ලැබේ.

දමයන්ති - හොරණ