වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 77

සිංහල සිනමා විස්තරය - 77

‘එයා දැන් ලොකු ළමයෙක්

තිරගත වූ දිනය – 1977 මැයි 27
ඉදිරිපත් කිරීම – රත්නාදීප චිත්‍රපට
නිෂ්පාදනය – මුණසිංහ අප්පුහාමි
අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ
කතාව - කරුණාරත්න සපුතන්ත්‍රිගේ එයා දැන් ලොකු ළමයෙක් නවකතාව ඇසුරිනි.
තිර රචනය - ධර්මසිරි ගමගේ / ධර්මසේන පතිරාජ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සහාය අධ්‍යක්ෂණය – පියල් බී. හේරත්
සංස්කරණය - සෙක්ටස් අපෝන්සු
වේශ නිරූපණය -
කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, ජෙරල්ඩ් බී. ජයවර්ධන
රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු
නිශ්චල ඡායාරූප – පී. යූ. ඩී. පෙරේරා / ආනන්ද ෆොන්සේකා
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත -
පිනි දියෙන් විකසිතව පිරිසිදු – නන්දා මාලිනී (ධර්මසිරි ගමගේ)
මා හද තුළ විකසිත වුණ – නන්දා මාලිනී (ධර්මසේන පතිරාජ)
මහ පොළොවෙන් පිට – වික්ටර් රත්නායක /ෆෙ‍්‍රඩී සිල්වා (පද – ලයනල් විජේසිංහ)
ගීත පොත් - ආනන්ද පොත්හල - මරදාන
නළු නිළියන් -
මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, විමල් කුමාර ද කොස්තා, ශ්‍රියානි පෙරේරා, ආනන්ද ෆොන්සේකා, ශාන්ති ලේඛා, එඩී ජයමාන්න, දයා තෙන්නකෝන්, පියසේන අහංගම, වින්සන්ට් වාස්, නිශ්ශංක දිද්දෙනිය, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ, සැනට් දික්කුඹුර, ඩබ්ලිව්. ජයසිරි, ගාමිණී අබේසිංහ, මාජි මන්ත්‍රිනායක, හිල්ඩා ඇග්නස්
ප්‍රදර්ශනය – ලිබර්ටි, ගාමිණී, සැෆයර් ඇතුළු
දෙවන මණ්ඩලයට අයත් සිනමා ශාලා 15 කදී
විශේෂතා -
* 1975 9 වන මොස්කව් අන්තර්
ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කරමින්
ඩිප්ලෝමා සහතික දෙකක් දිනා ගැනිම.
* 1975 රෝමයේ කතෝලික සිනමා උළෙල
නියෝජනය කිරීම
* 1976 ටෙහෙරාන් චිත්‍රපට උළෙල නියෝජනය
කිරීම
1976 ඉතාලියේ ටොන්ටා උළෙල නියෝජනය
කිරීම
* 1978 මාර්තු 28 පැවති ඕ. සී. අයි. සී උත්තමාචාර සම්මාන උළෙලේදී නිර්මාණශීලී අධ්‍යක්ෂණය වෙනුවෙන් ධර්මසේන පතිරාජ, නිර්මාණශීලි රංග කුසලතා වෙනුවෙන් මාලිනී ෆොන්සේකා, සජීවී සිනමාත්මක කුසලතා සහභාගිත්වය සඳහා විමල් කුමාර ද කොස්තා ද සම්මානයට පාත්‍ර විය.


‘චිං චිං නෝනා’

තිරගත වූ දිනය – 1977 ජුනි 24
ඉදිරිපත් කිරීම – ඉෂාරා චිත්‍රපට
නිෂ්පාදනය - සිරුල් කදීර්
අධ්‍යක්ෂණය - ජේ. සෙල්වරත්නම්
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
දෙබස් - ආරියරත්න කහවිට
සංස්කරණය - ජේ. රාසරත්නම්
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ / ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත සංඛ්‍යාව - 07
ගීත -
චිං චිං නෝනා චිං චිං - ජෝතිපාල / ෆෙ‍්‍රඩී සිල්වා / මිල්ටන් පෙරේරා
කුමාරයා ඔබයි පැතූ - එච්. ආර්. ජෝතිපාල /ඇන්ජලින් ගුණතිලක
ඕ තෘෂ්ණා . . ඕ තෘෂ්ණා - එච්. ආර්. ජෝතිපාල
ඔබට මා මෙන් ආදරේ නෑ - එච්. ආර්. ජෝතිපාල
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ – එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින්
මල් දුන්නේ මේ ළන්දු – එච්. ආර්. ජෝතිපාල /ඇන්ජලින් ගුණතිලක
මුතු කුලික වාරෙංගලා - එම්. එස්. ප්‍රනාන්දු /
මිල්ටන් පෙරේරා / ඇන්ජලින් ගුණතිලක /රුක්මණී දේවි
ගීත පොත් -
ගීත තැටි - සරස්වතී
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, ෆරිනා ලායි, සෝනියා දිසා, රුක්මණී දේවි, හියුගෝ ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, ෆෙඩී සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, බැප්ටිස් ප්‍රනාන්දු, දොන් සිරිසේන, එඩී ජූනියර්, ලයනල් දැරණියගල, අරුණ ශාන්ති, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, ශ්‍රියාණි ෆොන්සේකා, බී. ඇස්. පෙරේරා, සරණපාල සූරියආරච්චි, ජෝශප් සෙනෙවිරත්න
ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී මහජන ප්‍රදර්ශනය අරඹන ලදී. වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි ලේබලය යටතේ ප්‍රදර්ශනය විය.


හොඳ හිත

තිරගත වූ දිනය – 1977 ජූලි 01
ඉදිරිපත් කිරීම – රිස්වි චිත්‍රපට
නිෂ්පාදනය – එස්. එම්. බුහාරි
කතාව - තිර නාටකය, දෙබස් සහ
අධ්‍යක්ෂණය – ඩැනී මරියදාසන්
කැමරා අධ්‍යක්ෂණය – එස්. තේවෙන්ද්‍ර
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි
සංස්කරණය – ටී. භවානන්දන්
වේශ නිරූපණය - කේ. සුබ්බයියා
සැකසුම – විජය චිත්‍රාගාරය / ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්,
එස්. බාලසුබ්‍රමනියනි, එස්. සාරංගරාජා
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත සංඛ්‍යාව - 08
ගීත -
ආයුබෝවන් සැරදේවා - ඇන්ජලින් ගුණතිලක / ලතා වල්පොල
සුරත ඇයගේ බැඳිලා - එච්. ආර්. ජෝතිපාල / ධර්මදාස වල්පොල
ඝන අන්ධකාරේ පාවේ – ලතා වල්පොල
මිහිරි මියුරු ආදරේ – එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක
අද නම් අදයි – එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක
ලන්ඩන් පීකිං මොස්කව් – එච්. ආර් ජෝතිපාල /ෆෙ‍්‍රඩී සිල්වා
ජීවන ගීතේ දුක්මුසු රාවේ – එච්. ආර්. ජෝතිපාල
සැපතෙහි වේවා - ලතා වල්පොල
ගීත පොත් – ආනන්ද පොත් හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් -
තිස්ස විජේසුරේන්ද්‍ර, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, කුසුම් පෙරේරා, වී. ටී. ජී. කරුණාරත්න, පර්ල් වාසුදේවි, රෙක්ස් කොඩිප්පිලි, පියදාස විජේකෝන්, එඩී ජයමාන්න, ලිලියන් එදිරිසිංහ, සරණපාල සූරියආරච්චි, කල්්‍යානවතී පෙරේරා
ප්‍රදර්ශගනය – එල්ෆින්ස්ටන් ඇතුළු සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරැඹීය.


යළි ඉපදේ

තිරගත වූ දිනය – 1977 ජූලි 08
ඉදිරිපත් කිරීම – විලාසි චිත්‍රපට
නිෂ්පාදනය – සුමිත් දිද්දෙනිය
අධ්‍යක්ෂණය – එම්. පී. ගැමුණු
කතාව සහ දෙබස් - ඩීමන් ආනන්ද
කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර / පී. ඒ. ජී. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය – පී. එච්. සමරවීර / ස්ටැන්ලි කුරේ
සංස්කරණය - සිරි කේ. විතාරණ / උපසේන විමලවීර
වේශ නිරූපණය - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - ඇන්ටන් ගුරුස්වාමි
සටන් අධ්‍යක්ෂණය - සරණපාල
සූරියආරච්චි, රවීන් මහින්ද
නැටුම් අධ්‍යක්ෂණය – උපාලි මෙත්තානන්ද / ෆරීනාලායි
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත සංඛ්‍යාව - 06
ගීත:
මේ ජීවන කඳුළු ගලා - ලතා වල්පොල/ පද – සිරිල් ඒ. සීලවිමල
අපි ගාව නෑ බොරු පම්පෝරි –
ඩබ්. ප්‍රේමරත්න / හරුන්ලන්ත්‍රා සහ පිරිස
- පද - වේරහැර ජී. ඩී. කරුණාතිලක
දිය උල්පතකින් බිහිවීලා - ජෝතිපාල /
රංජනී පෙරේරා - පද - කරුණාරත්න
අබේසේකර
හංකිති හංකිති කවලා - ලතා / ධර්මදාස
වල්පොල – පද - සිරිල් ඒ්. සීලවිමල
සංසාරේ විඳි සහනේ - සුජාතා
අත්තනායක –
පද – කරුණාරත්න අබේසේකර
පූරුවේ ආත්මයක බැඳී – මිල්ටන්
පෙරේරා / සුජාතා -
කරුණාරත්න අබේසේකර
ගීත පොත් – ආනන්ද පොත්හල – මරදාන
නළු නිළියන් -
ජෝ අබේවික්‍රම, මාක් සමරනායක, සේනාධීර රූපසිංහ, ශ්‍රියාණි අමරසේන, පර්ල් කුරේ, රෙක්ස් කොඩිප්පිලි, සෙබස්තියන් ජයසිංහ, එඩී ජයමාන්න, බී. ඇස්. පෙරේරා, ෆරීනාලායි, කුසුම් පෙරේරා, රාජා ලියනගේ, සරණපාල සූරියආරච්චි, උපාලි මෙත්තානන්ද, එම්. ඒ. ජයවර්ධන, රන්ජන් මහින්ද, සුසන්ත දිද්දෙනිය
ප්‍රදර්ශනය – ලිඩෝ, ක්‍රවුන් ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමාශාලා 16 කදී