වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘මනෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල වැලිගමදී

 ‘මනෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල වැලිගමදී

‘මමෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල මෙම මස 12, 13, 14 යන දිනයන්හි වැලිගම නගර සභා ශාලාවේදී රංග ගත වේ.

12 වැනිදා - රෝහණ දන්දෙණියගේ ‘රාස්ස සහ පරාස්ස’

13 වැනිදා – ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා හා

14 වැනිදා – අන්දරේලා

වේදිකා ගත වේ. එළඹ ඇති සාහිත්‍ය මාසය සමරමින් ඊට අනුගාමීව මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත්තේ වැලිගම තුන්වෙනි පරපුරයි.

වසර 26 කට පමණ පසු වැලිගම පැවැත්වෙන ‘මනෝරංග ප්‍රතිභා’ සාහිත්‍ය උළෙල සංවිධානය කරන්නේ වැලිගම නගර සභාව සහ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග්‍රාහකත්වයෙනි.


කුමාර සිරිවර්ධන ගේ ‘ලූතාවේ උමතු රජ’ දොරට වඩී

රාජ්‍ය සම්මානලාභී පරිවර්තක කුමාර සිරිවර්ධන ගේ නවතම පරිවර්තනය කෘතිය ‘ලූතාවේ උමතු රජ’  (The Mad King) ) මෙම මස 11 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

එඩ්ගර් රයිස් බරෝස් ගේ ‘The Mad King’නවකතාවට පසුබිම් කරගෙන ඇත්තේ පළමුවැනි ලෝක යුද්ධයට ආසන්න කාලයේ යුරෝපයයි. සංචාරයක් සඳහා ලූතාවට පැමිණෙන අමෙරිකානු ජාතික තරුණයකු වූ බාර්නි කස්ටර් උමතුª රජ ලෙස වරදවා හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙයි. වරදවා වටහා ගැනීම නිසා මෙම නිර්භීත කඩවසම් තරුණයා සතුරු බලවේග පරදවන්නේ කෙසේද? ලියෝ පෝල්ඩ්ගේ වෛරයෙන් ගැලවෙන්නේ කෙසේද ආදී බොහෝ ගැටලුවලට පිළිතුරු දැනගන්නට නම් ‘ලූතාවේ උමතු රජ’ කෘතිය කියැවිය යුතුමය.

එදිනට පරිවර්තන කෘතිය කුමාර සිරිවර්ධනගේ අත්සන සහිතව විශේෂ අඩු මිලකට පාඨකයන්ට ලබා ගැනීමට අවස්ථාව සැලසේ.


දොරට වැඩුම්

සුනිල් ඒ. කේ. මඩවල ගේ ‘සිපිරි ගෙදර දොරෙන් එහා’ කෘතිය මෙම මස 09 වැනිදා පෙරවරු 10.00 ට බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ කේන්ද්‍රයේදී දොරට වඩී.

පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලෙහි විශේෂ දේශනය පවත්වනු ලබන්නේ නවකතාකරුවකු වන එඩ්වඩ් මල්ලවආරච්චි විසිනි. සුනිල් මඩවලගේ බන්ධනාගාර සේවා කාලයේදී ලද අත්දැකීම්, බන්ධනාගාර ඉතිහාසය, බන්ධනාගාර සාමාන්‍ය තොරතුරු ඇතුළත් කරමින් මෙම කෘතිය රචනා කර ඇත.

*******************************

ගුණරත්න ඒකනායකගේ අලුත්ම නවකතාව ‘කඳවුරේ සිරකරුවෝ’ නවකතාව මෙම මස 10 වැනිදා පෙරවරු 10.30 ට සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී දොරට වඩී.

*******************************

ලයනල් මල්ලිකාආරච්චිගේ ‘දෙගම් දොර’ නවකතාව පසුගියදා දොරට වැඩිණ.

මව්බිමෙන් වෙන්ව ප්‍රංශයේ ජීවත්වන ලයනල් මල්ලිකාආරච්චි එහි වඩාත් ජනප්‍රියව සිටින්නේ ජෝතිපාලයන්ගේ සුමියුරු හඬින් ගී ගයන ජෝති උපහාර ගී ප්‍රසංග සංවිධායකවරයා ලෙසිනි.


මම – යම ලුම්බිණියේ

උපාලි ශාන්ත සිරිවර්ධන නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ‘මම - යම’ වේදිකා නාට්‍යය මෙම මස 09 වැනිදා හැව්ලොක්ටවුන් හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

මෙහි මානෙල් වානගුරු, ඩොනල්ඩ් මාපලගම, නිලන්ති ගුණවර්ධන, ප්‍රභාත් සේනානායක, ඉන්දික මදුරංග, නයනා සමරසේකර, නිලුපුලී දිල්හාරා ආදී රංගන ශිල්පීහු රඟති. රොෂාන් මාටිනස් සංගීතවත් කරන ‘මම – යම’ හි වේශ නිරූපණය ගාමිණී කොස්තාගෙනි.