වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 76

සිංහල සිනමා විස්තරය - 75

ආදරෙයි මං ආදරෙයි

තිරගත වූ දිනය – 1976 නොවැම්බර් 19
ඉදිරිපත් කිරීම - ජෙම් චිත්‍රපට
නිෂ්පාදනය - කේ. පී. කේ. බාලසිංහම්, එස්. පී. සාමි
තිරනාටකය සහ අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
කතාව සහ දෙබස් - ඩී. කීරගලආරච්චි
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්
වේශ නිරූපණය - කේ සුබ්බු
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. එස්. සී.)
නිශ්චල ඡායාරූප – එස්. සුබ්‍රමනියම්
නිෂ්පාදන කළමනාකරු - අගස්තියර්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ
ගීත සංඛ්‍යාව - 06
ගීත – ආදරෙයි මං ආදරේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
ලස්සන ගමක් තිබුණා - වික්ටර් රත්නායක
මධු සමයේ මල් සමේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කැකුළී මාවේ රූ සිරියාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සුහදේ මා සුපෙම් – ඇන්ජලින් ගුණතිලක
ආදර ලෝකේ මගේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එඩී ජයමාන්න, ෆෙ‍්‍රඩී සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, බොනිපස් ප්‍රනාන්දු, රුක්මණී දේවි, පර්ල් වාසුදේවි, බී. එස්. පෙරේරා, ශාන්ති ලේඛා, කුසුම් පෙරේරා, එඩී. ජූනියර්.
මංගල දර්ශනය මරදාන අශෝකා සිනමා ශාලාවේ දී මාලිනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.


නෑදෑයෝ

තිරගත වූ දිනය – 1976 නොවැම්බර් 26
ඉදිරිපත් කිරීම – නවජන සිනමාස්
තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා
නිෂ්පාදනය – එන්. සී. තඩ්ලාන්
කතාව - ටී. බී. ඉලංගරත්න (මෙනමින්යුත් නවකතාව ඇසුරිනි)
සහාය අධ්‍යක්ෂණය - සිසිර රත්න කුමාර
සංස්කරණය – එම්. පී. රූපසේන
වේශ නිරූපණය - බෙනට් ජයතුංග
සටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රෙමසිරි කේමදාස
ගීත සංඛ්‍යාව - 06
ගීත- ජීවිතේ අමදාරා - ටී. එම්. ජයරත්න (ගාමිණී වීරතුංග)
සැනසුම් සුසුමන් පාවීලා - ටී. එම්. ජයරත්න (රාජිත් වීරසිංහ)
එරන්කඳ පෙම්කඳ – එම්. එස්. ප්‍රනාන්දු,
ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
පෙම්රඟ රංඟන – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
රාමා සීතා මාගේ - ජෝතිපාල, ඇන්ජලින්, ටී. එම්.
නෑදෑයෝ - සනත් නන්දසිරි (ටී. බී. ඉලංගරත්න)
ගීත පොත් - ශාන්ති පොත්හල
ගීත තැටි - සිල්වර්ලයින්
නළු නිළියන් – විජය නන්දසිරි, සෝනියා දිසා, උපාලි අත්තනායක, අනුලා රණවීර, පියදාස ගුණසේකර, ඩී. ආර්. නානායක්කාර, නිමලා අතපත්තු, වී. ටී. ජී. කරුණාරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, ශ්‍රියාණි ෆොන්සේකා, රුක්මණී දේවි, සරණපාල සූරියආරච්චි.
ප්‍රදර්ශනය – ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය.
ප්‍රදර්ශන කාලය – ගාමිණී සහ සැවොයි සිනමා ශාලා හි දින 77 ක් පෙන්වන ලදී.


රන්තිලකා

තිරගත වූ දිනය – 1976 දෙසැම්බර් 10
ඉදිරිපත් කිරීම – ජිස්ති චිත්‍රපට
නිෂ්පාදනය – ඇම්. හුසේන්
කතාව තිරනාටකය, දෙබස් සහ
අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා
සම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය – බර්ටි තලගල
සංස්කරණය - සිරි. කේ. විතාරණ
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
නිෂ්පාදන කළමනාකරු - බර්ටි තලගල
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර
ගීත – රංග ලීලා පපා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
බයිය බබෝ බිල්ලා ඒවී – එච්. ආර්. ජෝතිපාල
පෙර පෙනෙනා මේ සංසාරේ – ලතා වල්පොල
ඇරපන් සොපියො දොර – එම්. එස්. ප්‍රනාන්දු, ශ්‍රීමතී තිලකරත්න
රත්තරන් දිමුතු මැණික් – ලතා වල්පොල
ජලේ ගලන සිසිල ගෙනේ – ලතා වල්පොල
කාසි බාගේ රැදෙන්නෙ නැතේ - මොහිදීන් බෙග්
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – ඔස්වල්ඩ් ජයසිංහ, ශ්‍රියාණි අමරසේන, සුමනා අමරසිංහ, රෝයි ද සිල්වා, අශෝක පොන්නම්පෙරුම, රෙක්ස් කොඩිප්පිලි, ශාන්ති ලේඛා, එඩී. ජයමාන්න, රුක්මණී දේවී, ෆෙ‍්‍රඩී සිල්වා, බන්දු මුණසිංහ, මාක් සමරනායක, දොන් සිරිසේන, ලිලියන් එදිරිසිංහ, ජස්ටින් ෆොන්සේකා, බී. එස්. පෙරේරා, කුසුම් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, සරණපාල සූරියආරච්චි, උපාලි මෙත්තානන්ද, මෝතිලාල් ගුණසේකර.
මංගල දර්ශනය – මැද කොළඹ පර්ලිමේන්තු මන්ත්‍රී ආර්. ප්‍රේමදාස මහතා සහ පාකිස්තාන් චිත්‍රපට සංස්ථාවේ සභාපති අසීස් අහමඩ් ප්‍රධානව මැජෙස්ටික් සිනමා ශාලාවේ දී පවැත්විණ.
ප්‍රදර්ශනය – මැජෙස්ටික්, එල්ෆීන්ස්ටන්, මෙට්රෝ (නුගේගොඩ) ඇතුළුව පළමු මණ්ඩලයේ සිනමා ශාලා 18 කදී ප්‍රදර්ශනය අරභන ලදී.
ප්‍රදර්ශන කාලය – එල්ෆින්ස්ටන් හි දින 68 ක් පෙන්වන ලදී.


නීලා

තිරගත වූ දිනය – 1977 ජනවාරි 21
ඉදිරිපත් කිරීම – අයි. ජේ. එස්. චිත්‍රපට
නිෂ්පාදනය - ජේ. එස්. ප්‍රනාන්දු, ජෝ. සුගන්දා, ඒ. රාජු
කතාව, තිරනාටකය සහ අධ්‍යක්ෂණය - ජෝ. සුගන්දා
දෙබස් - රංජිත් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කාර්මික අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්
සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් - ෆරීනා ලායි, ශ්‍රියාණි ෆෙන්සේකා, ශ්‍රීමා
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
නිෂ්චල ඡායාරූප – වී. වාමදේවන්
නිෂ්පාදන කළමනාකරු - ලෙනී කුරුප්පු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, කරුණාරත්න අබේසේකර
ගීත - සිහිනෙන් ඇවිදින් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මේ මගේ ශ්‍රී ලංකා දීපේ - එච්.ආර්. ජෝතිපාල
සොඳුරේ හදමල් හි වැදිලා - ජෝතිපාල, සුජාතා අත්තනායක
වෙරලේ හැපිලා හිනැහී දුවලා - ජෝතිපාල ඇන්ජලින්
මේ මිහිරි ගීතේ – එච්. ආර්. ජෝතිපාල
ආරාධනා සංසාරයේ - එච්. ආර්. ජෝතිපාල
ආරාධනා සංසාරයේ - ලතා වල්පොල
ආරාධනා සංසාරයේ - සුජාතා අත්තනායක
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර, මාලිනී ෆොන්සේකා, සුමනා අමරසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සන්ධ්‍යා කුමාරි, ශාන්ති ලේඛා, මානෙල් වානගුරු, ලැටීෂියා පීරිස්, ෆරීනාලායි.
ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු 03 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.
ප්‍රදර්ශන කාලය – අශෝකා දින 68, රිට්ස් දින 73 ක්ද පෙන්වන ලදී.


සකුන්තලා

තිරගත වූ දිනය – 1977 ජනවාරි 28
ඉදිරිපත් කිරීම - සෙයින්ස්තාන් චිත්‍රපට
නිෂ්පාදනය හා කතාව - මහමුද් සෙයින්
කැමරා අධ්‍යක්ෂණය හා අධ්‍යක්ෂණය – විලියම් ඔලම්ස්
තිරනාටකය, දෙබස් සහ ගීත රචනය – ධර්මසිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය –ඇම්. කොලින් පෙරේරා
සංස්කරණය – ඇස්. ඇම්. නිසාර්
සහාය කොලින් පෙරේරා
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුස්වාමි, වටරැක ප්‍රේමදාස
නැටුම් අධ්‍යක්ෂණය – උපාලි මෙත්තානන්ද
නිෂ්පාදන සහාය – ඇස්. ඇම්. ෆලීල්, ආර්. පූගල් මුත්තු, නිමල් ගුණේරිස්
නැටුම් - හෙලන් කුමාරි, චන්ද්‍රකලා
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
නිෂ්චල ඡායාරූප - ජේ. ජී.සිල්වා
සැකසුම – විජය චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාරය,
දිසානායක චිත්‍රපට සමාගම
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
නිෂ්පාදන කළමනාකරණය – ඇම්. අස්වත් කාන්
සංගීත අධ්‍යක්ෂණය – ඇම්. කේ. රොක්සාමි, ටී. එෆ්. ලතීප්
ගීත – ආත්මයෙන් ආත්මයට – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
හෘර්දේ රස මාලිගේ - සුජාතා අත්තනායක
මා ආවේ සැනසීමේ සුව සොයා - එච්. ආර්. ජෝතිපාල
ආදර ලොවේ ආසිරි – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
සීතල රටේ මීදුම වැටේ - සුජාතා අත්තනායක
සීතල පාවේ මල් සමයේ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, සන්ධ්‍යා කුමාරි, සේනාධීර රූපසිංහ, සුවිනීතා කෝන්ගහගේ, ශාන්ති ලේඛා, දොන් සිරිසේන,, වී.ටී.ජී. කරුණාරත්න, යස්මින් සෙයින්, රෙක්ස් කොඩිප්පිලි, තලතා ගුණසේකර, බන්දු මුණසිංහ, නිමලා අතපත්තු, බී. ඇස්. පෙරේරා, හෙලන් කුමාරි, චන්ද්‍රකලා, සෑම් පෙරේරා, උපාලි මෙත්තානන්ද.
මංගල දර්ශනය – මුදල් ඇමැති ෆීලික්ස් ආර්. ඩයස් බන්ඩාරනායක සහ කොළඹ නගරාධිපති ඒ. එච්. එම්. පවුසි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විණ.
ප්‍රදර්ශනය – ලිබර්ටි, ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.