වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




පණීභාරත ප්‍රණාම උළෙල

පණීභාරත ප්‍රණාම උළෙල

17 දා සිංහල සංස්කෘතික ආයතනයේ

‘පණීභාරත ප්‍රණාම උළෙල’ සිංහල සංස්කෘතික ආයතනනෙය් ගාමිණී ෆොන්සේකා සමරු ශාලාවේදී හෙට (17 දා) දින පස්වරු 4.00 ට පැවත්වේ.

‘පණීභාරත ප්‍රණාම උළෙල’ ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රායික හා නව නර්ථන කලාවේ පුරෝගාමි මෙහෙවරක් කළ ආචාර්ය එස්. පණීභාරත සමරමින් හා එතුමාගේ කලා දිවියේ සනිටුහන් සිහිගන්වමිනි.

මෙම ප්‍රණාම උළෙලේ ‘පණීභාරත සමරු දේශනය’ පවත්වනු ලබන්නේ මහාචාර්ය මුදියන්ගේ දිසානායකයි. එදිනම මහාචාර්ය තිස්ස කාරියවසම්, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර යන මහත්වරු විශේෂ අදහස් දැක්වීමක් සිදු කරනු ලැබේ.

ආචාර්ය පණීභාරත ශූරීන් සමරන මෙම උළෙලේදී එතුමාගේ නර්තන දිවියේ නිර්මාණ කිහිපයක් පණීභාරත ගුරුතුමාණන්ට උපහාර පිණිස ඉදිරිපත් කරන්නේ චන්න – උපුලි රංගායතනයයි.

මෙම උළෙල සඳහා කලාවට ළැදි සියලු දෙනාටත්, පණීභාරත නම් අපේ නර්තන ආචාර්යවරයාට ආදරය කරන සියලු දෙනාටත් එදිනට පැමිණෙන ලෙස ආරාධනය කරන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතායි.