වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

සෝමා එදිරිසිංහට තුති

ඊ. ඒ. පී. සමූහ ව්‍යාපාරයේ අධිපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියට,

චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසින් ද සමාජ සේවිකාවක් ලෙසින් ද ඔබ කරනා වූ සේවය අති මහත්ය. ඔබ සතුව ඇති මාධ්‍යයන් ඔස්සේ හරවත් යමක් දායාද කිරීම වෙනුවෙන් තුති මල් මිටක් මෙලෙස පුද කරන්නෙමු.

නිමල් කුලසේකර - මොරටුව

ආධුනික කලාකරුවන්ටත් මෝටර් රථ දෙන්න

ප්‍රවීණ කලාකරුවනට පොලී රහිතව ණය ලබා දීම (මෝටර් රථ මිලදී ගැනීමට) යහපත් කාර්යයක් වුව ද එය ආධුනික කලාකරුවනටත් ලබා දෙන්නේ නම් එය තවත් යහපත් වනු ඇත. ඒ සහජ හැකියාවක් ඇති සමහර නවක කලාකරුවන් ප්‍රවාහන පහසුකම් නොමැතිව සිය කටයුතු කලට වේලාවට කර ගැනීමට නොහැකිව කරදරවන අවස්ථා එමට ඇති බැවිනි.

අයලීන් සෝවිස්- වැලිසර- රාගම.

දරුවනේ ආදර්ශවත්ය

සුනිල් ටී. ප්‍රනාන්දු වෙතින් බිහි වූ චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය දරුවනේ බව හැඳීන් විය හැකිය. මෙය ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද මහඟු ආදර්ශවත් එකකි. මෙහි රඟන ළමා සහ ප්‍රවීණ ශිල්පීන්ගේ උපරිම දක්ෂතාවය උකහා ගැනීමට අධ්‍යක්ෂ වී. සිවදාසන් සමත්ව ඇත. අද වැඩි වශයෙන් බිහි විය යුත්තේ වැඩි වියදමක් දරා නිපදවන චිත්‍රපටවලට වඩා දරුවනේ වැනි සමාජයට වැඩදායී, ගුණදායී චිත්‍රපටය.

ඉහළ තල්දූවේ - ආනන්ද වික්‍රමආරච්චි

‘ස’ පිපී සුවඳ දුන් අමිල මල

සප්ත ස්වරයේ මුලකුර ‘ස’
නාමයෙන් අපව රස ගැන් වූ වික්ටර්
සංගීත ගස
සාහිත්‍ය පොහොර
සම්මිශ්‍රණය වී
මේ දෙරණ තලාවේ
පිපී සුවඳ දුන් මල
‘ස’
සැපමිණීම
1973 ජූලි 20
නික්ම යාම
2012 ජුලි 20
අප හැඬූ කඳුළින්
පසුවෙමු

ශ්‍රියානන්ද

බතීගම

වේදිකා නාට්‍යවල ටිකට් ගණං

වේදිකා නාට්‍ය නිර්මාණ කරා ඇදී එන ප්‍රේක්ෂකයා දිනෙන් දින වැඩිවන තරමට කලාකරුවාටත් එම නාට්‍ය හිමිකරුවන්ටත් යම් කිසි ලාභයක් ලැබේ. එහෙත් මෑතක සිට වේදිකා නාට්‍ය නැරැඹීමට සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට නොහැකි වන අවස්ථා ද ඇත. ඒ ඒවායේ ප්‍රවේශ පත්වල අධික මිල හේතුවෙනි. ඒවා 500, 1000, 1500, 2000 යන ගණන්වලට සංවිධායකවරුන් විකුණනු ලබයි. මෙය ඔවුන්ට ලාභයක් වුවත්, එය දුප්පත් ප්‍රේක්ෂකයාට දරා ගත නොහැකි මුදලකි.

ගම්වල දිළිඳු ප්‍රේක්ෂකයාට මුදල් නොමැතිකමින් එය නරඹන්නට නොහැකි වන්නට පුළුවන. වේදිකා නාට්‍යයක පරමාර්ථය මුදල් පමණක් වන්නේ නම් එය බරපතල වරදකි. එය නිවැරැදි කර ගන්නා මෙන් කාරුණිකව ආයාචනා කරන්නෙමි.
 

මීගමුවේ

අජිත් ලක්මාල්

තරු පොකුරක හැඩ වැඩ

ජෙනිටා සමරවීර – ටිකිරා, යකඩයා, චණ්ඩි පුතා
ෆරීනා ලායි - සරුංගලේ, උතුමාණෙනි
ශිරාණි නුගේරා - මුතු මැණිකේ, ජය සිකුරුයි
අනුෂ්කා මැදිවක - සංඛපාලි, සාගරයක් මැද
ශෂී විජේන්ද්‍ර – ඔබට දිවුරා කියන්නම්

සිංහල සිනමාවේ ස්වර්ණමය අවධියේ සිනමා අම්බරේ දිදුලන තරු කැට වූ ඔබලා සිනමා අම්බරේ සැඟවුණේ ඇයි. ඔබලාගේ තරු කැල්මේ ආලෝකයන් වරින්වර අප නෙත් අභියස මැවී පෙනෙයි. එවන් වූ සුන්දර සිනමා ලොවක ඔබලාගේ සුන්දර රංගනයන් අද දැක ගත හැකි වනුයේ පුංචි තිරයේ විකාශය වන පැරැණි සිංහල චිත්‍රපටයන් තුළින් පමණි.

රොහාන් සෙනෙවිරත්න නවලෝක

තිස්ස උඩංගමුව අගයමු

ලංකාවේ ප්‍රධානම නළුවන් වන ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි අයවලුන් සමඟ චිත්‍රපටයන්හි රංගනයේ යෙදුන තිස්ස උඩංගමුව අගය කළ යුතු කාලයයි මේ.

බී. රංජිත් ගාමිණී

ගම්පොළ

වසන්ත කාලය ගැන කවියෙන්
 

මේ වසන්ත කාලයයි ටෙලි සිතුවමට හුණුපිටිය ජී. පී. කමල් පද්මලාල් ලියා එවූ පැදි පෙළකි මේ.

කෝසල හට ඇමතිකමක් නැතිවුණා
මන්ත්‍රී ධුරයෙන් ඉවතට විසිවුණා
ධනංජය ද පාතාලය කොටුවුණා
නිරංජලා තිරයේ පිටුපසවුණා

කළකම් පළදෙනවා ඒ ධර්මයයි
හිත හොඳ නම් වරදින්නේ නෑ තමයි
මාධව හට නිරංජලා මුණ ගැසෙයි
පැතුදේ සැම මේ වසන්ත කාලයයි

නිරංජලා කියා මාධව මුවින්
හොඳයි හොඳම වේ රන්වන් සරින්
පුංචි තිරයේ මතකය යළි ගෙනෙන්
කාංචනා රඟපෑ හැටි ඉස්තරම්

ප්‍රියංකා සමරවීර කෝ?

පුරහඳ කළුවර චිත්‍රපටය ඇතුළු නිර්මාණයන් රැසක අපූර්ව රංගන හැකියාව විදහාලූ ප්‍රියංකා සමරවීර කාලෙකින් අපට දක්නට ලැබුණේ නැත. ඇය රංගනයෙන් ඉවත් වූ බවට මතයක් තිබුණ ද එය ඈ විසින් ප්‍රකාශ කර නොතිබුණ නිසා එම මතය අපි නොපිළිගනිමු.

අනුරාධපුර, පොතනේගම

නන්දා මාම්පිටිය

විශ්වගේ රඟපෑම අනර්ඝයි

විශ්ව කොඩිකාර අයියේ, ඔබ අමා ටෙලි සිතුවමේ සහ පිනි අග පුළිඟු නාට්‍යයේ ඉතාමත් දක්ෂ අයුරින් රඟපානවා.

ගයේෂා හර්ෂනී

හග්ගල්ල


සතියේ දිනවල ස්වර්ණවාහිණිය ඔස්සේ ‘හිතට වදින එක’ වැඩසටහන ගෙන එන කටකාර රුවැත්තිය ට කලා ලොවේ දිගු ගමනක් යාමට සුබ පතමි.

බුද්ධික ඒකනායක -

උඳුගොඩ


ආදරණීය ජෝති, ඔබ නික්මී විසිපස් වසරක් ගෙවුණද එදා වගේම ඔබ අප හදවත් තුළ ජීවමානයි.

තුන්නැනෙන් - චතුරංග


සේපාලිකා ටෙලි සිතුවමේ පහන් ලෙස ගයාන් වික්‍රමතිලක උසස් රංගනයක යෙදෙනවා.

ආඩිඅම්බලමේ - නිර්මානි


ජෝතිපාල මහත්තයාගේ ලස්සනම ලස්සන ගීත සුරේන්ද්‍රගේ හඬින් අහන්න මම පොඩ්ඩක්වත් කැමැති නැහැ.

රත්නපුරේ

සෙව්වන්දි / අමා- කෑගල්ල


සිටි එෆ්. එම්. හි නිවේදක ප්‍රසන්න චන්දන බණ්ඩාර සැබවින්ම ප්‍රසන්න නිවේදකයකි.

දමයන්ති - හොරණ


ඉටිමල් ටෙලි සිතුවම ඔස්සේ තිස්ස විජේසුරේන්ද්‍රව නැවත දක්නට ලැබීම සතුටක්.

ආර්. පී. චිත්‍රානන්ද

අහුංගල්ල


විජය කුවේණි හි සීසපාටිකාගේ චරිතය රඟන වසන්ති රංවලට සම්මානයක් හිමි වේවා.

රත්නායක

රොෂාන් සහ පූජා නැවත රිදී තිරයට එනතුරු අපි බලන් ඉන්නවා.

මහේෂි - මහියංගනය


රිදම් නාලිකාවේ නව වැඩසටහන් අධ්‍යක්ෂ චමිල ලොකුනාරංගොඩට මම ආසිරි පතමි.

වැලිගම - ෆාතිමා

ඔබේ ප්‍රතිචාරයන් 0757413731 යන දුරකථන අංකයට ක්ෂණිකව එස්. එම්. එස්. මගින් අප වෙත එවිය හැකිය. එම කෙටි පණිවුඩ එවන විට එහි අගින් ඔබේ නම සඳහන් කිරීමට මතක තබා ගන්න. එමෙන්ම ඒවා එවන්නේ කාටද කුමන නිර්මාණයක් සම්බන්ධවදැයි කියන්නට අමතක කරන්න එපා.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මෙම ලිපිනය ඔබේ තැපැල්පත් වෙනුවෙනි.