වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ යොවුන් වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙල

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ යොවුන් වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙල

සම්මාන ප්‍රදානය 24 දා

ජාත්‍යන්තර තරුණ වර්ෂය සමරමින් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් සැලසුම් කළ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කිරිමක් වූ යොවුන් වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙලෙහි සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 24 වැනිදා සවස 3.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හෙළ නිළි රැජන මාලිනිය, ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර යන සම්භාවනීීය අමුත්තන් මෙදින මෙය සඳහා සහභාගිවීමට නියමිතය.

තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස ආචාර්ය ධර්මසේන පතිරාජ, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය සිවමෝහන් සුමති, ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි, එම්. ඩී. මහින්දපාල, ලාල් හරේන්ද්‍රනාත්, අනෝමා වත්තලදෙණිය සහ සෙනේෂ් බණ්ඩාර දිසානායක යන මහත්ම මහත්මීන් කටයුතුª කරන ලදී. මෙහි අවසන් වටයට ඉදිරිපත් වූ නිර්මාණ ඉකුත් දිනවලදී මහවැලි කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය කෙරින. නිර්මාණ 27 ක් අතරින් 17 දෙනකු සම්මානයෙන් මෙදින පිදුම් ලබනු ඇත.