වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

වජිරා

සිඟිති තොලින් මා
ඔබෙන් ඉරූ කිරි
ආදරයේ සුවඳයි අම්මා

හද සීත ගගුලින් මතු වී
මෙත් කරුණා මුදිතා ගංගා
තෙමා තෙමා ලොව අමා නමාලයි
මිනිස් බිමේ සමනොළ කන්දයි
අම්මා . . .

ඔබ ශාන්තිවාදී ගුණයේ
දරු සෙනෙහේ මග අනුහසිනේ
දුකඳුර මිහිරක් විලසින් ඉවසන
මිනිස් බිමේ සමනොළ කන්දයි අම්මා

පද රචනය – අරිසෙන් අහුබුදු
සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක
අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න