වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 74

සිංහල සිනමා විස්තරය - 74

වානරයෝ

තිරගත වූ දිනය – 1976 ජුනි 18

නිෂ්පාදනය - මෙත්තානන්ද සිල්වා

අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර හේරත් (දයා රාජපක්ෂගේ චිත්‍ර කතාව ඇසුරෙනි)

කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ

සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලීලානන්ද

සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්, නිව්ටන් විරසිංහ

වේශ නිරූපණය – එස්. පී. කොස්තා

නැටුම් අධ්‍යක්ෂණය – සිරිල් අමරසිංහ

සැකසුම - ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායානාගාර පාලක – අයි. ඒ. ජොහාර්

නිෂ්චල ඡායාරූප – තිලක් වේහැල්ල

නිෂ්පාදන කළමනාකරු - ගුණපාල ජයසුන්දර

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

ගීත සංඛ්‍යාව - 04

ගීත - තරු මුතු සැණකෙළියේ - පෝල් ප්‍රනාන්දු (ප්‍රේමකීර්ති ද අල්විස්)
පායන දේදුනු කුමටද – එච්. ආර්. ජෝතිපාල (ප්‍රේමකීර්ති ද අල්විස්)
යොවුන් වියේ සිහිල් විල් - ජෝතිපාල, ඇන්ජලින් (කරුණාරත්න අබේසේකර)
ඉර හඳ ඔබගේ ලොවේ – මිල්ටන් පෙරේරා (කරුණාරත්න අබේසේකර)

ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන

ගීත තැටි – නිව් සරස්වතී ස්ටෝර්ස්

නළු නිළියන් - ලයනල් දැරණියගල, රංජිත් පෙරේරා, දොන් සිරිසේන, ආනන්ද ජයරත්න, රත්නා ද සිල්වා, බන්දු මුණසිංහ, එඩී ජූනියර්, සම්පත් ශ්‍රී නන්දලෝචන, පූජිත මෙන්ඩිස්, නිහාල් ජයවර්ධන, මියුරි සමරසිංහ, ගුණපාල ජයසුන්දර, රන්දාද චන්දිමාල් (ළමා), ප්‍රදීපා රත්නායක (ළමා)

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන් (මරදාන) ඇතුළුව පළමු මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය අරඹන ලදී.

විශේෂතා - චිත්‍රපටයකට නැඟුණ පළමු චිත්‍ර කතාව


දුහුළු මලක්

තිරගත වූ දිනය – 1976 ජුනි 25

ඉදිරිපත් කිරීම - සීමිත සිනෙසිළු

නිෂ්පාදනය – නන්ද ජයසිංහ

තිරනාටකය, දෙබස් සහ අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී

කතාව -
හි. ලි. විජේතුංග

කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ

සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / සාලි කුමාරගේ

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි

වේශ නිරූපණය – එස්. පී. කොස්තා

කැමරා සහ විදුලි ආලෝක උපදෙස් - ලෙස්ටර් ජේම්ස් පීරිස්

කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර

නැටුම් අධ්‍යක්ෂණය - වොඩම් වෝලා

සැකසුම – ලංකා චිත්‍රාගාරය / රාජ්‍ය චිතුපට සංස්ථා චිත්‍රාගාරය

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද මිශ්‍රණය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

නාමාවලිය - ඩෙනිස්ටස් නන්දසේන

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත සංඛ්‍යාව - 04

ගීත - බොඳ මීදුම් කඳුරැල්ලේ - අබේවර්ධන බාලසූරිය / සුජාතා අත්තනායක ( අජන්තා රණසිංහ )

රන් කෙන්දෙන් බැඳ – නන්දා මාලනී (අජන්තා )

රෝමය ලෙසේ - මිල්ටන් මල්ලවාරච්චි ( ධර්මසිරි ගමගේ )

සීතලේ දිලි – ඉන්ද්‍රාණි පෙරේරා ( ප්‍රේමකීර්ති ද අස්විස් )

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් - ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු, රවීන්ද්‍ර රන්දෙණිය, සමන්ති ලැනරෝල්, ප්‍රීති රන්දෙණිය, සුමින්ද සිරිසේන, ඉනෝකා වීරසිංහ, කුමුදිනී විජේකෝන්, ජේ. බී. එල්. ගුණසේකර, ඇග්නස් සිරිසේන, අහුන්ගල්ලේ අරුණතිලක, සුනන්දා ප්‍රනාන්දු

ප්‍රදර්ශනය - සැවොයි, ක්‍රවුන්, ලිඩෝ, ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය.

විශේෂතා - 1977 පෙබරවාරි 05 වැනි දින පැවති ඕ.සී.අයි.සී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේ දී නිර්මාණශීලී රංග කුසලතා වෙනුවෙන් ටෝනි රණසිංහ සහ නීටා ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රදර්ශන කාලය - සැවොයි හි දින 50 ක්ද, ලිඩෝ හි දින 75 ක්ද පෙන්වනු ලැබීය.


ලෝක හොරු

තිරගත වූ දිනය – 1976 ජුනි 25

ඉදිරිපත් කිරීම – ලක්සිරි ෆිල්ම්ස්

නිෂ්පාදනය – එඩී. ගුණතිලක

සම අධ්‍යක්ෂණය – තිස්ස අබේසේකර, සරත් ගුණරත්න කතාව, තිර රචනය සහ දෙබස් - තිස්ස අබේසේකර

සංස්කරණය – ඩී. කේ. ඩී. රූබන්

වේශ නිරූපණය - රෝහන මුදන්නායක

කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

නිෂ්චල ඡායාරූප - සුසිල් විජයදේව

කැමරා අධ්‍යක්ෂණය - නොයෙල් පෙරේරා

නිෂ්පාදන කළමනාකරු - ඩැනියෙල් අබේසේකර

සංගීත අධ්‍යක්ෂණය – පැට්‍රික් දෙනිපිටිය

ගීත සංඛ්‍යාව - 04

ගීත - මෙදා භවේ වැරදීමක් වුනාදෝ - ඉන්ද්‍රාණි පෙරේරා ( සරත් ගුණරත්න )
රන්දෝලා ගැබකි – මිල්ටන්, සුජාතා ( කරුණාරත්න අබේසේකර )
යන්න දුර ගමනක් – නිහාල් නෙල්සන් තිස්ස අබේසේකර )
අඳුරු අගාදේ සැඟවුන – මිල්ටන් මල්ලවාරච්චි ( කරුණාරත්න අබේසේකර )

ගීත පොත් – ආනන්ද පොත්හල /ශාන්ති පොත්හල

නළු නළියන් - ටෝනි රණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, ශිරාණි කුරුකුලසූරිය, බැසිල් ද සේරම්, තලතා ගුණසේකර, සුවිනීතා කෝන්ගහගේ, ෆරීනාලායි, දොන් සිරිසේන, උපාලි අත්තනායක, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, ලිලියන් එදිරිසිංහ, දෙනවක හාමිනේ

ප්‍රදර්ශනය – රිට්ස් බොරැල්ල ඇතුළුව තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.


හාරත හතර

තිරගත වූ දිනය – 1976 ජූලි 02

ඉදිරිපත් කිරීම - ශ්‍රී ශිවා චිත්‍රපට කතාව, දෙබස් හා නිෂ්පාදනය - දේවිකා සූරියකුමාර්

අධ්‍යක්ෂණය – එම්. එස්. කුමාර්

කාර්මික අධ්‍යක්ෂණය - කේ. එම්. ඩී. ආරියපාල

කැමරා අධ්‍යක්ෂණය – එස්. තේවේන්ද්‍ර

සංස්කරණය - සිරි. කේ. විතාරණ

කලා අධ්‍යක්ෂණය – අසේල සූරියකුමාර්

සැකසුම – ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

නිෂ්පාදන කළමනාකරු - ලක්ෂ්මන් සූරියකුමාර්

සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක

ගීත ප්‍රබන්ධය - කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ලයනල් ජයවික්‍රම

ගීත - ඈත භවයේ රාම සීතා - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක
ආශාවේ මල් පඳුරු - වික්ටර් රත්නායක, ලතා වල්පොල
ලද ජීවිතේ අස්ථීර වේ - මොහිදීන් බෙග්
ජොහානා කෙනඩි - ෆෙ‍්‍රඩී සිල්වා, සුජාතා අත්තනායක
සුසුදු සඳරැස් දෙරණ - දේවිකා සූරියකුමාර්

ගීත පොත් - ශාන්ති පොත්හල මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් – ඔස්වල්ඩ් ජයසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, විජිත මල්ලිකා, ලයනල් දැරණියගල, ෆරීනාලායි, ලිලියන් එදිරිසිංහ, පූජිත මෙන්ඩිස්, සීතා කුමාරි, චින්තා මාලේවන, රීටා රත්නායක, ඩඩ්ලි වානගුරු, එම්. එස්. කුමාර්, ලැටීෂියා පීරිස්, අසේල සූරියකුමාර්, එඩී. ජයමාන්න, පියදාස විජේකෝන්, ඩී. ආර්. නානායක්කාර, සරණපාල සූරියආරච්චි, ෆෙ‍්‍රඩී සිල්වා, නීටා ප්‍රනාන්දු, දොන් සිරිසේන

ප්‍රදර්ශනය – ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී.


ආශා

තිරගත වූ දිනය – 1976 ජූලි 16

ඉදිරිපත් කිරීම – රත්නාලෝක චිත්‍රපට

නිෂ්පාදනය – ඩී. එච්. ඩී. විජයගුණරත්න

කතාව, දෙබස්, තිරනාටකය සහ අධ්‍යක්ෂණය – එස්. ජී. සමරසිංහ

කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න

සහාය අධ්‍යක්ෂණය – හර්බට් රංජිත් පීරිස්

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි, ඩෙන්සිල් ජයවීර

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, සිරිල් අමරසිංහ

නිෂ්චල ඡායාරූප – හයිලයිට් යටියන්තොට

සැකසුම – විජය චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, ලාල් දිසානායක

ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්, මැන්ඩිස් වීරසිංහ

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

නිෂ්පාදන විධායක – හර්බට් කහවිට

නිෂ්පාදන සහාය – රංජිත් මුණසිංහ, සුනිල් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල

ගීත ප්‍රබන්ධය – එස්. ජී. ජයසිංහ, අජන්තා රණසිංහ

ගීත - අගක් මුලක් නැති ආශා - ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලනී සහ පිරිස
ආදරේ හිතුනා - මිල්ටන් මල්ලවාරච්චි, ඇන්ජලින් ගුණතිලක
අතුරා සුපෙම් කැකුළු දෙහදක් – වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක
සුරඟන කෙලිනා සුරඟන – රූපා ඉන්දුමතී, අමිතා වැදිසිංහ, මාලනී බුලත්සිංහල
සරණ අරන් අපේ මුණිදා – අබේවර්ධන බාලසූරිය සහ පිරිස
රැලින් රැලට එන – ලතා වල්පොල, සිසිර සේනාරත්න, මිල්ටන් මල්ලවආරච්චි, ඉන්ද්‍රාණි සේනාරත්න

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන

නළු නිළියන් - ටෝනි රණසිංහ, රොබින් ප්‍රනාන්දු, ඩී. ආර්. නානායක්කාර, සෝමසිරි දෙහිපිටිය, රංජිත් යායින්න, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, පියදාස විජේකොන්, ජස්ටින් ෆොන්සේකා, වී. ටී. ජී. කරුණාරත්න, විජිත මල්ලිකා, නීටා ප්‍රනාන්දු, ශාන්නි ලේඛා, ගීතා කුමාරසිංහ, කුසුම් පෙරේරා, ෆරීනාලායි, චන්ද්‍රා කළුආරච්චි, මහේෂා වීරසිංහ, ලිලියන් එදිරිසිංහ, ජී. ටී. වික්‍රමසිංහ, දයානන්ද ගුණවර්ධන, බී. එස්. පෙරේරා, ඩී. එච්. ඩී. රණසිංහ, ලලිතා අල්මේදා, හර්බට් කහවිට

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, ඕඩියන්, ඉම්පාලා, ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී ප්‍රදර්ශනය අරඹන ලදී