වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සර්කස්කාරයෝ සමඟ පාලිත වේදිකාවට

සර්කස්කාරයෝ සමඟ පාලිත වේදිකාවට

පාලිත සිල්වා දිගු කලකට පසු වේදිකාවට ගෙනෙන ‘සර්කස්කාරයෝ’ මෙම මස 31 වැනිදා සවස ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ රංග ගතවේ.

කළණ ගුණසේකර, රන්දිමා තිළිණි, ස්ටෙෆාන් දිලුක්, නිලංක දහනායක, නිලන්ත ගනේගොඩ යන පිරිසගේ රංගනයෙන් ඔපවත් වන මෙහි රංග වින්‍යාසය මනුබන්දු විද්‍යාපතිගෙනි.

නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙහි පසුතල නිර්මාණය දයාවංශ මද්දුමගේ සමඟ උපාලි රත්නසිරිගෙන්ය.

ඇඳුම් නිර්මාණයෙන් මීරියම් ගුණරත්න එක් වෙති. අංග රචනය සහ වේදිකා පරිපාලනය කුමාර ගලහිටියාවගෙනි. සර්කස්කාරයෝ පාලිතගේම රචනයකි.