වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ආනන්දයෙන් බිහි වූ ගීත රචකයන්ට ‘උපහාර’

ආනන්දයෙන් බිහි වූ ගීත රචකයන්ට ‘උපහාර’

සදානන්දය’ ගී ප්‍රසංගය 28 දා . . .

‘1981 ට පෙර කොළඹ ආනන්දයෙන් බිහි වී ආනන්දයට කීර්තියක් අත්කර දුන්, ගී පද රචකයන් සය දෙනෙකුට උපහාර පුදමින් ‘සදානන්දය’ ගී ප්‍රසංගය ලබන 28 වැනි සෙනසුරාදා සවස 6.00 ට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, කුලරත්න ආරියවංශ, ප්‍රණීත් අබේසුන්දර, ධම්මික බණ්ඩාර යන සුගේය පද රචකයන් සය දෙනා මෙහිදී උපහාර සම්භාවනාවට ප්‍රාප්ත වේ. ආනන්ද විද්‍යාලයීය 81 කණ්ඩායම විසින් මෙය සංවිධානය කෙරේ.

වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ටී. එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ, රෝහණ සිිරිවර්ධන, අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගී ගයන මෙම ප්‍රසංගයේ සංගීතය රෝහණ වීරසිංහ විසිනි.

කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රමුඛ පෙලේ ගේය පද රචකයන් රැසක් දැයට දායාද කර ඇති අතර විමල් අබේසුන්දර, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මෛත්‍රි පනාගොඩ, සිසිර දිසානායක, දිලීප අබේසේකර, ආනන්ද පද්මසිරි සහ නුවන් කුමාර කටුගම්පල ඔවුන් අතරින් කීප දෙනෙකි.


චිරං ජයතු ටෝනි

ජීවන ගමන් මගෙහි හැත්තෑ හය වන ජන්ම සංවත්සරය සමරන ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහයන්ට සුබම සුබ උපන් දිනක් වේවා යැයි සරසවිය’ ප්‍රාර්ථනා කරයි.!


සිද්ධාර්ථ චිත්‍රපටයේ ඇඳුම් ප්‍රදර්ශනයක්

ප්‍රථම වරට මෙරටදී පත්වනු ලබන සිනමාපටයකට යොදාගත් ඇඳුම් ආයිත්තම් සහ අභරණ ප්‍රදර්ශනයක් ඉකුත් දා පැලවත්ත සාම සෙන්ටර් හිදී විවෘත විණ.

මෙලෙස ප්‍රදර්ශනය වූයේ සිදුහත් චරිතය ඇසුරෙන් තැනුණු සිද්ධාර්ථ චිත්‍රපටයේ ඇඳුම් ආයිත්තම් සහ ආභරණය.

සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වූ සිද්ධාර්ථ හි දඹදිව දර්ශන තල ලෙස යොදා ගත්තේ එම ස්ථානයම වේ.

මේ එහි ප්‍රදර්ශිත භාණ්ඩ අතරින් කිහිපයකි.


ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ලාංඡනය නිර්මාණය  කිරීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා පදනමෙහි ප්‍රධාන අධ්‍යාපනික අංශයක් වන ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය තම නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් දියත් කොට ඇත.

නිර්මාණ හැකියාව ඇති ශිෂ්‍යයන් මාධ්‍ය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මෙන්ම සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ලැදියාවක් ඇති ඕනෑම අයකුට මෙය විවෘත බව ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය පවසයි.

එක් අයැදුම්කරුවකුට ඕනෑම ප්‍රමාණයක නිර්මාණ එවිය හැකිය.

තරගයේ ජයග්‍රාහකයාට රු: 25000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි තැන ගනු ලබන තැනැත්තාට ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ඕනෑම පාඨමාලාවක් හැදෑරීම සඳහා 10% වට්ටමක් ලබා දෙනු ඇත. තෙවැන්නාට 5% ක වට්ටමකට හිමිකම් කියනු ලබයි.

ඔබගේ නිර්මාණ එළඹෙන අගෝස්තු 20 දිනට ප්‍රථම [email protected]  විද්්‍යුත් ලිපිනයට හෝ ශ්‍රී ලංකා පදනම ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය, 100 ශ්‍රී ලංකා පදනම මාවත, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07 යන ලිපිනයට යොමු කරන්න.