වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙනිසන් ගේ ‘සිහින සේයා’ දකින්න ඔබටත් ආරාධනාවක්

ටෙනිසන් ගේ ‘සිහින සේයා’ දකින්න ඔබටත් ආරාධනාවක්

සරසවිය ප්‍රධාන ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ ඡායාරූප දැක්මක් ‘සිහින සේයා’ නමින් ලබන 27 වැනිදා එළි දකිනු ඇත.

එදින සිට තෙදිනක් පුරා කොළඹ ජාතික කලා භවනේදී දිග හැරෙන ‘සිහින සේයා’ ටෙනීගේ උපනෙතට හසු වූ මනරම් සේයා රූ බොහොමයකින් සමන්විතය.

පළමු දින එනම් 27 වැනිදා ප්‍රදර්ශනයේ සමාරම්භය සිදු වන්නේ ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා, හෙළ නිළි රැජන මාලිනිය ප්‍රමුඛ කොට ගත් සහෘද කැළගේ ප්‍රධානත්වයෙනි.

මේ මොහොතට සහභාගී වන ලෙස සරසවිය සිය පාඨක හිතවතුනට ආරාධනා කරසිටියි.