වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




නාලන්ගේ අලුත් ටෙලියේ ලකී රියදුරු පුහුණුවක

නාලන්ගේ අලුත් ටෙලියේ ලකී රියදුරු පුහුණුවක

ලකී ඩයස්ගෙන් පන්නල ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේදී රේසිං කාර් පදින විදිහ පිළිබඳ ගුරුහරුකම් ලබා ගත්තේ විශ්ව ලංකා සහ හර්ෂ තෙන්නකෝන්.

ලකීගේ මේ ශිල්ප බෙදා දීම ඊට පරිබාහිරින් අයකු සිය කැමරා කාචයෙහි සටහන් කර ගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රවීණ අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්.

ලකී, විශ්ව සහ හර්ෂ මේ රේසිං කාර් ශිල්ප හරඹයක යෙදුණේ නාලන්ගේ අලුත් ටෙලි සිතුවම උදෙසා. ඒකේ නම සතුරු මිතුරු. ලකී එහි රඟන්නේ විශ්‍රාම ලත් ජනප්‍රිය රේසිං ධාවකයකුගේ චරිතයක්. විශ්ව ඔහුගේ පුතු ලෙසත්, හර්ෂ යාබද නිිවසෙහි කෙනෙකු ලෙසත් චරිත නිරූපණයෙහි යෙදෙනවා. කෙසේ නමුත් මෙම රූ ගැන්වීම හැමෝටම මහත් ආශ්වාදජනක එකක් වූ බවයි දැනගන්නට ලැබුණේ.