|
ලේඩි මැක්බත් දැඩියි :පුදුමයි
තම සැමියාගේ වතු යායක සේවය කරන තරුණයකු සමඟින් ප්‍රේමයෙන් බැඳේ. මේ සබඳතාවය නිසා කැතරින්ගේ හිත තුළ බලවත් ශක්තියක් උපදී. එම තරුණයා ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට තරම් එය බලවත් වේ.
මැක්බත් යනු විලියම් ශේක්ස්පියර්ගේ Macbeth වේදි නිකොලායි ලෙස්කොව්ගේ Lady Macbeth of the Mtsensk District නම් නවකතාව පාදකකර ගනිමින් නිර්මාණය වූ Lady Macbeth චිත්‍රපටය රිදී තිරයේ දිග හැරුණේ පසුගිය අප්‍රේල් මාසයේදීය. එංගලන්තයේ ගම්බද පළාතක කැතරින් නම් කාන්තාව ආදරයක් නොමැති විවාහයකින් බැඳ තබන්නේ, තමන්ට වඩා දෙගුණයක් වයසින් වැඩි ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයා සමඟිනි. ඇලෙක්සැන්ඩර්ගේ පවුලේ උදවිය දැඩි ගතිගුණ ඇති අය වන අතර කිසිදා කිසිම වැරදීමකට සමාවක් නොදෙන තරම් වන පුද්ගලයන් වේ. කැතරින් තම සැමියාගේ වතු යායක සේවය කරන තරුණයකු සමඟින් ප්‍රේමයෙන් බැඳේ. මේ සබඳතාවය නිසා කැතරින්ගේ හිත තුළ බලවත් ශක්තියක් උපදී. එම තරුණයා ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට තරම් එය බලවත් වේ.
Lady Macbeth චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3/10ක් සහ විචාරක මනාපය රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ සියයට 91ක් ලෙස සටහන් වී ඇත. එහි ප්‍රමුඛ විචාරය සඳහන් කරන්නේ Lady Macbeth චිත්‍රපටය දැඩි ගතියක් ඇති හිතාගත නොහැකි අන්දමේ පුදුම සහගත නිර්මාණයක් බවයි. එම යුගයේ පැවති ස්වරූපය මනා ලෙස නිරූපණය කරන්නට චිත්‍රපටය සමත් වී ඇති බවත් එහි සඳහන්ය. කැතරින් ලෙසින් ෆ්ලොරෙන්ස්ගේ නිරූපණය ඉතාම විශිෂ්ට බවත් එම විචාරකයන්ගේ අදහසයි. මෙහි ප්‍රධාන නළු නිළියන්ගේ රංගනයන් ඉතාම විශිෂ්ට බවත් විශේෂයෙන් ෆ්ලොරන්ස්ගේ රංගනය බෙහෙවින් බලවත් බවත් එල්. ඒ වීක්ලි හි විචාරක අප්‍රිල් වුල්ෆ් පවසන්නීය. දි ඇට්ලන්ට්හි විචාරක ඩේවිඩ් සිම්ස් පවසන්නේ, චිත්‍රපටයේ නපුරු බව නිසා ඉවත බලන්නට සිත දුන්න ද එහි තිබෙන සුන්දරත්වය ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් ආකාර්ෂණය කරන බව විචාරක ක්‍රිස්ටෝපර් ලැමියර් පවසයි. එන්පීආර් විචාරක එලා ටේලර් පවසන්නේ, මිනිමරුවකු බිහිවන අයුරු දැකීමට Lady Macbeth චිත්‍රපටය කදිම නිදසුනක් බවයි.
|