වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත

සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත

ප්‍රවේගය රඟපෑ උදාරි පෙරේරා තවත් අපූරු රංගනයක

ඔවුන් සිනමාව හාදරණ තරුණියන් පිරිසකි. ප්‍රියා, මාලි, ජිනා, කෞෂි ඇතුළු තරුණියන් මෙලෙස සිනමාව හදාරනුයේ ආකර්ෂණීය සිනමාවකට දායකවීමේ ආශාවෙනි.

ඔවුන් අතර සිටින ප්‍රියා කෙලිලොල් රූමත් තරුණියකි. ඇය ඔවුන් කණ්ඩායමේ නායිකාවයි.

ගුරුතුමිය - කෝ නිරාෂා . . .

ඒ සමඟම පංති කාමරයට ඇතුල් වන නිරාෂා,

සොරි මැඩම් . . .

ඇය ගොස් තරුණියන් අතර ඇයගේ අසුනේ අසුන් ගනියි.

පි‍්‍රයා- ඔයා ප්‍රොජෙක්ට් එක දුන්නද?

මාලි - ඔව්.

ප්‍රියා - මොකද කිව්වේ?

මාලි - මැඩම්ට හිතාගන්නවත් බැරිව ඇති.

ඒ සමඟම ගුරතුමිය ඔවුන් වෙතට එන්නේ ෆයිල් කවරයක් ද අතැතිවය.

ගුරුතුමිය - කාගෙද මේ ප්‍රොජෙක්ට් එක?

මාලි - මාගේ මැඩම්.

ගුරුතුමිය - වෙරිගුඩ් . . . මාලි පොඩ්ඩක් එළියට එන්න.

ගුරුතුමිය පන්ති කාමරයෙන් එළියට යද්දී මාලි මහත් සතුටට පත්ව සිය මිතුරියන්ට උසුළු විසුළු කරමින් පංති කාමරයෙන් පිට වී ගුරුතුමිය වෙත යමින්,

‘මම මේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ හුඟාක් මහන්සි වෙලා මැඩම්. මේ ගැන අපේ ලාංකීය සමාජයම කම්පාවට පත්වේවි. පිරිමි සංහතියටම හොඳ පාඩමක් වේවි.

මාලිගේ මේ පුසාරම්වලින් ගුරුතුමිය කෝපයට පත්වේ.

‘නවත්වගන්න මාලි නවත්වගන්න. මේක මගේ ජීවිතේටම දැක්ක කසිකබල්ම ස්ක්‍රිප්ට් එක. මේකෙන් ෆිල්ම් එකක් කළොත් අපේ මේ සිනමා පාසැලටම අගෞරවයක්.’

සිනමාව කියන්නේ මිනිසුන්ට විඳවන්න නෙමෙයි විඳගන්න ඕන මාධ්‍යයක් හරිද . . .”

‘හරි මැඩම් මටත් ඕනේ අන්න ඒ ටික කරන්න’

‘මේකෙන් ෆිල්ම් එකක් කෙරුවොත් මිනිස්සු විඳිනවා නෙමෙයි ගල් ගහයි. මේක හරිම කොමන් ස්ටෝරි එකක්’

ඒ සමඟම මාලි සහ ගුරුතුමිය වෙතට නිරාෂා, ප්‍රියා, ජිනා සහ කෞෂි ද එයි.

ඔවුන් දකින මාලි මහත් සේ ලැජ්ජාවට පත් වෙයි.

ගුරුතුමිය - මට තවත් බලාගෙන ඉන්න බෑ. මේක මාලිට කරන්න බැහැ. නිරාෂා මම ඔයාට සති දෙකක් කල් දෙනවා මේ කට්ටිය ඔක්කෝම හවුල් කරගෙන ෆිල්ම් එකක් කරන්න. මේක තමයි ඕගොල්ලන්ගේ ටර්නින් පොයින්ට් එක . . . තේරුණාද . . .

ගුරුතුමිය පිටව යන අතර නිරාෂා මහත් සේ සතුටට පත්ව තරුණියන් සමඟ පිටතට එන්නේ තම නිර්මාණය ගැන කතා කරමින්ය.

නිරාෂා - අපි මේ ෆිල්ම් එක තිතට කරමු. ආයේ කාටවත් මාෆියා මුදලාලිලාට මුකුත් නොකියන්න.

මාලි - මම දෙන්නම් නියම කැමරා ඈන්ගල් ටිකක්. හැබැයි මට තව ඇසිස්ටන්ලා තුන් දෙනෙක්වත් ඕනේ . . .

නිරාෂා - ඒ මොකටද මාලි . . .

මාලි - එක්කෙනෙක් කැමරාව උස්සගෙන යන්න. අනිත් දෙන්න මගේ අත් උදව්වට.

නිරාෂා - මාලි මේ පිස්සු කෙළින්න හදන්න එපා. අපි අපිට දරගන්න පුළුවන් විදිහට අපේ උපරිමයෙන් කරමු. ඕගොල්ල හැමෝම මේකට හොඳට කැප වෙලා වැඩේ කරන්න ඕනේ . . . හොඳද . . .

සියලු දෙනා තම නේවාසිකාගාරයට යන්නේ මහත් සතුටෙනි.

රාත්‍රිය එළඹෙයි. නිරාෂා සිය තිර රචනය කිරීමට කල්පනා කරයි. ඇය තිර රචනයට අවශ්‍ය මූලික කතා වස්තුව ගොනු කර ගනියි. ඇය මහත් සතුටින් සිය මිතුරියන් වෙතට යයි.

ප්‍රියා - මොකක්ද ස්ටෝරි එක.

නිරාෂා - කතාව අපි වෙනස්ම පැති දෙකකට ගෙනියමු. එතකොට කුතුහලය වැඩියි. ඒක අදාර කතාවක්.

මාලි - ආදර කතාවක් . . . එතකොට කොහොමද කොල්ලට කෙල්ලව හම්බ වෙන්නේ . . .

නිරාෂා - නැහැ . . . කෙල්ලෝ දෙන්නෙක් . . .

මාලි - කෙල්ලෝ දෙන්නෙක් . . චී . . . චී . . . ඒ මොකක්ද ඒ . . .

නිරාෂා - පොඩ්ඩක් ඉවසපන් මාලි. ෂූට් එක ඔක්කොම ලැහැස්ති කරන්න. මේකයි කතාව. අපි එක කෙල්ලෙකුට දාමු නිමේෂා කියලා. අනිත් කෙල්ල ක්‍රිෂාණි . . .

ඒ සමඟම නිවසේ ආලෝකය විසන්ධි වේ. මිතුරියන් මහත් බියට පත්වේ.

ඒ සමගම ඔවුන් වෙතට ඉටිපන්දමක් දල්වාගත් අද්භූත ගැහැනියක් එයි.

නිරාෂා, මාලි ඇතුළු පිරිස බිය වී කෑ ගසයි.

‘බයවෙන්න එපා. මම ආවේ ඕගොල්ලන්ව ආලෝකයෙන් අන්ධකාරයට ගෙනි යන්න . . .

ඒ නිවෙසේ මෙහෙකාරිය කෝමලිය. ඒ සමඟම නිවසේ විදුලි පහන් දැල්වේ. ඔවුන්ට නැවත ආලෝකය ලැබේ.

නිරාෂා තම කාමරයට ගොස් තිර රචනය ලිවීම අරඹයි. ඇය කතාව ගොනු කර ගන්නා හඬ රැව් දෙයි.

හිරු බැස යන්නේ මුළු අහසම රක්ත වර්ණයෙන් බබලවමින්. ඇයි අපි ඒකට බය වෙන්නේ. අහස රක්ත වර්ණ කරන එකේ වගකීම අහස භාර ගනීවි. වලාකුළු කැළඹිලා එක එක හැප්පෙන කොට ඒ බියකරුකම නිමේෂාගේ මුහුණෙත් ඇති වේවි.’

රාත්‍රිය ගෙවී යයි. අලුත් දවසක් ඇරඹෙන්නේ නිරාෂා, ප්‍රියා, මාලි ඇතුළු තරුණියන් මහත් ප්‍රීතියෙන් තම සිනමා නිර්මාණයේ වැඩ පටන් ගැනීමට සිය ජීප් රථයෙන් පිටත්වීමත් සමඟිනි.

යංග් කෙල්ලෝ අපි ආව්

ෆන් ගන්න ආශාවේ

සෙට්වීලා ට්‍රිප් එකට

ජොලියක් සොයා . .

ඔවුන් මහ් සේ විනෝදයෙන් කුල්මත් වී රඟමින් ගයමින් ඔවුන්ගේ දර්ශන තලය වන ඩයමන්ඩ් හිල් වෙත ළඟා වෙයි.

මේ අතර තම මෝටර් රථය පසෙක නවතා තරුණියක් නිරාෂා සහ පිරිස රැගත් ජීප් රථයට නවතින ලෙස සංඥා කරයි.

ඒ රූමත් තරුණිය නිරාෂා ඇතුළු පිරිස වෙත ගමන් කරද්දී ඈත අහසේ උකුස්සකු තම ගොදුර සොයමින් පියාසර කරයි.

හායි . . . මම මධුකා . . .

නිරාෂා ඇතුළු පිරිස වෙත එන මධුකා නිසා ඔවුන්ගේ ජීවිත කතාව වෙනස්ම පිටුවකට පෙරළෙයිද . . .

තිර රචනය සහ අධ්‍යක්ෂණය

කල්යාණ චන්ද්‍රසේකර

සිංහල සිනමාවේ වාර්තාවක් තබන “සේයා”

සිංහල සිනමා වංශ කතාවේ ප්‍රථම වරට කාන්තා චරිත නිරූපණයන් පමණක් එළි දකින චිත්‍රපටය වන ‘සේයා’ ළඟදීම ප්‍රදර්ශනයට නියමිතිය.

කුමරි වයසේ දඟකාර යෞවනයේ භීෂණය ගැන කියන ‘සේයා’ කල්යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයකි.

උදාරි පෙරේරා, දිල්හානි ඒකනායක, මැණික් විජේවර්ධන, නිරෝෂා මෛත්‍රී, දීපානි සිල්වා, සිනෙති අකිලා, විශාකා සිරිවර්ධන, ගයාත්‍රි ඩයස්, මානෙල් වානගුරු, මානෙල් චන්ද්‍රලතා, ඉන්දික සුභසිංහ, රෝමා රෝසි ජයකොඩි, හෙලන් රෙනොල්ඩා, තුෂාරා වේහැල්ල, සෙව්වන්දි දිසානායක ඇතුළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වන සේයා සිනමා නිර්මාණය නීරෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඒ. පාරිස්ටර් සහ තරංග අතුරලියගේ නිෂ්පාදනයකි.

සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ජින්ජර්, සිත් රූ පාඨලී, මංජුලා කන්නන්ගර ගීත ගායනයෙන් ද, චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් මල්ලවාරච්චි ගීත රචනයෙන් ද දායක වන සේයා කැමරා අධ්‍යක්ෂණය ලාල් ඩයස් ගෙනි.

බන්දුල වීරසේකර කලා අධ්‍යක්ෂණයෙන් ද, සංජය නිපුනආරච්චි වේෂ නිරූපණයෙන් ද, ටෙඩී විද්‍යාංලකාර විශේෂ ක්‍රියාදාම මෙහෙයවීමෙන් ද, ඉමල්ක වෙන්රෝයි බ්‍රිටෝ නැටුම් අධ්‍යක්ෂණයෙන් ද, ගුණවර්ධන එදිරිසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, කුමුදු ලමාහේවා ඇඳුම් සහ දුලිප් ගුණරත්න කොණ්ඩා සැකසීමෙන් ද, සම්පත් රත්නායක සහය අධ්‍යක්ෂණයෙන් ද දායක වූ සේයා විශේෂ දෘෂ්ඨි ප්‍රයෝග සහ සංස්කරණය රුවන් චාමර රණසිංහගෙනි.

සරසවි චිත්‍රාගාරයේදී 2ම් සහ 4ම් තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ප්‍රථම සිංහල චිත්‍රපටය වන සේයා ශබ්ද සැලසුම ශෂික රුවන් මාරසිංහගෙනි.

ඇගේ ආත්මය ඔබ ලුහුබඳිනු ඇත. තේමාව රැගත් සේයා තිර රචනය සහ අධ්‍යක්ෂණය කල්යාණ චන්ද්‍රසේකරගෙනි.

සේයා නීරෝ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.