|
බොම්බාය මඟහැර සිනමාව සොයා ගියෙමි - 3
ඔබ යුද්ධ කළේ ඇයි?පූනාවේ චිත්‍රපට ආයතනයට ඇතුළු වන්නන්ට දැකිය හැකි කලා ශිල්ප බොහොමයකි. පරිශ්‍රයේ ප්‍රධාන මාර්ගයේ දෙපස බලන්නෙකුට ඒ ගැන හොඳින්ම අවබෝධ වෙනවා නොඅනුමානය. ඒ සඳහා බොහෝ විට පාදක වූයේ මඟ දෙබස වෘක්ෂයකි. එසේ නැතහොත් බිත්තියක තිබෙන ඉඩ ඉතා හොඳින් යොදාගෙන ඒවා මත චිත්‍ර නිර්මාණය කළවුන් චිත්‍රපට ආයතනය තුළ සිට ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. නමුත් ඒවා කාලයෙන් කාලයට සුරැකිව තබා ගැනීමට තරම් එහි සිටිනවුන් පරිස්සම්කාරී විය. සත්‍යජිත් රේ, චාලි චැප්ලින්, චේ ගුවේරා ආදීන් එම චිත්‍රවලට පාදක විය. මධ්‍යම කැමරා ගබඩාවට අයත් බිත්තියේ අර්ධයකටත් වැඩිය අයත් වනුයේ 'ඝටක් පවුර' එසේත් නැත්නම් ට්ඩචබචඬ එචතත වෙතයි. එය ඝටක් පවුර ලෙස නම් වනුයේ ප්‍රකට බෙංගාලි සිනමාකරු රික්විත් ඝටක්ගේ ආලේඛ්‍යයක් එම පවුරේ ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති නිසාවෙනි.
චිත්‍රපට ගැන කතාබහ කිරීම මෙන්ම චිත්‍රපට බැලිල්ල ද අපගේ දෛනික කාර්යයකි. මේ කාර්යයේදී මා ගෝචර කොට ප්‍රත්‍යක්ෂ කර ගත් දේ නම් චිත්‍රපට බැලීමට වඩා චිත්‍රපට කියැවීම පශ්චාත් ස්නායුමය ක්‍රියාවක් බවයි. එනම් නිශ්චිත මොහොතක චිත්‍රපටයක් බැලීමේදී ක්‍රියාකාරී වන ස්නායුත් ඒ චිත්‍රපටයම තවත් මොහොතකදී දැනෙන විට ක්‍රියාකාරී වන්නේ වෙනස් ආකාරයකටය. ඇත්තෙන්ම ඒ සඳහා නිසි විවේකය හා පැහැදිලි මනසක් අත්‍යාවශ්‍යමය. අප බැලූ විටෙක කිය වූ චිත්‍රපට මෙතැකැයි කියා නිශ්චිත අංකයක් කිව නොහැකිය. දෛනික තිරගත කිරිම් මෙන්ම දේශන අතරතුරේ අපට හමුවන මූලාශ්‍ර චිත්‍රපට ද මේ සඳහා පිටිවහලකි. එමෙන්ම මාගේ කාමරයේ චන්ද්‍රිකා රූපවාහිනි නාලිකා ගොන්න ද මේ චිත්‍රපට බැලිල්ල පුළුල් කරයි. ඒ අනුව දෛනික කාල සටහනේ චිත්‍රපට බැලීම සඳහා වේලාවල් 2 ක් වෙන් කර තිබේ. සවස 5 සිට එක් චිත්‍රපටයකුත් රත්‍රී 8.30 ට සිට තවත් චිත්‍රපටයකුත් මේ පෙළගැස්මේ තිබුණි. දවස පුරාම චිත්‍රපට ආයතනයේ ගත කරන අප චිත්‍රපට බැලීම සඳහා යන්නේ ඊට මීටර් දෙතුන් සියයක ඈතින් වු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාර ශ්‍රවණාගාරය වෙතටයි. සංරක්ෂණාගාර ශ්‍රවණාගාරයේ අප නැරඹූ පළමු චිත්‍රපටය වූයේ රවි ශංකර් සොයුරු උදය ශංකර්ගේ .'කල්පනා' චිත්‍රපටයයි. ඉන්දියාවේ පශ්චාත් නිදහස් කාල වකවානුව සහ චින්තනය ගැන ප්‍රාමාණික අදහස් කිහිපයක් ලබා ගැනීමට චිත්‍රපටය ඉවහල් වුණ අතර කල්පනා ඉන්දියාවේ පශ්චාත් නිදහසේ කලාව අරභයා වූ ප්‍රාර්ථනාවන් ප්‍රක්ෂේපණය කළේ යැයි සිතිය හැකිය. සිනමාත්මක පැත්තෙන් විශිෂ්ට එකක් නොවුණ ද එය ඇත්ත වශයෙන්ම එකල සමාජ ප්‍රකාශනයකි. 2011 දී එළිදැක්වුණු රොන් ෆ්‍රීත් අධ්‍යක්ෂණය කළ 'සමිසාරා' චිත්‍රපටය වෘත්තාන්ත නොවන චිත්‍රපටයකි. අතිශය දියුණු දැක්මක් සහිතව ගොනු වන මෙය පර්යේෂණ ගණයේ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය චිත්‍රපට හදාරන්නන්ගේ නොමඳ ඇගයුමට ලක් වී ඇතුවා සේම අධ්‍යයන මූලයක් ලෙස ඉතා වටිනා චිත්‍රපටයක් බව හැඳින්විය හැකිය. එනමුත් මා ආහ්ලාදයට පත් වූ කරුණ නම් 65 ර්ර් තරම් ප්‍රබල මාධ්‍යයකින් නිම වූ අනර්ඝ රූප තත්ත්වයේ චිත්‍රපටයක් පුළුල් තිරයේ සිනමාහල් ශබ්ද මිශ්‍රණයක් සහිතව නැරැඹීමට ලැබීමයි. රිත්වික් ඝටක්ගේ 'මේග ධක තාරා' චිත්‍රපටය ද අප නැරැඹුවේ මේ අතවාරයේදීය. මට නම් හැඟුණේ 'මේග ධක තරා' අප විශේෂ කොට නැරැඹුවේ සත්‍යජිත් රේගේ සිනමා හැදෑරීම පිණිස කරන ලද ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයක් ලෙසටය. සත්‍යජිත් රේ ගෙන් අප එකල බෙංගාලය ගැන බොහෝ අවබෝධයක් ලබා තිබුණ ද රිත්වික් ඝටක් ගේ 'මේග ධක තාරා' මා හට නවක පැරැණි බෙංගාලය මැවී පෙනිණි. කෙසේ වුව ද අප සිනමාවේ 'ශබ්දය' ගැන කලාත්මක ප්‍රවිෂ්ටයක් ගත්තේ මේග ධක තාරා තුළින්ය.
අපට හමු වූ තවත් මූලාශ්‍ර චිත්‍රපට 2 ක් වූයේ ස්ටැන්ලි කූබ්‍රික්ගේ 'ස්පේස් ඔඩිසි' සහ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ 'අපොකලිප්ස් නව්' චිත්‍රපට 2 කයි. ඇත්ත වශයෙන්ම ඒ චිත්‍රපට ඉතා ප්‍රවේශමෙන් බැලිය යුතු බව අවධාරණය කෙරිණි. එයට හේතුව වූයේ මෙකී චිත්‍රපට දෙකම මුලාශ්‍ර කොට ගත්තේ සිනමාව කලාවක් ලෙස රසවින්දනය කිරීමේ බුද්ධිමය ව්‍යායාමය වෙනුවෙන් යොදා ගැනිමයි. සිනමාවේ නිහඬ යුගයට ද ගමන් කළ අප චාලි චැප්ලින් මෙන්ම චාලිගේ වැස්මෙන් වැසීගිය බස්ටර් කීටන්ගේ කර්තව්‍ය ගැන ද කතා කළෙමු. චාලිගේ 'ද කිඩ්' මෙන්ම බස්්ටර් කීටන්ගේ 'ද ජෙනරල්' ද අපි නැරැඹුවෙමු. ග්‍රිෆිත්ගේ 'ද බර්ත් ඔෆ් අ නේෂන්' සමඟ අයිසන්ස්ටයින්ගේ 'බැටිල්ෂිප් පෝටම්කින්' ද ඒ ගොන්නට එක් විය. එකල මොන්ටාජ් අවධිය ගැන විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමේදී සෝවියට් චිත්‍රපට අපට මුලාශ්‍ර විය. වෘත්තාන්ත නොවන චිත්‍රපට ඛාණ්ඩය යටතේ වාර්තා චිත්‍රපට යනු සිනමාවේ සුවිශේෂි කාර්්‍යයක් කළ චිත්‍රපට විශේෂයක්ය. වාර්තා චිත්‍රපට කලාව වෙනුවෙන් ජෝන් ග්‍රියර්සන් ආදීන් දුන් නිර්වචන සේම බැසිල් රයිට් ආදීන් එදා බ්‍රිතාන්‍යයේද කළ විෂය මූලික වැඩ කටයුතු ගැන ප්‍රක්ෂේපණයෙන් දැනගන්නට අපට අවස්ථාව උදා විය.
මා හට තවත් අහ්ලාදජනක අත්දැකීමක් වූයේ ලෝකයේ අදටත් හොඳම චිත්‍රපටවලට හිමි ස්ථාන 2 දිනා තිබෙන ඒ සර්වකාලීන සිනමාපට දෙක 'සිටිසන් කේන්' සහ 'ද ගෝඩ් ෆාදර්' පුළුල් තිරයක නරැඹීමේ භාග්‍ය ලැබීමයි. කුඩා කළ ඍඩ්ඉ පටයක නැරැඹූ ගෝඩ් ෆාදර් තාක්ෂණිය දියුණුවත් අන්තර් ජාලයෙන් ස්වල්ප කොටස් නැරැඹූ මට පුළුල් තිරයක උපරිම ශබ්ද සමග නැරැඹීම ඇත්තෙන්ම බලා සිටිද්දී මගේ මුඛය භාගෙට අරින්නට තරම් සමත් විය. මට වඩා විශේෂිත කරුණක් වූයේ මෙයයි. මනි රත්නම් 2002 දී තිරයට ගෙනා 'කන්නත්නිල් මුත්තමිට්ටාල්' චිත්‍රපටය ප්‍රදර්ශනය විය. එය ලංකාවේ යුද්ධය අළලා ගෙතුණු මනරම් කතාවකි. එය ප්‍රදර්ශනයෙන් අනතුරුව බොහෝ දෙනාට පිළිතුරු බඳින්නට වූයේ මා හටය. ඔවුන් කවදා හෝ ලංකාව යුද කළ හෝ ඉන් බැට කෑ රටක් බව දැනසිටියේ නැත. (අපගේ තමිල්නාඩු සොයුරු සොයුරියන් හැරෙන්නට) ඔවුන් එක පිම්මේ නැඟු ප්‍රශ්නය නම් ඔබලා යුද්ධ කළේ ඇයි ද යන්නයි. ඉන් මත්තට බෙහෝ දෙනාට ලංකාවේ දෙස්පාළුවන් බිහි කළ වාර්ගික යුද්ධය ගැන ඇකඩමික් මුලාශ්‍ර සපයන්නට මට සිදු වුණි.
අපූරු මිනිසුන්ගෙන් සමුගැනීම ලබන සතියේ |