|
මිලියන 10ක්
රිතික් රෝෂන්ගේ ට්විටර් ගිණුමේ සාමාජිකයන් සංඛ්‍යාව පසුගියදා මිලියන 10 සනිටුහන් කළා. මේ වන විට බොලිවුඩයේ ට්විටර් මිතුරන් වැඩිම ගණනත් සිටින්නේ අමිතාබ් බච්චන්ට. ඔහුගේ මිතුරන් සංඛ්‍යාව මිලියන 15ක්. දෙවැන්නා ෂාරුක්. තෙවැන්නා අමීර්. ඊළඟට සල්මන්. ඇත්තටම ඒ සතුට කෙතෙරම්ද කියන්න නම් ඒක විඳින්නම ඕනි කියලයි රිතික් කියන්නේ. මේ නිසාම රිතික්ට රංගන ක්ෂේත්‍රයේ වැඩ කරන්නත් අමුතුම ශක්තියක් ලැබිලා. රිතික් ඒ සතුට සිය ට්විටර් පිටුවේ සටහන් කළේ මේ අයුරින්. “ඇත්තටම මිලියන 10ක්. දැන් තමයි තේරුණේ. ඒක කෙතරම් නම් අපූරුද? ස්තූතියි මිතුරනි, මිතුරියනි. මම පොරොන්දු වෙනවා මගේ උපරිමයෙන් සේවය කරන්න”. රිතික් මේ දවස්වල මොහෙන්ජෝ දාරෝ චිත්‍රපටයේ රූගත කිරිම් සහා කාලය වෙන් කරලා තියෙන්නේ.
|