|
|
ෆ්ලෑෂ් ගෝඩ්න් ජාතික රූපවාහිනියෙන්
බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ ද රූපවාහිනි චැනල් මඟින් විකාශය කරන ලද ‘ෆ්ලෑෂ් ගෝඩ්න් ’කතා පෙළ මුල් විකාශයේ දී මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර වූ බව නැරැඹුම් වාර්තා පෙන්වාදෙයි. කාල යුග දෙකක් අතර ගෙතෙන මේ කතා පෙළ විශ්ව ගවේෂණ චාරිකාවකි. ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි ‘ෆ්ලෑෂ් ගෝඩ්න්’ පිට සක්වල ජීවීන් වටා ගෙතුණු හොඳම විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැලකෙයි.
දර්ශන පනංගලගේ සොයුරා මිය යයි
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හඬ කැවීම් ඒකකයේ නිෂ්පාදකවරයෙකු වන දර්ශන පනංගලගේ වැඩිමහල් සොයුරු අනෝජිත් පනංගල ඉතාලියේ මිලානෝ නුවරදි හදිසියේම අභාවප්‍රාප්ත විය. ජූනි දෙවැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට රැගෙන එන දේහය කඩුවෙල බෝමරියේ ඔහුගේ නිවෙසේ තැන්පත් කර හතර වැනි සෙනසුරාදා පස්වරුවේදී බෝමරිය සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
ටවර් හෝල් රඟහල පදනමෙන් භාත් ඛණ්ඩ විභාගයට අයැදුම්පත්
ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨය මගින් පවත්වනු ලබන 2015 නැටුම් හා සංගීත විභාගය සඳහා බාහිර අයැදුම්කරුවන්ගේ අයැදුම්පත් භාර ගැනීම සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අනුබුද්ධිත ටවර් හෝල් රඟහල පදනම මගින් මේ දිනවල සිදු කරනු ලැබෙයි. අයැදුම්කරුවන්ට තම අයැදුම්පත් කොළඹ 07, විජේරාම මාවතේ, අංක - 123, සව්සිරිපාය පරිශ්‍රයේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් කාර්යාල වේලාව ඇතුළත ලබාගත හැකිය. අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය අගෝස්තු මස 03 වැනිදායි. |



ලොව අතිශය ජනප්‍රිය වූ විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වන ‘ෆ්ලෑෂ් ගෝර්ඩ්න්’ 2007
වසරේ දී ඇමරිකාවේ සයිෆයි සැටලයිට් චැනලයෙන් විකාශය වූ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ
කතා මාලාව ජාතික රූපවාහිනියෙන් අද ( 02 වැනිදා) සිට සෑම සඳුදා පටන් සිකුරාදා දක්වා
රාත්‍රී 09.00 ට විකාශය කෙරෙයි.