|
බඩ නැත්නම් වැඩ නෑ...
සාමාන්‍යයෙන් ඉස්කෝලවල සෑම පන්තියකම ඉන්නවා කඳ බඩ මහත ළමයි. එහෙම උස මහතට හිටියට ඒ බහුතරයකට වැඩ බැහැ. ඉතින් ඒ ළමයි වැරැද්දක් කළාම ගුරුවරුන් බනින්නෙ කඳ බඩ තිබුණට උඹෙන් වැඩක් නැහැ, කිසි වැඩක් බැහැ කියලයි. එහෙම බහුතරයක් කඳ බඩ තියෙන අයට වැඩ බැරි වුණත් ගිහාන් ප්‍රනාන්දුට නම් එහෙම බැහැ. මොකද කඳ බඩ මහතට තිබුණට ගිහාන්ගෙ වැඩ නම් අයෙ කතා කරන්න දෙයක් නෑ.
කොහොම හරි මේ බඩ ගිහාන්ට හැර අනිත් හැමෝටම ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් නළු නිළියන් තමන්ගෙ බඩ ඉදිරියට නෙරා එනවට කැමැති නෑ. නොයෙක් දේ කරනවා බඩ අඩුකර ගන්න. සමහර අය තුන් වේල දෙවේල කරගෙන කනවා බඩ හින්දා. ඔන්න ඔය අතරෙ එක්තරා තැනකදී මිත්‍රයන් පිරිසක් ගිහාන්ගෙ බඩ ගැන කතා වුණාලු. ඔහුගෙ බඩ අඩුකරන ක්‍රමෝපායන් ගැනලු ඔවුන්ගේ කතාව. ඔයාලා හදන්නේ මගෙ රස්සාව නැති කරන්නද? බැරිම තැන ගිහාන් එහෙම අහලා. ඒ මොකෝ ගිහාන් අයියේ එහෙම කියන්නේ? මගෙ මේ බඩ නිසයි මට චරිත ලැබෙන්නෙ. බඩ නැත්නම් ඉතින් මමත් ගෙදර. ගිහාන් එහෙම කියලා තියෙන්නෙත් බඩ අතගගා. |