|
විශ්වාසය පාදක කරගත් දැන්වීමක්
මේ පුංචි දඟකාරයා නිමන්ති පෝරගේ ගේ පුත්‍රයා
“ඇයි තාත්තා කොළ අත්තක් එල්ලුවේ?” “විශ්වාසෙට”.
“අපේ මුතුන් මිත්තන් එහෙම කළේ පාර වරදින එකක් නැහැ කියන විශ්වාසයට. ” “ඉතිං තාමත් පාර වරදිනවද?” “හරි විශ්වාසවන්තයෙක් ඉන්නවානම් පාර වරදින්නේ නැහැ.”
පියෙකු, මවක සහ පුංචි පුතෙකු දුර ගමනක් යන අවස්ථාවකදී ඇති වන මේ සංවාදය අසන, දකින
ඔබට හැඟෙනුයේ කුමක්ද? අතීතයේ මුතුන්මිත්තන් කොළ අතු එල්ලා දුර ගම අපේ රටේ ප්රමුඛ පෙළේ බැංකුවක ණය පහසුකමක් පිළිබඳ විස්තර ගෙන එන මේ දැන්වීම පිළිබඳ කාගේත් අවධානය යොමුව තිබේ. එහි නිර්මාණ අධ්යක්ෂ හරිත් ගුණවර්ධන සමඟින් මේ විශේෂ දැන්වීම පිළිබඳ තොරතුරු කතා කරමු. පැරණි සංකල්පයක් වර්තමාන සමාජයට ගෙන එමින් මෙවැනි නිර්මාණයක් කරන්න හිතුවේ ඇයි?
මේ වෙනුවෙන් අදහස ඇති වුණේ කොහොමද? ඇත්තටම ඒක මගේ අත්දැකීමක් කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. වර්තමානයේ අපට අතරමං වෙන්න කැළෑ පාරවල් නැහැනේ. ඒ වුණත් අපි සමහර වෙලාවට සමහර තැන්වලදී මේ වැනි විශ්වාසයන්ට මුල් තැන දෙනවා. කවුරු කොහොම කිව්වත් සමහර සංකල්ප අදටත් ජනතාව අතරේ තිබෙනවා. 1990 වසරේදී පමණ මට මේ අත්දැකීම ලැබුණේ. මම මගේ මිතුරෙක් සමඟින් පොලොන්නරුවට ගිය ගමනකදී හබරණ කැලය ආසන්නයේ වාහනය නතර කළ මගේ මිතුරා කොළ අත්තක් කඩා ගසක එල්ලීමෙන් අනතුරුවයි යළිත් ගමන පිටත් වුණේ. එදා මමත් අර පුංචි පුතා වගේ ඇයි එහෙම කළේ කියා ඇහුවා. ඔහුගේ පිළිතුර වුණේ ආරක්ෂාව වෙනුවෙන් වූ විශ්වාසය කියන එකයි.
පැරණි දේවල් සදාකාලික මතක මෙය වෙළඳ දැන්වීමක් දක්වා පැමිණි ආකාරය සිහිපත් කළොත්? මෙය අධ්‍යක්ෂණය කළේ අපේ කලා ක්ෂේත්රයේ විශේෂ වූ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න ජයකොඩි. අපි දෙන්නා මුලින්ම මේ පිළිබඳ විශාල කතාබහක යෙදුනා. එහිදි එකඟතාවයට පැමිණ නිර්මාණ කටයුත්ත ආරම්භ කළා. මේ නිර්මාණයට සුදුසුම කෙනා ප්‍රසන්න බව මගේ විශ්වාසයක් තිබුණා. ඔහු ඉතාම සාර්ථකව මගේ නිර්මාණයට පණ දුන්නා. ඒ වගේම මේ නිර්මාණය තුළින් අදාළ ආයතනයේ අනන්‍යතාවය මතු කර පෙන්වන්නත් විශේෂ ලක්ෂණ මතු කළා. මේ දැන්වීමේ වර්ණ දෙස වුවමනාවෙන් බැලුවොත් ඔබට එය තේරුම් ගන්න හැකි වේවි. ඕනෑම වෙළෙඳ දැන්වීමක් තත්පර තිහකට සීමා වුණත්. අපි මෙය තත්පර හතළිස් පහක් දක්වා නිර්මාණ කළා. සම්පත් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාරක රන්වලගේ අදහස වුණේ මේ දැන්වීමේ එක තත්පරයක්වත් කපන්න එපා කියන එකයි. ඔහු මෙහි වටිනාකම හොඳින්ම වටහා ගත්තා.
මේ වෙනුවෙන් ජනාකීර්ණ ප්‍රදේශයක් අපිට තෝරා ගන්න බැහැ. ඒ වෙනුවෙන් සුන්දර ප්‍රදේශයක් අපට හමු වුණේ දකුණු පළාතෙන්. ලුණුගම්වෙහෙර ආශ්රිත භූමි ප්‍රදේශයක් අපි මේ වෙනුවෙන් තෝරා ගත්තා. බැංකුවේ රූගත කිරීම් වෙනුවෙන් තිස්සමහාරාම ශාඛාව යොදා ගත්තා. දැන්වීම ගැන කතා කරන විට මෙහි ප්‍රධාන චරිතයක් වන පුංචි පුතා ගැනත් කතා නොකරම බැහැ. ඔහු මවුලි මතීෂ. ඔහුට ඒ හැකියාව ලැබෙන්න ඇත්තේ කොහෙන්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඔබ කවුරුත් හඳුනන රංගන ශිල්පිනි නිමන්ති පෝරගේ සහ කැමරා ශිල්පී ප්‍රභාත් රොෂාන් යුවළගේ ආදරණීය පුත්‍ර රන්නය තමයි මතීෂ. මතීෂ පුතා ඉතාම දක්ෂ ලෙසින් මේ සඳහා තම දායකත්වය ලබා දෙනවා. අපට ඒ බව කිව්වේ දන්වීමේ නිර්මාණ කණ්ඩායම. ඒවගේම හරිම දඟයෙක් කියලා තමයි අපට ආරංචි වුණේ. කොහෙම වුණත් රංගනය නම් අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැහැලු. මොන තරම් දඟකාරකම් කළත් රූගත කෙරෙන වෙලාවට අවශ්‍ය විදියට දායකත්වට ලබා දෙන්න මතීෂට තියෙන්නේ අපූරු හැකියාවක්. අධ්යක්ෂ ප්‍රසන්න ජයකොඩි පුතා ගහ දිහා බලන්න කිව්වම, “අංකල් මම පුදුමයෙන්ද බලන්න ඕනි” කියලා මේ පුංචි මතීෂ අහනවාලු. මේ දැන්වීම නරඹන ඔබත් ඔහුගේ දක්ෂතාවය දැනටමත් වටහා ගෙන ඇතුවා ඇති. මවුලි මතීෂ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙක වසරේ ඉගෙනුම ලබන්නේ. රංගනයට වගේම අධ්‍යාපන කටයුතුවලත් ඉදිරියෙන් සිටින මේ පුංචි පුතා ක්‍රීඩාවටත් දක්ෂයි. ඉදිරියේදී තිරගත වෙන්න නියමිත ‘ආකර්ශා’ සහ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටවලින් මේ දඟකාරයාගේ රංගන දස්කම් ඔබට දැකබලා ගන්න අවස්ථාව තිබෙනවා.
ඔව්. එයත් සම්පත් බැංකුවේ ඩබල් එස් ඉතුරුම් ගිණුම වෙනුවෙනුයි නිර්මාණය කළේ. එහි අදහස දෙගුණයක් නිසා හැම දේම දෙක බැගින් යොදා ගත්තා. ඒ වෙනුවෙන් දායක වුණේ නිවුන් සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් මීට පෙර කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක නොවූ අය. නමුත් ඔවුන් ඒ නිරූපණය ඉතා කදිම අයුරින් ඉටු කළා. එය අධ්‍යක්ෂණය කළේ නිලාන් කුරේ. මේ අයුරින් අලුත් මුහුණු එක් කිරීමෙන් නිර්මාණයට යහපතක් සිදු වෙනවාද?
මගේ අදහස නම්, ඔව්. අපි ටෙලි නිර්මාණ, චිත්‍රපට ආදී වූ විවිධ නිර්මාණ තුළින් හැමදාම
දකින මුහුණුවලට වඩා අලුත් මුහුණු නැවුම්. එය අපේ නිර්මාණයටත් අලුත් බවක් ගෙන එනවා.
බොහොමයක් වෙළෙඳ දැන්වීම් සඳහා නිරූපණ ශිල්පීන් තමයි යොදා ගැනෙන්නේ. රංගන ශිල්පීන්
යොදා ගන්නා අවස්ථාද වෙනවා. මම මේ දෙපිරිස අතරේ ලොකු වෙනස්කමක් දකිනවා. රංගන
ශිල්පීන් දර්ශන තලයට යන්නේ නිර්මාණ කණ්ඩායමට ආචාර කිරීමෙන් අනතුරුවයි. නිරූපණ
ශිල්පීන් එමෙම නෑ. ඔවුන් කෙලින්ම දර්ශන තලයට යනවා. මේ දක්වා කාලය තුළ ක්ෂේත්රයේ ලද
අත්දැකීමෙන් රංගන
මේ නිර්මාණයන් හරහා අදාළ පණිවුඩය සමාජ ගතවීම ඔබ සිතූ අයුරින්ම සාර්ථකව සිදු වෙනවාද? මම සෑම විටම උත්සාහ කරන්නේ සාර්ථකව ජනතාවට දැනෙන අයුරින් අදහස් මගේ නිර්මාණ හරහා ඉදිරිපත් කරන්නයි. මේ නිර්මාණ ද්විත්වයෙන්ම එය ඉටුවන බව ලැබෙන ප්‍රතිචාරයන්ගෙන් දැනෙනවා. ලෙන්ඩින් ණය පහසුකම වෙනුවෙන් වූ දැන්වීමේදී මිත්‍යා මතයක් යැයි සිතුවද ඒ තුළ පවතින විශ්වාසය මේ නිර්මාණය සමාජගතවීම සමඟින් නැවතත් කතාබහට ලක් වෙලා තිබෙනවා. අද බොහෝ දෙනා ඒ ගැන කතාබහ කරනවා. ඒ නිසා මේ හරහා මම කියන්න උත්සාහ කළ දේ සාර්ථකව ජනතාව අතරට ගොස් තිබෙනවා.
|