|
දැන්වීම් ඇලවීම තහනම්
සැඩසුළං ළඟදීම
මෙහෙම පෝස්ටරයක් රට පුරා ඇල වුණා. මිනිස්සු බියෙන් ඇලලී ගියා. ඇත්ත වශයෙන්ම ඒ
දැන්වීමෙන් ශ්‍රී ලංකාවම කැළඹුණා කිව්වොත් මම වැරැදි නැහැ. සමහරු පත්තර කන්තෝරු,
පොලීසි ආදී තැන්වලින් මේ පිළිබඳ විමසන්න පටන් ගත්තා. ඒතරම්ම බලපෑමක් මෙමඟින් රටේ
ජනතාවට සිදු වුණා. මේ දැන්වීම ටී. සෝමසේකරන්ගේ නිර්මාණයක්. ඔහු එය තැනුවේ තමන්
විසින් අධ්‍යක්ෂණය කළ සැඩ සුළං චිත්‍රපටය වෙනුවෙන්. මෙහි ප්‍රධාන චරිතය මැව්වේ
ෆ්ලොරිඩා ජයලත්. සුජාතා චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතය නිරූපණය කළේ ද ඇය. ෆ්ලොරිඩාව
සොයා ගැනීම පිටුපස අපූරු කතා පුවතක් තියෙනවා. ඇය සුජාතාට කලින් චිත්‍රපට දෙක තුනක
ඉතාම සුළු චරිත රඟපෑ කෙනෙක්. මේ
ඔය කොටස යද්දී තිරයේ දිස් වුණේ දෙවටොර. එදා ඉඳලා තමයි අපේ කොල්ලො කාන්තාවකගේ දෙවටොර ගල යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්න පටන් ගත්තේ. කොහොම හරි ඒ කාලයේ එම ගීය ඉතාම ජනප්‍රිය වුණා. පහුකාලීනව ශාන්ති වැඩි වශයෙන් නිරූපණය කළේ මවගේ චරිතයයි. විජය කුමාරතුංග ඇතුළු නළුවන් රැසකටම ඇය තිරයේදී මව වුණා. සුජාතා චිත්‍රපටයේ දුෂ්ඨයා ඩොමී. ඔහුව තිරයට හඳුන්වා දෙන්න කලින් දුම්වලලු පෙන්වනවා. එතකොට මිනිස්සු දන්නවා මේ ඉන්නේ දුෂ්ඨයා කියලා. ඩොමී උගත් නළුවෙක්. ඒ වගේම මහත් වූ උජාරුවකින් කල් ගෙවූ පුද්ගලයෙක්. සුජාතා පෙම්වතා වූ ප්‍රේම් ජයන්ත් ගැන වැඩි දෙනෙකු නොදන්නා කතාවක් මම කියන්නද? ඔබ කවුරුත් පළඳින බාටා සෙරෙප්පුව ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රේම්. ඔහු ඒ කාලේ බාටා කොම්පැනියේ ක්‍රියේටිව් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කළා. නිකමටවත් හිතන්න පුළුවන් ද බාටා සෙරෙප්පුව නිර්මාණය කළේ ලංකාවේ හිටපු සුපිරි නළුවකු වන ප්‍රේම් කියලා. ප්‍රේම් ජයන්ත්ගේ රැලි කොණ්ඩය, ගිනි කූරු රැවුල මම පවා අනුකරණය කරලා තියෙනවා. මම විතරක් නෙවෙයි බහුතරයක් පිරිමි ළමුන් එකල ඇවිද්දේ ප්‍රේම් විදිහට. සෝමසේකරන් ෆ්ලොරිඩාව සැඩසුළං චිත්‍රපටයට ගත්තා. චිත්‍රපටයත් ඉතාම සාර්ථක වුණා. ඒ කාලයේ කට කතාවක් තිබුණා සෝමෙයි ෆ්ලොරිඩායි අතර ආදරයක් තියෙනවා කියලා. සැඩ සුළං ආදායම් උපයද්දී ඒ සතුටට සෝමෙ විසින් වටිනා කාර් එකක් ෆ්ලොරිඩාට තෑගි කළා. ඉතින් ඒ හින්දා අර කටකතාවත් තහවුරු වුණා. සෝමසේකරන් ගාව පුදුම විදිහේ මාකටිං අදහස් තිබුණා.
මෙන්න මේ පෝස්ටරයත් සෝමෙගෙ නිර්මාණයක්. කැලෑහඳෙන් ආව නළුවා ගැන මං ගිය සතියෙත් කිව්වනෙ. ඔහු තමයි ස්ටැන්ලි පෙරේරා. එහෙමත් නැතිනම් සබීතාගේ පියා. ඔහුට සුකුමාල පෙනුමක් තිබුණා. මෙම චිත්‍රපටයෙන් තමයි අපේම චිත්‍රපට කලාවට රංකිරි කට ගෑවෙ. මං සුජාතා සහ කැලෑහඳ කියන චිත්‍රපට යුවලට ඉතාම කැමැතියි. මන්ද යත් එමඟින් තමයි හෙළ සිනමාව තුළ විප්ලවීය වෙනසක් ඇති කළේ. චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් වශයෙන් ගොඩ නැගුණේ ද මේ කාලේ. අපේ මිනිස්සුන්ට එකල බලන්නට තිබුණේ බටහිර හෝ ඉන්දියානු චිත්‍රපට. ඒවා නරඹලා එහි නළු නිළියන්ට වහ වැටී හිටියා. අපේ මවු චිත්‍රපට කලාවක් රෝපණය කරන්න වැඩි දෙනෙකු උත්සාහ ගත්තත් ඒ සෑම අවස්ථාවකදීම ඉන්දීය ගති ලක්ෂණයන්ගෙන් යුතු චිත්‍රපට මිසක අපේ දෙයක් බිහි වූයේ නැහැ. සුජාතා සහ කැලෑහඳ ඉන් පරිබාහිරව ගමන් කළා. ඔය අතරේ හෙළ සිනමාවට තවත් අපූරු තැනැත්තෙක් බිහි වුණා. වැඩකාරයෝ ඉන්නේ දකුණේ කියන්නා වගේ ඔහු ද හැදී වැඩුණේ දකුණු පළාතේ. ඒ වෙන කවුරුවත් නොව සිරිසේන විමලවීර. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශීයත්වයට මුල් තැන දුන් අයෙක්. ඒ වගේම ඇන්දෙත් දේශීය විදිහට. ඔහු සටන් කළා විදේශීය බලවේගයන්ට එරෙහිව. ඒ වගේම දේශීයත්වයෙන් යුතු චිත්‍රපට ගණනාවක්ම ඔහු හැදුවා. එය ආරම්භ වන්නේ පොඩි පුතා චිත්‍රපටයෙන්. ඔහු එහි ප්‍රධාන චරිතයකුත් මැව්වා. නවජීවන චිත්‍රාගාරය ද පිහිට වුණේ විමලවීර. එමඟින් තව තවත් දේශීය ඌරුවට චිත්‍රපට ඔහු හැදුවා. විමලවීරගේ පුතුන් දෙදෙනා පසුකාලීනව සිනමාවට යොමු වුණා. ඒ දයා විමලවීර සහ උපසේන විමලවීර. ඔය කාලයේ තමයි දීපශිකා කියලා සම්මාන උළෙලක් ඇරැඹෙන්නේ. එහි හොඳම නිළිය ලෙස රුක්මණී දේවි සම්මාන ගත්තා. ඒ කැලෑහඳ චිත්‍රපටය වෙනුවෙන්. පොඩි පුතා තමයි හොඳම චිත්‍රපටය වුණේ. පළමු දීපශිකා සම්මාන උළෙලේ හොඳම නළුවා කවුද දන්නවද? ඒ සම්මානෙට උරුමකම් කීවේ සිරිසේන විමලවීර. බලාගෙන ගියාම ඔහු දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු පමණක් නොව හොඳ නළුවෙක් ද වුණා.
අර්නස්ට් වඩුගේ ගේ අතීතයෙන් මීබිඳු සටහන් කරන්නේ |