|
ලංකාවේ රිළා රජ දහන ලොවපුරා රසික ආදරයට
පරිණාම වාදයට අනුව මිනිසා පැවත එන්නේ වානරයාගෙන් බව කියවේ. අපට හුරුපුරුදු රිළවුන් නැමැති සත්ව කොට්ඨාසය තුළද අප අපට සමාන වූ සමානකම් බොහෝ දකින්නෙමු. ඇඳුම් ආයිත්තම් ඇඳ කුටුම්භ ජීවිතයක් නොගෙවුවද ඔවුහු පවුලක් සේම පවුල් රැසක් එක්වූ අපූරු කණ්ඩායමක් ලෙස ජීවිතය ගෙවන්නෝ වෙති. දරු සෙනෙහසින්ද ඔවුන් ඉහළය. කුඩා පැටවුන් බඩ බැඳ රූස්ස ගස් මත එහෙ මෙහ ඇවිදින රිළවියන් කියාපාන්නේ ඔවුන්ගේද අසීමිත දරු සෙනෙහසයි. අවධානයෙන් බලා සිටින්නෙකුට එය අපූරු කතාන්දරයකි.
වසර ගණනාවක් පුරා අපූරු සිනමා නිර්මාණ තිළිණ කළ වෝල්ට් ඩිස්නි සමාගම 2008 වසරේ
අපේ‍්‍රල් මාසයේ සිට අලුත් කාර්යයකට අත තැබීය. ඒ ඩිස්නිනේචර් නමින් ස්වභාවික පරිසරය
අළලා වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමයි. Earth (අර්ත්
පසුගිය අප්‍රේල් 17 වැනිදා තිරගත වීම ඇරඹි
Monkey Kingdom (මන්කි කිංග්ඩම්) එම
කතා මාලාවට එක්වන නවතම කතා පුවතයි. මෙම චිත්‍රපටය ඔබට මට සුවිශේෂ වන්නේ පරිණාම
වාදයට අනුව අප වානරයන්ට කිට්ටු ඥාතීන් වන බැවින් නම් නොවේ. එය විනෝදකාමී මෙන්ම
අධ්‍යාපනික වටිනාකමින්ද යුතු ත්‍රාසජනක සිදුවීම්ද ඇතුළත් අපූරු වාර්තා චිත්‍රපටයකි.
වෝල්ට් ඩිස්නි සමාගම Monkey Kingdom වාර්තා චිත්‍රපටය රූගත කිරීමට තෝරා ගත්තේ අපේ
රටයි. Monkey Kingdom ඓතිහාසික පොළොන්නරු නගරයේ නටඹුන් අතර වෙසෙන රිළවුන් රංචුවක්
ගැන කියවෙන
මායා නම් රිළවියගේ ලෝකය බොහෝ සෙයින් වෙනස් වන්නේ ඇයගේ පුත් කිප් ගේ උපත සමඟිනි. අනෙකුත් මව්වරුන් සේම මායා ද සිය පුතු තම සමාජයේ ඉහළටම යනු දැකීම අපේක්ෂා කරන්නීය. මේ අතරතුර මායාගේ රිළවුන් රංචුව මුහුණ දෙන්නට වන විශාල කරදරයකි. එනම් තම රංචුව වෙසෙන ප්‍රදේශය ආක්‍රමණය කරන්නට පැමිණෙන තවත් රිළවුන් කණ්ඩායමකගේ තර්ජනය යි. මායාට සහ තම රැළට කණ්ඩායමක් සේ මේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වේ. එය පරම්පරා තුනක කතාවක් කියයි. ඇත්තටම එය ස්වභාවධර්මයේ සත්‍ය වූ තවත් එක් කතා පුවතකි. මෙහි රංගනයෙන් දායක වන්නේ රිළවුන් පමණක්ම නොවේ. වන අලි මෙන්ම මොනරුන් සහ දිවියන් ද මේ සඳහා රංගනයෙන් එක් වෙති. මාර්ක් ලීන් ෆීල්ඩ් සහ ඇලෙස්ටෙයාර් ෆෝදර්ග්‍රිල්ගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ Monkey Kingdom ටීනා ෆේ විසින් විස්තර කරනු ලබයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය හැරී ජේල්සන් – විලියම්ස් විසින් සිදුකර තිබේ. වසර තුනකට අධික කාලයක් වැය කරමින් ඔවුන් මෙය රූගත කරන්නට වෙහෙසී ඇත. විනාඩි 82ක් මුළුල්ලේ දිගහැරෙන මෙම සුන්දර කතා පුවත විචාරකයන්ගේ පැසසුමට ලක් වී ඇත. රොටෙන් ටොමැටෝස්හි සියයට 93ක් ද මෙටා ක්‍රිටික්හි සියයට 72ක්ද වාර්තා කරනවිටදී ධ්ර්ච්ඕ ලකුණු 7.3/10ක් පෙන්වා සිටියි. එය වාර්තා චිත්‍රපටයක් ලබා ගත් සාර්ථකත්වයකි. විශිෂ්ට ගණයේ ස්වභාව නිර්මාණ කාර්යයක් වන අතර එය පරිසර ලෝලීන් වසර ගණනාවකට පසුව සතුටු කරවන අත්දැකීමක් වනු නොඅනුමාන බව විචාරක මත පළ විය. ර්ධදඬඥර ම්ඪදඨඤධථ ඩිස්නි සමාගම ස්වභාව සෞන්දර්යය ඇසුරින් කළ අටවැනි නිර්මාණය යි. වාර්තා චිත්‍රපටයක් ලෙස එය මූල්‍යමය අතින්ද අති සාර්ථක විය. පසුගිය අප්‍රේල් මාසයේ තිරගත වීම ආරම්භ කළද මේ වන විට එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 15.4කි.
|