|
අලුත්ම ආදායම් වාර්තා
ඒක ඔප්පු වුණේ පසුගියදා තනූ වෙඩ්ස් මනූ රිටන්ස් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීමත් සමඟින්. කවුරුත් නොසිතූ අයුරින් තිරගත වී දින දෙකක ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 21.85ක් වාර්තා කළා. තනූ වෙඩ්ස් මනූ රිටන්ස් තිරගත වීම ආරම්භ කළේ පසුගිය මැයි 22 වැනිදා. ඉන්දීය රුපියල් කෝටි 30ක වියදමින් නිර්මාණය කළ මෙම සිනමා නිර්මාණය තිරගතව දින තුනක් වන විට ඉන්දීය රුපියල් කෝටි 65ක ආදායමක් වාර්තා කළා. කන්ගනා සමගින් ආර්. මාධවන් මෙහි චරිත නිරූපණය කරනවා. ආනන්ද් එල් රායි විසින් අධ්‍යක්ෂණය කළ තනූ වෙඩ්ස් මනූ රිටන්ස් චිත්‍රපටයේ පළමු වැන්න තනූ වෙඩ්ස් මනූ ලෙසින් පසුගිය 2011 වසරේදී තිරගත වුණා. ඉන්දිය රුපියල් කෝටි 15ක වියදමක් දරා නිර්මාණය කළ එය උපයා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 56ක්. නමුත් දෙවැන්න ආරම්භයේදීම ඉහළ සාර්ථකත්වයක් ලැබීම ගැන කවුරුත් කතා කරන්නේ ප්‍රශංසනාත්මකවයි. |