|
බලනවා නම් චිත්‍රපට
අන්බ්‍රෝකන් (UNBROKEN) දෙවන ලෝක මහා සංග්‍රාමය තවදුරටත් සිනමාකරුවන්ගේ විෂය පථයෙන් බැහැර නොවන බවට ගත හැකි අලුත්ම උදාහරණය වනුයේ අන්බ්‍රෝකන් චිත්‍රපටයයි. දුර ධාවනය වෙනුවෙන් ඔලිම්පික් සම්මානය ලැබ පසු කලෙක ජර්මානු සිරකරුවකු වන අමෙරිකාවේ ලුවී සිල්වි සැම්පරින්ගේ ජීවිත කතාව පාදක කොට තැනුණු අන්බේරීකන් අධ්‍යක්ෂණය කරන ලද්දේ හොලිවුඩ් සුපිරි නිළි ඇන්ජලිනා ජොලී විසිනි. විචාරකයන්නගේ දැඩි පැසසුමට ලක් වූ මෙහි තිර රචනය සුප්‍රකට ජොයෙල් හා එතන් ජොයෙල් දෙසොහොයරන් විසින් රචනා කරන ලදී. ජැක් ඕනීල් විසින් සැම්පරින්ගේ චරිතය රඟන අතර සෙසු චරිත ඩොම්පාල් ග්ලේසන්, ගැරට් හෙඩ්ලුන්ච්, ටකමාෂා ඉෂිහරා, ඩොම්නල් ග්ලීසන් රඟන අන්බ්‍රෝකන් යුනිවර්සල් පික්චර්ස් සමාගමේ බෙදා හැරීමකි.
මුඅගමම්
(MUAGAMAM) ජනප්‍රිය නළු ආර්යා ප්‍රධාන චරිතය රඟපාන මෙඅගාමාම් ක්‍රියාදාම චිත්‍රපටයකි. පාතාල නායකයකු අත් අඩංගුවට ගැනීමට මෙහෙය වන ශූර පොලිස් නිලධාරියකුගේ කතා පුවතක් රැගත් මෙහි තමාන්, සදිස් කුමාර්, ශ්‍රීකාන්ත්, මොහන මෙගන්ඩ්‍රන්, අනල් අරසු, කාර්ති සහ නිකල් රඟන මෙඅගාමාම් අධ්‍යක්ෂණය මකීශ් තුරුමාන් ගෙනි.
විශ්වාස කළ නොහැකි කතාවක් ප්ලාස්ටික් (PLASTIC) සත්‍ය කතාවක් පාදක කොට ගත් අතිශය හස්‍යෝත්පාදක ක්‍රියාදාම චිත්‍රපටයක් වන ප්ලාස්ටික් ජුලියන් ගිල්මේ විසින් අධ්‍යක්ෂණය කර ඇත. ක්‍රෙඩිට් කාඩ් සොරකමක නිරත වන තරුණයන් පෙළක් වටා ගෙතුන මෙහි එඩ් ස්පෙලර්ස්, ඇල්ෆි ඇලන්, විල් පෝල්ටර්, සෙබස්තියන් ඩී සුසා, එමා රිග්බි රඟන ප්ලාස්ටික් චිත්‍රපටය සෙනොරෝ ෆොර්ටේ, ෆ්රූන්ක් මානියොත් සහ ටෙරී ස්ටෝස්ගේ නිෂ්පාදනයකි.
ඇඩික්ටඩ් (ADDICTED) සාර්ථක ව්‍යාපාරිකාවක් වන සූ රෙනාච් බැලූ බැල්මට යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නියකි. එහෙත් ඇය එතුළින් තෘප්තිමත් නොවේ. ඇය චිත්‍ර ශිල්පියකු වන ක්වෙන්ටින් සමඟ ප්‍රේමයක් ඇරැඹේ. ශැරේන් ලිලී විසින් ප්‍රධාන චරිතය රඟන මෙහි බොරිස් කොගේ, ටයිසන් වෙක්කාඩ්, කැම් ග්‍රැහැම්නර් සෙසු චරිත රඟන මෙය බිලි වුඩ්රූෆ් ඇඩික්ටඩ් අධ්‍යක්ෂණය කරයි. අතිශය ජනප්‍රිය නවකතාවක් වන ඇඩික්ටඩ් මේ චිත්‍රපටය සඳහා පාදක වූයේය.
ද බෙස්ට් ඔෆ් මී (THE BEST OF ME) නිකොලස් ස්පාර්ක් විසින් ලියන ලද අති ජනප්‍රිය නවකතාව ආශ්‍රයෙන් තනා ඇති ද බෙස්ට් ඔෆ් මී මයිකල් හෝප්මන්ගේ අධ්‍යක්ෂණයකි. වසර විසි ගණනකට පසු හමු වන යුවළක් වටා ගෙතුන ඉතා සුන්දර ප්‍රේම වෘතාන්තයකි ද බෙස්ට ඔෆ් මී. ජේම්ස් මාන්ඩන්, මිෂෙල් මෙනොගන්, මීක් බ්‍රේසි, ලියානා ලිබරාටෝ, ජෙරල්ඩ් මැකාර්ති, කැරෝලයින් ගොඩෝල්, ක්ලාර්කේ පීටර්ස් ගේ රංගනයෙන් හැඩ වේ.
අලෝන් (ALONE)
සංජානා සහ අංජානා එක කුස උපන් සොහොයුරියන්ගේ අද්භූත ජනක කතාවයි අලෝන්. රාගිනි එම්
එම් එස් 2 සහ 1920 එවිල් රිටන්ස් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ භූෂාන් පටෙල්ගේ නවතම
අධ්‍යක්ෂණය වූ අලෝන් හින්දි චිත්‍රපටය කුතුහලයෙන් පිරි චිත්‍රපටයකි.
පාෂා බාසු සමඟ හඳුන්වා දෙන කරන් සින් ග්‍රෝවර් සමඟ සුල්බා ආක්යා, ශකීර් හුසේන්, නිතා ගුප්තා සමඟ නිලීමා ප්‍රියා අලෝන් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී ඇත. සූරදූතියන්ගේ මරණය ද වුමන් ඉන් බ්ලැක් ඒන්ජල් ඔෆ් ඩෙත්
(THE WOMAN IN BLACK ANJELOF DEATH)
|