|
අලුත් අවුරුද්දේ ආපහු ළං වෙලා
දහනව හැවිරිදි ජස්ටින්ට සහ විසි එක් හැවිරිදි සෙලීනාට තවදුරටත් වෙන් වී සිටීමට නොහැකි බව හෙළි වූයේ සෙලීනා ඔහුගේ කැලිෆෝනියාවේ, කැලාබැසස් නිවෙස අසළ නිවෙසක් මිල දී ගැනීම නිසයි. ඔවුනගේ අසල්වැසියන් වනුයේ කලා ලොවේම හිත මිතුරන්ය. කර්ට්නි කැඩේෂියන්, ස්කොට් ඩිසික්, ක්‍රිස් ජෙනර්, බ්‍රිට්නි ස්පියර්ස් ඔවුනගේ අසල්වැසියන්ය. මෑතකදී දෙදෙනා සෙග්වේ (රෝද දෙකේ වාහනයක්) පදවන අන්දම ඡායාරූප ශිල්පීන්ගේ උකුසු ඇසට ලක් විය. ළඟටම පැමිණියත් සෙලීනාට ජනවාරි, පෙබරවාරි මාසවල චිත්‍රපටවල රූගත කිරීම්වලට ජපානයටත්, ඔස්ට්‍රේලියාවටත් යාමට සිදුවන නිසා ඔහු හමුවීමට වැඩි ඉඩක් නොලැබෙයි. සෙලීනා ගායනයට වඩා ආදරය කරන්නේ රංගනයටයි. රංගනය නිසා ගායනය නතර කරන්න ඇය කොතෙක් උත්සාහ කළත් ඊට ඉඩක් ලැබුණේම නැත.
|