|
2013 හොඳම දහයමේ චිත්‍රපට අතරින් ඔබ නරඹා ඇත්තේ මොනවාද?
ආදායම් වාර්තා අතර නම බැබළ වීමට නොහැකි වුවත් 2013 වසරේ ලොව හොඳම චිත්‍රපට අතර අංක එකට පැමිණීමට සමත් වූයේ ස්ටීව් මැක්වීන් අධ්‍යක්‍ෂණය කළ 12 Years a Slave චිත්‍රපටයයි. වහල් ජීවිතයක් ගත කළ නීග්‍රෝ ජාතිකයකු ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය සමස්තයක් ලෙස ආදායම් වාර්තා අතර නොසිටියත් අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරෙ රැඳී සිටීමට සමත් විය. මයිකල් ෆැස්බෙන්ඩර්, බ්‍රැඩ් පීට් ඇතුළු රංගන ශිල්පීහු පිරිසක් මෙහි චරිත මැවූහ.
පසුගිය වසරේ ලොව හොඳම චිත්‍රපට දහය අතරේ දෙවැනි ස්ථානය හිමි වූයේ ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Gravity චිත්‍රපටයයි. ජෝර්ජ් ක්ලූනි සහ සැන්ඩ්‍රා බ්ලොක් ප්‍රධාන චරිත මවන මෙහි අභ්‍යවකාශ වීර චාරිකාවක් ගැන කියැවෙන ත්‍රාසජනක කතා පුවතක් ඇතුළත් වෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනයෙන් බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දහය අතරේ ද සති ගණනක් පුරා රැඳී සිටි අල්ෆොන්සෝ ක්වරන් අධ්‍යක්‍ෂණය කළ Gravity පසුගිය වසරේ ලොව ඉහළ ආදායම් ලද චිත්‍රපට අතර හිමි වූයේ හත් වැනි ස්ථානයයි.
ලොව හොඳම චිත්‍රපට අතර සව්වැනි ස්ථානය හිමි වන්නේද ත්‍රාසජනක චිත්‍රපටයක් වන Prisoners චිත්‍රපටයටය. ඩෙනිස් විලෙනොබ් අධ්‍යක්‍ෂණය කළ අපරාධ කතා පුවතක් රැගත් මෙහි ජේක් ග්ලෙන්ෆාල්, හියග් ජැක්මන්, ටෙරන්ස් හොවාඩ් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් චරිත මවති. පස්වැනි ස්ථානය හිමිවන්නේ පාවුල් ෆීන්ග්‍රාස්ගේ අධ්‍යක්‍ෂණයක් වන Captain Phillips චිත්‍රපටයටය. මෙම චිත්‍රපටයේ ද ඇතුළත් වන්නේ සත්‍ය සිදුවීමකි. එය කපිතාන් රිචඩ් පිල්ප්ගේ නාවික ජීවිතය තුළ මුහුණදුන් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කර තිබේ. ඔහුගේ නාවුක ගමනකදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් තම නෞකාව පැහැර ගන්නට තැත් දැරූ සිදුවීමක දී නෞකාව සහ තම පිරිස බේරා ගැනීමට කළ සටන මෙයින් නිරූපණය කෙරේ. Captain Phillips චිත්‍රපටයද ලොව ඉහළ ආදායම් වාර්තා කළ චිත්‍රපට අතර පෙරමුණට නොපැමිණියද අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර පළමු චිත්‍රපට දහය අතරේ කැපී පෙණුනි.
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර පෙරමුණේ රැඳී සිටි The Hobbit , The Desolation of Smaug චිත්‍රපටයට 2013 ලොව හොඳම චිත්‍රපට අතරේ හත්වැනි ස්ථානය හිමි වෙද්දී ක්‍රියාදාම චිත්‍රපටයක් වන The Hunger Games, Catching Fire චිත්‍රපටයට හිමිවන්නේ අටවැනි ස්ථානයයි. ෆ්‍රැන්සිස් ලෝරන්ස් අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය වසරේ ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරට පැමිණීමේ වාසනාවද හිමිකර ගත් චිත්‍රපටයකි. ලොව හොඳම චිත්‍රපට අතර නමවැනි ස්ථානයට පැමිණි චිත්‍රපටය වන්නේ රයන් කෝග්ලර් අධ්‍යක්‍ෂණය කළ Fruitvale Station චිත්‍රපටයයි. මයිකල් බී.ජෝර්ඩන්, චැඩ් මයිකල් මුරේ, කෙවින් ඩරන්ඩ් ප්‍රධාන චරිත මවන මෙම චිත්‍රපටයද සත්‍ය ජීවිත කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. දසවැනි ස්ථානයේ පසුවන්නේ තෝර් චිත්‍රපට මාලාවේ දෙවැන්න වන The Dark World චිත්‍රපටයයි. ලොව ඉහළම ආදායම් වාර්තා කළ චිත්‍රපට අතර රැඳී සිටින මෙම චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර ද ඉහළින්ම කැපී පෙණුනි. එමෙන්ම මෙවර ලොව හොඳම චිත්‍රපට අතරට පැමිණි බොහොමයක් චිත්‍රපට සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ ඒවා සේම ජීවිත කතා පාදක කරගත් චිත්‍රපට වීමද සුවිශේෂ කරුණකි.
|