වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: ටෝනි සමඟ රෑ දොළහක්: Sarasaviya e edition - Lake House - Sri Lanka

ටෝනි සමඟ රෑ දොළහක්

ටෝනි රණසිංහ කියන්නේ අපේ සිංහල සිනමාව බැබළ වූ සුපිරි රංගන තරුවක්. සිනමාවේ තම අණසක පැතිර වූ මේ ජ්‍යෙෂ්ඨ රංගවේදියා වේදිකාවේත් තම අනන්‍යතාව සලකුණු කළ නළුවෙක්. මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ මෙතෙක් විලියම් ශේක්ස්පියර් ගේ ‘දොළොස්වැනි රාත්‍රිය’ පරිවර්තනය කර වේදිකා ගත කළේ ටෝනි රණසිංහයන් පමණයි.

එතුමා නිර්මාණය කළ ‘හැම්ලට්’ නාට්‍යයත් සුවිශේෂ වෙනවා. ඒ වගේම මෙරට සිනමා නළුවන් අතර විලියම් ශේක්ස්පියර් ගැන කතා කරන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ටෝනි රණසිංහම තමයි.

ඒ ගැන කතා කරන්න පටන්ගත්තාම රෑ වෙනවා, එළිවෙනවා තේරෙන්නේ නැහැ. ඉතිං ටෝනි රණසිංහ විසින් පරිවර්තනය කළ ශේක්ස්පියර් ගේ ‘දොළොස්වැනි රාත්‍රිය’ කෘතිය දැන් එළිදක්වා තියෙන්නේ. බොහොම රසවත්ව දොළොස් වැනි රාත්‍රිය ගැන ලියූ මේ කෘතියත් හරියට නිමා නොවන රාත්‍රියක් වගෙයි.