|
සල්මන්ගේ අලුත්ම පෙම්වතිය
රංගනයට කළ පළමු ආරාධනය ප්‍රතික්ෂේප කළ තරුණියකට සල්මන් ඛාන් ලෙහෙසියෙන් පහසුවෙන් දෙවැනි අවස්්ථාවක් දෙන්නේ නැත. එහෙත් ඩේසිට ඔහු ඒ අවස්ථාව දී තිබේ. නවක තාරකාවන් තිරයට කැන්දාගෙන ඒමට සල්මන් කවදත් ප්‍රසිද්ධිය. ස්නේහා උලාල් (ලකී : නෝ ටයිම් ෆෝ ලව් : 2005) සහ සරීන් ඛාන් (වීර්, 2010) එවැන්නියන්ය. එහෙත් ඔවුන්ගේ රංගන ජීවිතයේ ඉදිරි අනාගතයට නම් ඔහුගෙන් කිසිදු පිටුබලයක් ලැබුණේ නැත. එවැනි වරමක් ලැබූ ප්‍රධානම තාරකාව කත්‍රිනා කායිෆ්ය. කත්‍රිනා කායිෆ් සිනමා ක්ෂේත්‍රයට පිවිසුණු පසු ඔහුගෙන් ඇයට ලැබුණු ගුරුහරුකම් බොහෝය. ජායි හෝ සිනමාපටයේ ප්‍රධාන තාරකාව වශයෙන් ඩේසි ෂා තෝරා ගෙන, ඇයට ක්ෂේ්ත්‍රය ගැන ‘අ’ යන්නේ සිට ‘අඞ’ යන්න දක්වාම සියලු කරුණු කියා දීමෙන් තව කත්‍රිනා කායිෆ් කෙනෙක් සල්මන් ඛාන් සිය ජීවිතයට සමීප කරගෙන ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. ඇයගේ සරල බව දිගටම පවත්වාගෙන යන ලෙසට සල්මන් ඇයට උපදෙස් දී තිබේ. ඇයගේ ‘සරලකම’ නමැති අනන්‍යතාව, ක්ෂේත්‍රයේ බොහෝ දුරට ඇය රැගෙන යනු ඇති බවට ඔහු විශ්වාස කරයි. ඔහු ඇයට සලකන ආකාරය බලා සිටින බොහෝ දෙනා පවසන්නේ කලින් කත්‍රිනා කායිෆ්ට දැක් වූ සැලකිල්ලම ඔහු ඩේසිටත් දක්වන බවයි. මේ ගෙවී යන්නේ සල්මන් ඛාන්ගේ ජීවිතයේ හතළිස් අට වැනි සැතපුම් කණුවයි. මූම්බායිවල බන්ද්‍රා හි ‘ගැලැක්සි’ නිවාස සංකීර්ණයේ නිවෙස, පර්වෙල්වල අක්කර 150, බංගලා තුන (පිහිනුම් තටාක, ජිම් සහිත) යන ඔහුගේ මහා දෑවැද්දට උරුමකම් කියන වාසනාවන්තිය ඩේසි ෂා වේවි ද?
ඩේසිට ද මේ වන විට සල්මන් ජීවිතයේ වැදගත්ම කොටස්කරුවකු වී අවසන්ය. ක්ෂේත්‍රයට
පැමිණි පසු පැවැත් වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඇය කියා සිටියේ ‘සල්මන් ඛාන් සර්’
තමන්ගේ පියාට බෙහෙවින්ම සමාන බවයි. පවුලේ පිරිමි දරුවා බවට පත් වී සිටින්නේ ද
ඩේසිය. තරුණියකට වඩා ඇය සිතන් ඩේසිට සිනමාවට පිවිසීමට මාර්ගය තනා දී ඇත්තේ ඩොම්බිවිල් රූප රාජිනී තරගයයි. ‘මිස් ෆොටෝජෙනික්’ කිරුල පැලඳූ ඇයට මුලින්ම ආරාධනා ලැබී තිබෙන්නේ සිනමාපටවල නර්තන අංගවල කොටස්කාරියක වීමටයි. භාඩ්‍රා කන්නඩ සිනමාපටයේ නම් ඇයට 2010 දී රඟන්නට ලැබී තිබේ. බොඩිගාඩ් සිනමාපටයේ කරීනා කපූර්ගේ මිතුරියට රඟපෑමට සල්මන් ඛාන් ඇය තෝරා ගත්ත ද ඒ චරිතය රැඟීමට තිබූ බිය නිසා ඩේසි එය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් සල්මන් ඉන් පසු නොබෑවේය. ‘ජායි හෝ’ ප්‍රධාන චරිතය රැඟීමට ඇයට ආරාධනා කළාය. ඩේසිගේ පියා රෙදි සාප්පුවක කළමනාකරුවෙකි. සිනමාවට ඇයගේ පවුලේ සම්බන්ධයක් නැති නිසා පූර්ව දර්ශන සඳහා ඩේසිගේ රුව ඇතුළත් නොකරන ලෙසට සල්මන් උපදෙස් දී තිබේ. එහෙත් සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේදී ඇයත් ඔහුත් එක්වෙති. ගනේෂ් ආචාර්යා යටතේ නර්තන සහායක වශයෙන් ද කටයුතු කර ඇති ඩේසි මේ වසරේදී සපුරන්නේ තිස්වැනි වියයි. |