|
ජෝන් ඒබ්රහම්ගේ අලුත් ජීවිතය
ප්‍රියා, ජෝන් හමුවූයේ ජිම් එකකදීය. ඔහු ප්‍රියා ගැන වචනයක් හෝ කතා කළේ 2011 වසරේදීය. ඇය බැංකු ක්ෂේත්රයේ සේවය කරන්නියක බවත්, ඇයගේ පවුලේ අය අමෙරිකාවේ පදිංචි වී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. වසර 2011 දී ජෝන්ගේ දිගුකාලීන පෙම්වතිය බිපාෂා (නව වසරක පෙම්වතිය) විවාහවීමට බලකළත් ඒ සබඳතාව ද අවසන් විය. ඉන් පසු මාධ්‍යවේදියෙක් ජෝන් ගැන බිපාෂාගෙන් විමසූ විට ඇය කියා තිබෙන්නේ තමන් එවැන්නෙක් ගැන නොදන්නා බවයි. ජෝන් සහ ප්‍රියා පවුලේ සමීපතමයන්ට පමණක් ඔවුන්ගේ මංගල උත්සවයට ආරාධනා කර තිබේ. ඔවුන්ගේ හදිසි විවාහයට හේතුව දෙදෙනා පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටීම බවට තොරතුරු ද ලැබෙමින් පවතී. ප්‍රියා හඳුනා ගත් පසු ජෝන් සිටියේ පුදුමාකාර සතුටකිනි. ‘ඇය හරිම සාමාන්‍ය, සුපිරි ගෑනු ළමයෙක්. පරිණත බුද්ධියකින් සබඳතාව පවත්වාගෙන යනවා. ඒ වගේම පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා’. ප්‍රියා ගැන එසේ උදම් ඇනූ ඔහුට දැන් ඇය අසළින් ජීවිත කාලය පුරාම රැෙඳන්නට නීතියෙන් ද අවසර ලැබී තිබේ. |