|
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ප්‍රසන්න - හඳගමට සම්මාන
එහිදී සම්මානයෙන් පිදුම් ලැබූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේයි. අශෝක හඳගමගේ ලියූ ‘මාඝාත’ නාට්‍ය කෘතිය හා ප්‍රසන්න විතානගේ පරිවර්තනය කළ ‘පුත්‍ර සමාගම’ පසුගියදා මුද්‍රණද්වාරයෙන් එළිදැක්විණ. ‘මාඝාත’ සඳහා හොඳම සිංහල ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙසත්, ‘පුත්‍ර සමාගම’ සඳහා හොඳම සිංහල පරිවර්තන නාට්‍ය කෘතිය ලෙසත් සම්මාන හිමි විය.
දරුවනේ දින 75 යි රන්ජා වැඩ අරඹයි
අලුත් චිත්‍රපටයක මුහුරත් උළෙලද, තවත් චිත්‍රපටයක දින 75 ක් සපිරීමේ දුර්ලභ අවස්ථාවක් පසුගියදා උදාවිණ. මෙම අවස්ථා දෙකම සමරනු ලැබුවේ පසුගියදා රාජගිරියේ පැවති උත්සවයකදීය. එදින මූලික වැඩ කටයුතු ඇරැඹි චිත්‍රපටය වූයේ රන්ජාය. දරුවනේ දින 75 සපිරූ චිත්‍රපටය විය. එහෙයින් දරුවනේ සියලුම ශිල්පීන්ට සම්මාන පිදීමක් ද සිදු වූහ.
එය සුනිල්ගේ පනස්පස් වැනි සිනමා නිෂ්පාදනයයි. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන එය රන්ජා නම් වූ ගමක ජීවත්වන චණ්ඩි තරුණයකු වටා දිග හැරෙන කතා පුවතකි. එම චරිතයට පණ පොවනුයේ රන්ජන් රාමනායක විසිනි. සෙසු ප්‍රධාන චරිතයන් රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, රොජර් සෙනෙවිරත්න, පියුමි ශානිකා, සඳුන් විජේසිරි, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, දෙනුවන් සේනාධි, නිල්මිණි කෝට්ටේගොඩ, ප්‍රේමදාස විතානගේ, විනෝජා නිලන්ති, රොහානි වීරසිංහ, කීර්ති රංජිත් පීරිස්, ශාන්බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරණ, දොන් ලීලාරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.රන්ජා සමඟින් අලුත් මුහුණු යුවළක් රිදී තිරයට හඳුන්වා දෙයි. ඒ ඒෂියා දිසානායක සහ රිතු ආකර්ෂායි. කතාව දෙබස් තිර රචනය ද සුදේශ්ගේය.
කැමරාව ගාමිණී මොරගොල්ලාගම මෙහෙයවයි. සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය කුමාරසිරි ද
සිල්වාගෙනි. කේෂාන් සුදන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි. සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂවරයායි. සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. සරත් රණවීරගේ අංග රචනයකි. නිෂ්පාදන කළමනාකරණය දොන් ලීලාරත්නගෙනි. චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ සජිත් වී. චතුරංග ගී පද රචනා කොට ඇති අතර ගැයුම් භාචි සුසාන්, ශානිකා මධුමාලි, සුරංජි ශ්‍යාමලී සහ සුදේශ් වසන්ත පීරිස්ගෙනි. එහි අවස්ථා කිහිපයක් මෙලෙස කැමරාවෙහි සටහන් වුණි. සේයාරූ - ඉන්දික ප්‍රභාත්
|