|
බලනවා නම් ච්ත්රපටඅද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
ග්‍රේ රෝස් අධ්‍යක්ෂණය කළ ‘ද හන්ගර් ගේම්ස්’ මේ වසරේ ලොව වටා ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. සුසේන් කොලින්ස්ගේ ‘ද හන්ගර් ගේම්ස්’ කෘතිය ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ජෙනිෆර් ලෝරන්ස්, ජෝෂ් හචර්සන්, ලියැමි හේම්ස්වෝර්ත්, වුඩ් හරෙල්සන්, එලිසබෙත් බෑන්ක්ස් සහ ඩොනල්ඩ් සදර්ලන්ඩ් ඇතුළු තරු රැසක් රංගනයෙන් දායක වෙති.z
ප්‍රේමණීය පාරාදීසයක් ගැන කියැවෙන ‘බ්‍රේකින් ඩවුන් - පාර්ට් 1’ චිත්‍රපටය ‘ද ට්විලයිට් සාගා’ චිත්‍රපට මාලවේ සිව්වැන්නයි. ආදර කතාවක් ගැන කියවෙන මෙය ස්ටෙෆ්නි මේයර් ගේ ‘බ්‍රේකින් ඩවුන්’ නම් නවකතාව තේමා කර ගනිමින් නිර්මාණය වී තිබේ. ක්‍රිස්ටින් ස්ටෙවාර්ට්, රොබට් පැටින්සන්, ටේලර් ලැම්නර් මෙහි ප්‍රධාන චරිත තුනට පණ පොවති. බ්‍රේකින් ඩවුන්- පාර්ට් 1 ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ බිල් කොන්ඩාන්ගේ අධ්‍යක්ෂණයකි.
‘ද ලොරැක්ස්’ සජීවිකරණ ත්‍රිමාණ සංගීතමය විකට චිත්‍රපටයකි. ඇමරිකානු ජාතික ළමා කෘති රචකයෙකු වන ආචාර්ය තියොඩර් සියුස් ගේ ’ද ලොරැක්ස්’ කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ටෙඩි නම් කුඩා පිරිමි ළමයෙකු වටා ගෙතී ඇත. ක්‍රිස් රිනඩි සහ කේල් බල්ඩා විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘ද ලොරැක්ස්’ සජීවිකරණ චිත්‍රපටය සඳහා ඩැනී ඩිවිටෝ, සැක් එ ෆෝර්ස් සහ එඩි හෙල්ම්ස් ඇතුළු පිරිසක් හඬ කවති.
‘පුස් ඉන් බූට්ස්’ චිත්‍රපටය ද ලොව වටා ලොකු කුඩා කාගේත් අවධානයට ලක් වූ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකි. මෙහි කතා පුවත බූට් යුගලක් පැළැඳි පූසෙක් වටා ගෙතී ඇත. ටොම් වීලර්, විල් ඩේවිස් සහ බ්‍රේන් ලින්ච් ගේ රචනයක් වන පූස් ඉන් බූට්ස් සජීවිකරණ චිත්‍රපටය 84 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සජීවිකරණ චිත්‍රපටය සඳහා නිර්දේශ විය.
ලොව වටා විශාල රසික ආදරයක් දිනාගත් ‘ෂර්ලොක් හෝම්ස්’ චිත්‍රපට මාලවේ අලුත්ම චිත්‍රපටය ‘අ ගේම් ඔෆ් ෂැඩෝස්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයට ද ක්‍රියාදාමවලින් පිරි අද්භූත සිදුවීම් සහිත රහස් පරීක්ෂක කතාවක් ඇතුළත්වේ. ආතර් කොනන් ඩොයිලිගේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත. රොබට් ඩවුනි, ජූඩ් ලෝ, නුමි රැපේ, ජෙරාඩ් හැරිස්, ස්ටීවන් ෆ‍්‍රයි, කෙලී රේයිලි, රේෂල් මැකලම්ස් මෙහි චරිත නිරූපණය කරති.
ENGLISH VINGLISH
‘ඉංග්ලිෂ් විංග්ලිෂ්’ බොලිවුඩයට පැමිණි අලුත්ම චිත්‍රපටයකි. බොලිවුඩ් සිනමා ලෝලීන්ට මෙය විශේෂ වන්නේ හින්දි සිනමාවේ සුපිරි තරුවක් වූ ශ්‍රී දේවි වසර 14 ට පසුව යළි සිනමාවට පිවිසීමයි. ගෞරි ශින්දේ ගේ අධ්‍යක්ෂණයක් වන ඉංග්ලිෂ් විංග්ලිෂ් නවතම හින්දි චිත්‍රපටයේ ශ්‍රී දේවි සමඟ ප්‍රංශ ජාතික නළුවෙකු වන මෙහ්දි නේබ්බු සහ ප්‍රියා ආනන්ද්, ආදි හුසේන් ඇතුළු තරු රැසක් රඟති. ඉංග්ලිෂ් විංග්ලිෂ් තෙළිඟු සහ දමිළ භාෂාවෙන් ද නිර්මාණය වී ඇති අතර දමිළ චිත්‍රපටයේ ශ්‍රීී දේවි අජිත් කුමාර් සමඟ රංගනයෙන් එක්වේ. මේ අනුව ශ්‍රීීදේවි දෙමළ සිනමාවට එක් වන්නේ වසර 26 කට පසුව වීම විශේෂයකි.
This Week
ලොව පුරා වැඩිම ආදායම් ලද චිත්‍රපට මෙපරිද්දෙනි. 1. හොටෙල් ට්‍රාන්සිල්වේනියා - ඇ. ඩො. මි. – 42.5 2. ලූපර් – ඇ. ඩො. මි. – 20.8 3. එන්ඩ් ඔෆ් වොච් – ඇ. ඩො. මි. – 07.81 4. ට්‍රබල් විත් ද කර්ව් – ඇ. ඩො. මි. – 07.28 5. හවුස් ඇට් දි එන්ඩ් ඔෆ් ද ස්ට්‍රීට් – ඇ. ඩො. මි. – 07.12 6. පිච් පර්ෆෙක්ට් – ඇ. ඩො. මි. – 05.17 7. ෆයින්ඩින්ග් නෙමෝ (3ඩී) – ඇ. ඩො. මි. – 04.04 8. රෙසිඩන්ට් එවිල් : රිට්‍රිබියුෂන් – ඇ. ඩො. මි. – 02.99 9. ද මාස්ටර් – ඇ. ඩො. මි. – 02.68 10. වෝන්ට් බැක් ඩවුන් - ඇ. ඩො. මි. – 02.60
|