|
මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 මා පෙම් කල රහස් ඔත්තුකරුවා
එහෙත් ඔවුන් ගේ පෙම් දැහැන බිඳිමින් යහන අසල වූ දුරකථනය හඬ තලන්නට වෙයි. කේ. ජී. බී. මූලස්ථානයෙන් ඇගේ පෙම්වතාට හදිසි කැඳවීමකි. ඒ රහස් ඔත්තු කරුවකුට එරෙහිව හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සඳහාය. ඔස්ට්‍රියාවේ සීත හිම වැටෙන කඳුකර ප්‍රදේශයක හිමෙන් වැසුන කුටියක තරුණියක් හා විවේක සුවයෙන් පසුවෙන ජේම්ස් බොන්ඩ් ගේ අත් ඔරලෝසුවෙන් නිකුත්වන රහස් පණිවිඩයක් අනුව ඔහු වහා එම ස්ථානයෙන් පිටත්ව යයි. වැඩි වේලාවක් නොගොස්ම ඔහු පසුපස හඹා එන්නේ ඉහත සඳහන් කේ. ජී. බී රහස් නියෝජිත කණ්ඩායමයි. හිම කඳු ශිකර හරහා වෙඩි වරුසා මැදින් කෙරෙණ මේ අවදානම් ලුහුබැඳීමේදී කණ්ඩායම් ප්‍රධානියා බොන්ඩ් ගේ වෙඩි පහරකින් මරු වැලඳ ගනී. මේජර් ආන්යා ට කේ. ජී. බී. ප්‍රධානියාගෙන් කැඳවීමක් ලැබෙයි. ඔහු හමුවේදී ඇයට අසන්නට ලැබෙන්නේ හද සසලවන කනගාටුදායක ආරංචියකි. ඒ ඇයගේ ආදරවන්තයා කලින්දා ජේම්ස් බොන්ඩ් අතින් මැරුම් කෑ පුවතයි. බොන්ඩ් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ඈ ස්වේඡාවෙන්ම භාරගන්නේ ලෙයට ලෙයින් පළි ගැනීමේ චේතනාවෙනි. නයි පොළොං දබරය ආරම්භ වන්නේ ඉන් ඉක්බිතිවයි.
ප්‍රධාන නිළි චරිතය සඳහා තෝරා ගත්තේ බාබරා බැච් නමැති සුරූපී නිළියකි. සුළු චරිතයක් සඳහා තිර පරීක්‍ෂණයට පැමිණ සිටි ඈ අවසානයේ රූපගත කිරීම් ඇරැඹීමට දින හතරක් තිබියදී ප්‍රධාන චරිතය සඳහා වරම් ලැබුවාය. අධ්‍යක්‍ෂක ගිල්බට් ගේ සමීපතමයකු වූ කර්ට් ජර්ගන්ස් ප්‍රධාන බොන්ඩ් ප්‍රතිවාදියාගේ චරිතය රඟපෑ අතර ඔහුගේ සහායක ‘ජෝස්’ ගේ චරිතය නිරූපණය කළේ රිචඩ් කීල් විසිනි.
කැරොලින් මුන්රෝ නමැති සුරූපිනියක් කාල් ස්ට්‍රොම්බර්ග් ගේ පුද්ගලික ගුවන් නියමු නයෝමිගේ චරිතය නිරූපණය කළා. බාබරා බැච් රඟන රුසියානු රහස් ඒජන්තවරිය වන ‘ආන්යා’ ගේ ප්‍රධානියා හෙවත් කේ. ජී. බී. ජෙනරල් වරයා ලෙස රඟපෑවේ වෝල්ටර් ගොටෙල් විසිනි. ඔහු ‘ප්‍රොම් රෂියා විත් ලව්’ චිත්‍රපටයේද රඟපා ඇත. බර්නාඩ් ලී සහ ලොයිස් මැක්ස්වෙල් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා ප්‍රධානී ‘එම්’ සහ ඔහු ගේ ලේකම්වරිය වන මිස් මනිපෙනි ගේ චරිත නිරූපණය කළා. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේදී ප්‍රශ්න ගණනාවක් පැන නැගුණ අතර ඉන් ප්‍රධාන වූයේ නිෂ්පාදක හැරී සෝල්ට්ස්මන් ඉඔන් ප්‍රඩක්ෂන් සමාගමේ ඔහු සතු ව්‍යාපාර කොටස් පවුම් මිලියන විස්සක මුදලකට විකුණා දැමීමට තීරණය කිරීමයි. මෙය සමාගමට බලවත් පාඩුවක් වූ අතර සිය බිරිඳගේ පිළිකා රෝගය සහ ඊට අදාළ ප්‍රතිකාර සඳහා වැයවෙන මුදල යනාදී පුද්ගලික කරුණු එයට හේතුª ලෙස ඔහු පෙන්වා දුන්නා. මේ නිසා බ්‍රොකොලිගේ උර මත පැටවුණ වගකීම දෙගුණ තෙගුණ වුණා. වානේ දත් ඇති ‘ජේම්ස්’ ගේ චරිතය තිර කතාවට ඇතුළත් කිරීමට ක්‍රිස්ටෝපර් වුඩ් හට බ්‍රොකොලි උපදෙස් දුන්නේ චිත්‍රපටයේ කුතුහලයට කෲරත්වයක් ආරෝපණය කිරීමටයි. ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගැනීමේ ප්‍රයෝගයක් ලෙස ගෝල්ඩ්ෆින්ගර් චිත්‍රපටයේ මෙන් නව තාක්ෂණික මෝටර් රථයක් හඳුන්වා දීමට අදහස් කළ නිෂ්පාදකවරු ලෝටස් කාර් සමාගමේ සභාපති කොලින් චැප්මන්ගේ අනුග්‍රහයෙන් දිය ගොඩ එක ලෙස ධාවනය කළ හැකි මෝටර් රථයක් චිත්‍රපටය සඳහා නිර්මාණය කරනු ලැබුවා. දිය යට දී එය සබ්මැරීනයක් ලෙස ක්‍රියා කරන අතර මේ සඳහා ලෝටස් එස්ප්‍රිට් වර්ගයේ කාර් දෙකක් සහ කුඩා ආකෘතියක් ද උපයෝගී කර ගන්නට යෙදුණා.
ඉතිරි කොටස ලබන සතියේ |