|
සරසවිය අලෙවි නියෝජිතයාගෙන් ප්‍රදර්ශනයක් 07 – 08 දා
මෙහිදී පැරැණි සරසවිය පුවත්පත්, කලා සඟරා, චිත්‍රවාහිණී වැනි පැරැණි සඟරා, ග්‍රැමෆෝන් යුගයේ සිට සංයුක්ත තැටි දක්වා සංගීත තැටි සහ කලාකරුවන්ගේ පැරැණි ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරේ. මෙම සුවිශේෂ කටයුත්ත සංවිධායක ඒ. පී. විජේරත්න මහතාගෙන් සරසවිය අපි විමසුවා මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කරන්නට විශේෂ හේතුව ගැන? පොඩි කාලේ ඉඳලම කලා පත්තර, පැරැණි කවි වැනි දේවල් එකතු කරන්න මගේ විශාල කැමැත්තක් තිබුණා. එවැනි සුවිශේෂ නිර්මාණ එකතුවක් මා සතුව තියෙනවා. මගේ ගම මීරිගම. පැරැණි චිත්‍රපට මම බැලුවේ හරිම ආසවෙන්. ගොවිතැන් කටයුතු කරල ගන්න සල්ලිවලින් තමයි ඒ කාලේ චිත්‍රපට බලන්න ගියේ. පසුව 1971 වසරේ රැකියාවක් සඳහා කොළඹට පැමිණියා. විවිධ රැකියා කිහිපයකට යොමු වීමෙන් පසු 1976 වසරේදී කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අලෙවි නියෝජිතවරයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.
ඒ නිමිත්තෙන් තමයි මේ සුවිශේෂ ප්‍රදර්ශනය පවත්වන්නට කටයුතු සූදානම් කළේ. පැරැණි සඟරා, ග්‍රැමෆෝන් තැටි, ඊ. පී. තැටි, එල්. පී. තැටි, 70 දශකයේ කැසට් පට, සංයුක්ත තැටි වගේම රුක්මණි දේවි, එච්. ආර්. ජෝතිපාල වැනි කලාකරුවන්ගේ දුර්ලභ ඡායාරූපත් මෙහි ඇතුළත්. මේ සියල්ලම එකම තැනදී ප්‍රදර්ශනය කරන්නට ලැබීම සතුටක්. ගමේ සිට කොළඹට පැමිණි පසුව විවිධ පුද්ගලයන් රැසක් හඳුනා ගන්නට අවස්ථාවක් ලැබුණා. පුවත්පත් කතුවරු, නළු නිළියන්, ගායක ගායිකාවන් රැසකගේ වගේම විවිධ කලා කටයුතු සමඟත් හොඳ ඇසුරක් තිබුණා. මෙවැනි එකතුවක් ලැබීමට හේතු වුණේ එයයි. ලබන 07 වැනිදා සහ 08 වැනිදා යන දෙදින තුළදී මෙම ප්‍රදර්ශනය ජනතාව වෙනුවෙන් විවෘතයි. හත් වැනිදා පෙරවරු 8.30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඇතුළු කලාකරුවන් රැසක් එදිනට සහභාගි වන්නට නියමිතයි. මෙවැනි පැරැණි සඟරා, ගීත, ඡායාරූප අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම තමයි මගේ අරමුණ. ඒ වගේම එය පැරැණි කලාකරුවන් වෙනුවෙන් කරනා උපහාරයක් කියා මා සිතනවා. ඒ. පී. විජේරත්න – 0112677746 - 0774803074
|