|
||
ලතා නිසා විනීතා
විනීතා කරුණාරත්න. අපි කවුරුත් දන්නා ජාතික රූපවාහිනියේ ජනප්‍රිය වැඩසටහන් නිෂ්පාදිකාවක්. සංගීත ලෝලීන් අතර ජනප්‍රිය හින්දි ගී වැඩසටහනක් වන ‘සුභානි රාත්’ වැඩසටහනේ නිෂ්පාදිකාව වන ඇය මේ දිනවල රෝගාතුර වෙලා. භාරතයේ ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් වෙනුවෙන් ඇය සුවිශේෂී ‘සුභානි රාත්’ වැඩසටහනක් පසුගියදා නිර්මාණය කළා. එය කෙතරම් සාර්ථක වුණාද යත් භාරතයේ ගීත කෝකිලාව ලතාගේ උපන් දිනය වෙනුවෙන් පවත්වන සංගීත ප්‍රසංගයකට ද විනීතාට ඇරයුම් ලැබිලා.විනීතාගේ මේ වැඩසටහනේ ජනප්‍රියත්වය නිසාම එහි දෙවන කොටස ඇය නිර්මාණය කළේ තමන්ගේ රෝගී තත්ත්වයද නොසලකායි. එය අද 4 වැනිදා රාත්‍රී 10.25 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා.
හැංගි හැංගි වෙස් බැන්දත්
දැන් එහි වැඩ බොහෝමයක් නිම කරලලු තියෙන්නේ. හැබැයි මේ චිත්‍රපටය ගැන විස්තර දැනගන්න ලැබෙන්නේ තව ටික දිනකින්. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට කියලා බන්දුගේ යාළු මිත්‍රයෝ කියනවලු.
දුවේ නුඹ මගේ ප්‍රාණයයි
ගීතයක ඇති අපූරු බවට ඕනෑම කෙනෙක් හඬවන්න පුළුවන්ද? සංවේදී කෙනෙක් තවත් සංවේදී හැඟීමකට ළං කරවන්නට හැකිද?
බණ්ඩාර ඇහැලියගොඩ රචනා කරන ලද මේ ගීතය පසුගියදා ගැයුනේ සුනිල් එදිරිසිංහගේ හඬින් නොව, ජානක වික්‍රමසිංහයන්ගේ හඬින්. ඒ සරසවිය හිටපු කර්තෘ සුසිල් ගුණරත්නගේ දියණියගේ විවාහ මංගල උත්සවයේදී. වේදිකාවට නැගී ජානක මෙසේ ද පැවසුවා. ‘මගේ කලා දිවියේදී අපමණ උදවු උපකාර කළ මගේ මිත්‍රයෙක් සුසිල් ගුණරත්න. අප දෙන්නාම එකම ගම් පළාතේ. එතුමා අද අප අතර නැතත් එතුමා වෙනුවෙන් මේ දියණියට මම එක් ගීතයක් ගායනා කරනවා. ඔහු ගයන්නට පටන් ගත්තේ සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීයක්. ගීතය ගයා අවසන් වූ විට මුළු මංගල සභාවම මඳ වේලාවක් නිහඬව පැවතුණා. මේ සංවේදී ගීතය නිසා හැමෝගේම නෙතඟට කඳුළු ඇවිත්. මේ කඳුළු අතරින් පැමිණි සුසිල්ගේ මව ජානකගේ සුරත දැඩිව අල්ලාගෙන නෙතේ කඳුළු නතර කර ගත්තා. ප්‍රිය බිරිඳ ජනප්‍රිය නිළි භද්‍රා නන්දනීගේද නෙතඟට පැමිණි කඳුළ ඕ හොරෙන්ම පිස දැමුවා.
රමේෂ් ට කාර් පටලැවිල්ලක්
කතාව මෙහෙමයි. පසුගිය දවසක රාත්‍රියේ රමේෂ් මාධ්‍ය හමුවකට සහභාගී වුණා. එය නිමාවන විට මධ්‍යම රාත්‍රියට ද ආසන්න වුණා. ඉන්පසු රමේෂ් තවත් මාධ්‍ය මිතුරන් කිහිප දෙනෙක් සමඟ තම වාහනයෙන් නිවෙස බලා යන්නට පිටත් වුණා. අතර මග දී අනෙක් මිතුරන් රථයෙන් තමන්ගේ නිවෙස් ළඟදී බැස ගත් නිසාම ඉතිරි ටික තම නිවෙස වෙත තනියම රථය පදවාගෙන යාමට රමේෂ්ට සිදු වුණා. නිදිමත ගතිය වැඩි නිසාම රමේෂ් අතර මග රාත්‍රී කඩයකට ගොඩ වූවා. එහිදී තම පැරැණි මිතුරෙකුත් හමු වූවා. දෙදෙනාගේ සතුටු සාමීචිය පැය භාගයකට ආසන්න කාලයක් පැවතුණා. දැන් දෙදෙනාම යන්න සූදානමින් රාත්‍රී කඩයෙන් එළියට පැමිණියා. රමේෂ්ට රාත්‍රීයේ තේ කඩයේදී හමු වූ මිතුරාට යමක් පෙන්විය යුතු නිසා තම කාර් එකේ පිටුපස ඩිකිය ඇරීමට අවශ්‍ය වූවා. නමුත් ඩිකිය අරින්න කොච්චර උත්සාහ කළත් ඇරෙන්නෙ නැති නිසා, ඉදිරිපස රියදුරු අසුන අසල දොර අරින්න උත්සාහ කළා. නමුත් එය විවෘතකර ගන්නත් රමේෂ්ට බැරි වුණා. රමේෂ්ට හරිම ප්‍රශ්නයක්. මේ රථය අසලම නවතා ඇති අනෙක් රථය අසලට ගොස් එය විවෘත කළා. එය එක පාරටම විවෘත වුණ නිසා රමේෂ්ට වෙලා තියෙන දේ තේරුණා. රමේෂ්ගේ රථයට සමාන රථයක් ඒ අසලම නවතා තිබූ නිසා රමේෂ්ට වාහන දෙක පැටලිලා. මාධ්‍ය මිතුරන්නම් රමේෂ්ට කියන්නේ තේ වෙනුවට රාත්‍රී කඩෙන් වෙන මොකවත් දෙන්න ඇති කියායි.
|
||