|
රංගනයෙන් පිටපත් රචකයකු වූ රනිල්
මගේ කලා ජීවිතය ඇරැඹෙන්නේ ‘සරසවිය’ පුවත්පත නිසා යැයි කිව්වොත් නිවැරැදියි. පාසල් වියේදී විවිධ ඉසව් ඔස්්සේ කලා කටයුතුª කළ ද මා ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වන්නේ සරසවිය පුවත්පතෙහි පළ වූ ලිපියක් නිසා. ඒ මාර්ගයෙන් මට ජයතිලක ගමගේ නාට්‍යකරුවාව මුණ ගැසුණා. ඔහු මාව ඔහුගේ තිස්මඩ මිනීමරුම වේදිකා නාට්‍යයට සම්බන්ධ කර ගත්තා. එයින් අනතුරුව ස්පාටකස්, සීත දවසක්, අඳුරු ක්ෂිතිජය වැනි වේදිකා නාට්‍ය ගණනාවකට මං රංගනයෙන් දායක වුණා. ඊට පසුව මට කලාවට ඇති ඇල්ම නිසාම මං පිටපත් රචනයෙහි යෙදුණා සුළු වශයෙන්. නමුත් රංගනයටයි වැඩි බරක් දුන්නේ. අද වෙන කොට මං මගේ රැකියාව හේතුවෙන් රංගනයට වඩා පිටපත් රචනයටයි කැමති. මා රචනා කළ අවසානයක පටන් ගැනීම නම් වූ ඒකාංගික නාට්‍ය පිටපතට 1986 වසරේ යෞවන සම්මාන උළෙලේ පිටපත් අංශයේ හොඳම තෙවැනි තැන හිමි වුණා. මේ කාලයේදීමයි මට ලංකා විදුලි බල මණ්ඩලයේ බදුල්ල ශාඛාවේ රැකියාවක් ලැබෙන්නේ. ඒක නිසා මගේ සෑම කලා කටයුත්තකටම විරාමයක් තබන්නට සිදුවනවා. කොහොම හරි හරිම වැර වෑයමෙන් ඉඩකඩ හදාගෙන ජාතික රූපවාහිනියේ ෂර්ලොක් හෝම්ස් ඇතුළු වැඩසටහන් කිහිපයක හඬ කැවීම්වල යෙදී සිටියා. එකත් අත හරින්න වුණා. මා දැන් මේ වන විට ලියමින් පවතින්නේ චිත්‍රපටයක පිටපතක්. මට අවශ්‍ය කොහොම හරි ඒක තිරයට ගේන්න.
|