|
||||
අර්ජුන්ගෙන් අහන්න
හින්දි සිනමාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරුන් වූ නවුෂාඩ්, ෂන්කර් – ජායිකිෂන්, කල්්‍යාන්ජී – ආනන්ද්ජී, ලක්ෂමිකාන්ත් – ප්‍යාරේලාල් යන අයගෙන් අද ජීවතුන් අතර සිටින්නේ කවුද?
– ආනන්ද්ජී, ප්‍යාරේලාල් යන අය තවමත් ජීවතුන් අතර සිටිනවා.
ඒ. වික්‍රමාරච්චි - දෙහිඕවිට පතිරාජයන්ගේ අහස් ගව්ව නම් හෑල්ලුවට ලක්වන්නේ නම් නැහැ. නමුත් ඔය කියන අනුකරණය නම් හෑල්ලුවට ලක් වෙනවා.
චතුරංග - තුන්තාන ඇය මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ සබීතා චිත්‍රපටයේ. ඊට පෙර ඇය හතර වටේ හා ටොම් පචයා යන චිත්‍රපටවල ළමා චරිත නිරූපණය කර තිබෙනවා.
හින්දි තිරයේ අති දුෂ්ටචරිත රඟපෑ ප්‍රාන් හා අපේ ඩොමී ජයවර්ධන අතර ඔබ දකින වෙනස කුමක් ද? ප්‍රාන් හින්දි දෙබස් කිව්වා. ඩොමී සිංහල දෙබස් කිව්වා.
සිංහල සිනමාවේ උසම නළුවා හා නිළිය කවුද? ඒ. කරුණාදාස - ඉඳුරුව
උසම නළුවා බැසිල් ද සේරම්. නිළිය විශාඛා සිරිවර්ධන.
ස්වර්ණා අරංගල්ල - කොටුගොඩ ඇය ලංකාවේ සිටිනවා. මේ ළඟදී සියත රේඩියෝවේ වැඩසටහනකටත් සහභාගී වූවා මට මතකයි.
අජිත් ලක්මාල් - මීගමුව රංජිත් පෙරේරාගේ රැයත් දවාලත් චිත්‍රපටය.
චාමර හේමනාත් විජේසිංහ – පිළියන්දල ඇය දක්ෂ ගායිකාවක් බවයි මගේ මතය.
සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත්ගේ බාල අවධිය නිරූපණය කළ ළමා නළුවා කරුණාරත්න
අබේසේකරයන්ගේ සහෝදරයකුª වන මාධ්‍යවේදී දයා අබේසේකරද? විමල් රණසිංහ – කොළඹ 14 ඔව්නේ. ඔබ එය දන්නවානේ.
*
රන්මුතුදූව චිත්‍රපටය හා සංදේශය චිත්‍රපටය මෙරටට ගෙන ඒමට කිසිවකු කටයුතු නොකරන්නේ
ඇයි? ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව එම චිත්‍රපට අදාළ නිෂ්පාදකයින්ට අයිති පුද්ගලික දේපොළක්. ඒවා ගැන ඔවුන් සිතැඟි පරිදි කටයුතු කරනවා. රන්මුතු දූව හා සංදේශය නිෂ්පාදකවරුන් ඒවා නැවත ගෙන්වනවා නම් හොඳයි. *
ලංකාවේ නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම් කරන්නට බැරි ඇයි? ප්‍රභාත් රාජපක්ෂ – නාවලපිටිය (ප්‍රභාත් ඔබ පැන යොමු කරන විටදී කෙටියෙන් යොමු කරන්න). ලංකාවේ නිර්මාණශීලී තරුණ වෙළෙඳ දැන්වීම්කරුවන් රැසක් සිටිනවා යන්නයි මගේ හැඟීම. ලෝකයේ බොහෝ රටවල වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවන් පසුව සිනමාකරුවන් වෙනවා. ලංකාවේත් වෙළෙඳ දැන්වීම්කරුවන් හොඳ සිනමාකරුවන් වූ අවස්ථා තියෙනවා.
*
සුජාතා චිත්‍රපටයට පෙම් රැල්ල නැගෙයි, ගල් තල්ලේ වැදෙයි යන ගීතයට ප්‍රධාන රංගනය ලබා
දුන් නළු නිළි යුවළ කවුරහුද? හිලරි සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුවැල්ල ඩොමී ජයවර්ධන හා ශාන්ති ලේඛා.
*
මේක ඔයාගෙන් හොඳින් අහන්නේ හොඳද? ඔය අර්ජුන් කියලා උත්තර දෙන්නේ සරසවිය සුනිල්
මිහිඳුකුල නේද? දැන්වත් ඇත්ත කියන්න. මේක අපට ප්‍රශ්නයක්, හිතට වදයක්. මහනුවර උපනන්ද – අඟුලාන දුම්රිය ස්ථානය ඔය වගේ දේවල් ප්‍රශ්න කරන්න එපා. සුනිල් මිහිඳුකුල මහත්මයා දැන් රසඳුන සංස්කාරක හා සිළුමිණ සම කර්තෘ. *
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ මේ දිනවල රූගත කරන ටෙලි නාට්‍ය මොකක්ද? ඩඩ්ලි ගෝමස් - මොරටුව චමින්ද ඩිල්ෂාන් වෙල්ලාලගේ කියන අලුත්ම අධ්‍යක්ෂවරයාගේ ටෙලි නාට්‍යයක්.
*
සිංහල සිනමාවේ දෙවැනි වර්ණ චිත්‍රපටය කුමක්ද? විහඟ පැතුම් - කොස්ගම වෙසතුරු සිරිත. *
හින්දි සිනමාවේ රාජ් කපූර් රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද? වියානි ගුණවර්ධන වෙන්නප්පුව 1935 ඔහු ළමා වියේදී රඟපෑ ඉන්කියුලාබ් චිත්‍රපටය. *
ජනප්‍රිය නිළි ක්ලැරිස් ද සිල්වා මුලින්ම රඟපෑ චිත්‍රපටය කුමක්ද? එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ පුදුම ලේලි චිත්‍රපටය.
අර්ජුනට පැන යොමු කරන විට දී පැහැදිලි, නිරවුල්ව, කෙටියෙන් ප්‍රශ්න යොමු කරන්න. දුරකථන අංකය ද සඳහන් කරන්න. තැපැල්පත්වල පමණක් ලියා එවන්නත් අමතක කරන්න එපා. |
||||