|
මේ ජනප්‍රියත්වය ඇතමුන්ට දරාගන්න බැරිවෙලා
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී රුවන් හෙට්ටිආරච්චි
රුවන් හෙට්ටිආරච්චි. හඬින් ජනප්‍රිය වූ මේ යෞවනයා රුවින් ජනප්‍රිය වන්නේ මෑත භාගයේදීය. සිංහාවලෝකනය චිත්‍රපටයේ ‘මතකද හැන්දෑවේ’ ගීතය ගයමින් මෑතකදී දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මානනීය වන තෙක්ම ඒ ගීතයේ හඬ හිමිකරුවා රුවන් බව දැන උන්නේ අතළෙස්සකි. නොදැක ඉන්න බෑ ගීතයෙන් තමාගේම මාවතක් සකස් කර ගනිමින් අපේ රටේ සංගීතකාමීන්ගේ හිත් ගත් රුවන් සමඟ කළ කතාබහකි මේ. * රුවන් මේ කතාබහ මුල සිටම අරඹමු. මම ඉපදුණේ මාතලේ කියන සුන්දර කඳුකර නගරයේ. පාසල් කාලේ ඉඳලම සංගීතයට තිබුණේ පුදුම ඇල්මක්. ඒ ඇල්ම කොතෙක්ද කියනවා නම් පාසලේ මිතුරන් අතර වගේම ගුරුවරුත් අතරත් මම ගායකයෙක් විදියට ජනප්‍රිය වෙලා තිබුණා. මේ කාලයේදීම මම පල්ලියේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වුණා. ගායනය නිරතුරුවම විනෝදාංශයක් කරගත් මම පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව බොලිවුඩ් සෞන්දර්ය නිකේතනයට අනුබද්ධ විද්‍යාලයෙන් සංගීතය මනාව ප්‍රගුණ කළා. ඒ කාලේදී හැකි අයුරින් සංගීතය ඉගෙන ගනිමින් නව පර්යේෂණවල නිරත වුණා. මෙහෙම කාලයක් ගත වෙලා ගියා. සංගීතය ගැන උගත් මම නුවර සංගීත ඇකඩමියක් විවෘත කළා. ඒ හරහා නව පරපුරකට දැනුම බෙදමින් ඉන්න කාලේ තමයි මතකද හැන්දෑවේ ගීතය ගයන්න අවස්ථාව හමු වුණේ.
ඔව් . . . ගීතය ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණියා. නමුත් ගීතයේ ගායකයා ගැන සඳහන් වුණේ හරිම අඩුවෙන්. නමුත් මේ හඬ, තාලය, හඬ පාලනය ගැන යම් තැන්වල කතාවෙලා තිබුණා. ඒකට හේතුව මා දන්නේ නැහැ. මේ ගීතය ගයන්නේ මා කියා දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. * නොදැක ඉන්න බෑ ඊට හොඳ සාධාරණයක් ඉටු කළා නේද? ඔව් . . . නොදැක ඉන්න බෑ තනුව මගේ හිතේ ඇදුණු මොහොතට මේ පද ටිකත් මගේ හිතට ආවා. මේ ගීතය ජනප්‍රිය වේවි කියලා ඒ මොහොතේ සුබදායී සිතිවිල්ලක් තිබුණා. මේ ගීතය රුවන් හෙට්ටිආරච්චි කියලා කෙනෙක් ඉන්නව කියලා සලකුණු තැබූ ගීතයයි. * සීත මාරුතේ ගැනත් කතා නොකරම බැහැ. ඔව්, නොදැක ඉන්න බෑ ගීතයේ ජනප්‍රියත්වය සමඟ නව ගීතයක් නිර්මාණය කරන්නට හිතුණා. ඒ ගීතය තමයි ‘සීත මාරුතේ’. මේ ගීතයේ පද නිලාර් එන්. කාසිම්. සංගීතය අමිත් ගුරු. * අද බොහෝ දෙනා රින්ගින් ටෝන් රැල්ලට අහු වෙලා. මට දැනෙන විදියට ඔබත් ඉන්නේ මේ රැල්ලේ? නැහැ . නොදැක ඉන්න බෑ ගීතය ජනප්‍රිය වුණාම මම ඊළඟට කළ ගීතය වෙනස්ම එකක්. මගේ නිර්මාණවල තීරණාත්මක සාධකය රිනින්ග්ටෝන් මාර්කට් එක නෙවෙයි. ගීතයක් නිර්මාණය කරන්නට මුදල් අවශ්‍යයි. නමුත් ප්‍රසංග, විදේශ සංචාර හරහා මුදල් හොයන්න පුළුවන්. මා ඉන් අදහස් කරන්නේ රින්ගින් ටෝන් නරකයි කියන එක නෙවෙයි.
මං සතුටු වෙනවා චිත්‍රපටයක ගීතයකින් ක්ෂේත්‍රයට පැමිණීමට හැකිකම ගැන. ඉදිරියේදීත් නිර්මාණ කිහිපයකට කතා කරලා තියෙනවා. සිංහාවලෝකනය හා සෙල්වම් චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් මා ලබාගත් අත්දැකීම් සමඟ ඉදිරියට යන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. ජෝතිපාලයන්, ග්‍රේෂන් ආනන්ද වගේ චරිත මියෙන තාක්ම චිත්‍රපට වෙනුවෙන් ගීත ගායනා කළා. ඔවුන් ඒ තුළ අමරණීය චරිත බවට පත් වුණා. මගේ හිතේ චිත්‍රපට පසුබිම් ගායකයකු වන්නට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේ සම්මානනීය වීම ඊට හොඳ ශක්තියක්. * අද බොහෝ නවකයන් තමා පිළිබඳ අධි තක්සෙරුව නිසා ඉක්මනින් පර වී යනවා. ඔව්, කෙනෙක් ජනප්‍රිය වෙන්න වෙන්න නිහතමානී විය යුතුයි කියලා මම හිතනවා. බොහෝ දෙනෙක් තමා ගැන නිවැරැදි දැක්මක් නැහැ. අද බොහෝ දෙනා ජනප්‍රිය වුණේ එක ගීතයකින්. මමත් එහෙමයි. මේ ජනප්‍රියත්වය ඇතැමුන්ට දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් තමා කවුදැයි නොදැන හැසිරෙනවා. නමුත් ඉදිරියට යන්නට නම් අනිවාර්යයෙන්ම නිහතමානී විය යුතුයි.
ඔව්, මං වෘත්තීයමය සංගීත ශිල්පියෙක්. * අද ලංකාවේ තිබෙන්නේ සංගීත රාජධානියක්. ඒ ඒ රාජ්‍යවලට රජවරු ඉන්නවා. මේ නිසා නවකයන්ට එන්නට තිබෙන ඉඩ සීමිතයි. ඔව්, නමුත් මම මගේ ගීතවලට හැකිතාක් නවකයන් සම්බන්ධ කර ගන්නවා. නොදැක ඉන්නව බෑ ගීතය ලිව්වේ නවකයෙක්. චතුරංග ඒ ගීතයෙන් පද රචකයෙක් වුණා. මම නවකයන් එක්ක වැඩ කරන්න ආසයි. මොකද මමත් නවකයෙක් නිසා. ඉදිරිය කොහොමද? ඉදිරියේදී අලුත්, ජනතාවට විඳිය හැකි අර්ථවත් ගීත නිර්මාණය කිරීම තමයි මගේ අරමුණ. තවමත් පෙම්වතියක් නැති වුණත් ඉදිරියේදී විවාහවීමත් කළ යුතුයි. ඒ වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට මගෙන් පුංචි හෝ සේවයක් වුණොත් ඒ මට ඇති. |