|
|
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 30 දා වේයන්ගොඩදී
2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙම මස 30 වැනිදා පස්වරු 2.00 ට වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී විශිෂ්ටතම නවකතාව, කෙටි කතාව, පද්‍ය සංග්‍රහය, විද්‍යා ප්‍රබන්ධය, නාට්‍ය ග්‍රන්ථය, යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය, පරිවර්තන ග්‍රන්ථය, ළමා සාහිත්‍ය ඇතුළු ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමෙයි. මීට අමතරව ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ටතම සේවය අගය කිරීම සඳහා පිරිනමනු ලබන සාහිත්‍යරත්න සම්මානයෙන් මෙවර පිරිනමනු ලබන්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග, මහාචාර්ය රංජනී ඔබේසේකර, මහාචාර්ය අරුණාචලම් යන විද්වතුන් සඳහායි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩල එක්ව සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට මෙවර ග්‍රන්ථ 1151 ක් ලැබී ඇත. උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙම උළෙලට සංස්කෘතික හා කලා කටයුතු ඇමති ටී. බී. ඒකනායක හා මැති ඇමතිවරු, ප්‍රවීණ කලාකරුවන් හා සාහිත්‍යකරුවන් රැසක් සහභාගිවීමට නියමිත.
සන්නස්ගල ගේ ‘පිරිමි ගොඩයි මං විතරයි’ එළි දකී
මේ සමඟ සන්නස්ගල ලියූ අනෙකුත් නවකතාවල ප්‍රති මුද්‍රණ ද මේවන විට නිකුත්කර ඇත. වස්සාන සිහිනය, සංඟිලි පාලම, සරසවි දියණියෝ, තුඹසක විලාපය, වසන්තය එනවා සත්තයි, නේත්‍රා, මගේ කුලුඳුල් පෙම්වතිය, ආදරේ තරම්ම යසෝදරා, එම කෘති අතර වේ.
සංජුලගේ මායාවෝ 29 ගම්පහ
සංජුල දිවාරත්නගේ ‘මායාවෝ’ වේදිකා නාට්‍යය මෙම මස 29 වැනිදා ගම්පහ සුමේධ රංග ශාලාවේදී වේදිකා ගතවීමට නියමිතය. මෙම වේදිකා නාට්‍යයේ ජීවන් හඳුන්නෙත්ති, කුමුදුනී අධිකාරි, ඩීමන් හෙට්ටිආරච්චි, මහේන්ද්‍ර විජේරත්න, රංජන් ගලගෙදර, කුමාරි සේනාරත්න, ගයා ක්‍රිෂානි, එම්. එමිල්, උදාර රණසිංහ, ඉන්දික මධුරගේ, නිශ්ශංක ජයරෝහණ යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති. වේදිකා පරිපාලනයෙන් සනත් ධම්මික, වේශ නිරූපණයෙන් එම්. එමිල්, වේදිකා ආලෝකකරණයෙන් සුනිල් සමරකෝන්, සංගීතයෙන් ඩබ්ලිව්. ප්‍රේමරත්න සොයිසා, පසුතල නිර්මාණයෙන් උපුල් ප්‍රදීප්, නිෂ්පාදනයෙන් මංගල මඬුගල්ල සහාය වෙති.
|



ප්‍රවීණ සිංහල ආචාර්යවරයකු වන සාහිත්‍යවේදී උපුල් ශාන්ත
සන්නස්ගල ලියූ අලුත්ම නවකතාව ‘පිරිමි ගොඩයි මං විතරයි’
මෙවර සාහිත්‍යය මාසය වෙනුවෙන් එළි දක්වා තිබේ.
34 වැනි රුක්මණී දේවි අනුස්මරණ වැඩසටහන වෙනුවෙන්
දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි දුලාජ් ධනුෂ්ක
සිය අලුත්ම ගීතය ‘මොනාලිසා’ නමින් එළි දක්වා ඇත.
ප්‍රවීණ කැමරා
අධ්‍යක්ෂවරයෙක් වන
දී. ග. සෝමපාල නිර්මාණය කරන්නට අදහස් කරනා
‘අහස අහිමි
කුරුල්ලනේ’ නම්
නවතම ළමා ටෙලි නාට්‍යයට දක්ෂතා ඇති දූ දරුවන් අපේක්ෂා කරයි.