|
අපේ කලාව ප්‍රංශයට බෙදන සුෂිලා සහ ලයනල්
සුෂිලා මල්ලිකාආරච්චි ජනප්‍රිය ප්‍රවීණ නර්තන ආචාර්යවරියක්. හඳපාන, සුහද දිවි පිදුම, ධීවරයෝ, දෙයියන්ගේ රටේ, ප්‍රාර්ථනා, චන්ඩාලි වැනි චිත්‍රපට නර්තනයෙන් අලංකාර කළ ඇය මන්දෝදරි වේදිකා නාට්‍යයෙන් හොඳම නිළිය ලෙස ද පිදුම් ලැබුවාය.
සුෂිලා මල්ලිකාආරච්චි මහත්මිය පණීභාරත, හීන්බබා ධර්මසිරි, චිත්‍රසේන, සුකුමාල් නායර් වැනි ප්‍රවීණ නර්තන ගුරුවරුන් යටතේ උඩරට, පහතරට සහ භරත නර්තන කලාවන් ප්‍රගුණ කළාය. අවිස්සාවේල්ල රත්නාවලි බාලිකා පාසලේ නර්තන ආචාර්යවරියක ලෙස කලක් සේවය කිරීමෙන් පසු විවාහයෙන් අනතුරුව විදේශගත වූවාය. දැනට ප්‍රංශයේ පැරිස් නගරයේ ජීවත් වෙමින් මෙම නර්තන ගුරුවරිය ශ්‍රී ලාංකික දරු දැරියනට නර්තන පුහුණුව නොමිලයේ ලබා දෙමින් සිටියි. මෙවැනි කැප කිරීම් හමුවේ ප්‍රංශයේ පැවැති සෙක්සා සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට ද ඇය වාසනාවන්ත වූවාය. ලයනල් මල්ලිකාආරච්චි මහතා ද මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරයි. ඔහු මේ වන විට ප්‍රංශයේදී ජෝති උපහාර ප්‍රසංග රැසක් පවත්වා ඇත. නවකතාකරුවකු ලෙසින් ගම් දෙකක් අතර දෝලනය වන මිනිස් චරිත විකාශයන් ඇතුළත් ‘දෙගම්දොර’ නම් නවකතාව දොරට වැඩීය. තවද එච්. ආර්. ජෝතිපාලයන් හට උපහාර පිණිස ඔහුගේ ගීත 21 ක් තම හඬින් ගයා සංයුක්ත තැටියක් නිර්මාණය කර නොමිලයේ බෙදා හැරීමට ද මල්ලිකාආරච්චි මහතා කටයුතු කළේය. මව්බිමෙන් දුරස් වුව ද මල්ලිකාආරච්චි යුවළ අපේකම රැකෙන පරිදි ප්‍රංශයේ පැරිස් නගරයේ සිට අපේ කලාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරති. |