|
සුමිත්‍රා පීරිස් ජීවන වෘත්තාන්තය 7 වැනිදා එළි දකීඅජිත් ගලප්පත්තිගේ කෘතියක්
විශේෂ මුද්දරයක් ද නිකුත් වෙයි
1978 සිට සිවු දශකයක ඇයගේ සිනමා කෘති පෙළෙහි රඟපෑ නළු නිළියන් ඇතුළු සම්භාවනීය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය. ඉතාම දුර්ලභ සේයාරූ 175 කින් සමන්විත මෙය පෞරාණික බව මතු කෙරන විශේෂ ද්විත්ව වර්ණයකින් මුද්‍රණය කර ඇත.
මෙම ග්‍රන්ථය නිකුත්වීම අරභයා සුමිත්‍රා පීරිස් සිනමාවේදිනිය වෙනුවෙන් විශේෂ මුද්දරයක් ද නිකුත් කිරීමට ද සැලසුම් කොට තිබේ. මෙරට විශිෂ්ටතම සිනමාවේදිණිය ලෙස සැලකෙන සුමිත්‍රා පීරිස් සිනමාවේදිණිය ගෞරවනීය කලාකාරියක ලෙස සම්භාවනාවට ලක් වෙයි. 1960 දී සන්දේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරිය ලෙස සිනමාවට පිවිසි ඇය වසර පණස් තුනක් අඛණ්ඩව සිනමාවෙහි රැඳී සිටින්නීය. ගැහැනු ළමයි චිත්‍රපටයේ සිට වෛශ්ණාවි දක්වා සිනමා කෘති දහයක් අධ්‍යක්ෂණය කොට ඇති ඇය ගම් පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, අක්කර පහ, ගොළු හදවත, අහසින් පොළවට, දෑස නිසා ඇතුළු චිත්‍රපට රැසක සංස්කාරකවරියයි. මෙම උළෙලේ කෘතවේදී සංවිධානය සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරතුංග ගෙනි.
මොන්ට්‍රියල් උළෙලේ විශිෂ්ටයන් අතර‘ඔබ නැතුව ඔබ එක්ක’විසි අට වැනිදා ජාත්‍යන්තර ප්‍රදර්ශනය අරඹයි
එය විසිතුන් වැනිදා සිට සැප්තැම්බර් තෙවැනිදා දක්වා කැනඩාවේ පැවැත්වෙන මොන්ට්‍රියෙල් අන්තර් ජාතික සිනමා උළෙලේදී ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපට අංශයේ තිරගත වනු ඇත. අනතුරුව එහි ප්‍රථම ආසියානු මංගල දැක්ම සැප්තැම්බර් දහහතර සිට විසි එක්වනදා තෙක් ජපානයේ ඇති අන්තර් ජාතික ෆුකෝකා චිත්‍රපට උළෙලේදී පැවැත්වීමට නියමිතය.
එම්. ඩී මහින්දපාල කැමරාකරණයෙන්ද, ඒ. ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, ලක්ෂ්මන් ජෝසප් ද සේරම් සංගීතයෙන් ද, තපස් නායක් ශබ්ද පරිපාලනයෙන් ද දායක වූ ‘ඔබ නැතිව ඔබ එක්ක’හි කලා අධ්‍යක්ෂණය රොබ් නේවිස්ගෙනි. අංග රචනය ඊබට් විජේසිංහගෙන්ය. දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂවරයාය. රේඛීය නිෂ්පාදනයෙන් කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දායක වූහ. ඉන්දු ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වන මෙය ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලී නිෂ්පාදකවරුන්ය. රාහුල් රෝයි, ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා සහ නදීරා ඇඩම්අලී විධායක නිෂ්පාදනයෙන් දායක වූහ. අට වසරකට පසුකමල් සමඟ කලර් හෙට එයි
කමල් සමඟ සඳනි සුලක්නා, ඇන්ජලා සෙනෙවිරත්න, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ සහ දුෂාන් මෙන්ඩිස් රංගනයෙන් දායක වෙති. කලර් නෙත් සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහ නිෂ්පාදනයක් ලෙසින් එළි දකියි. කැමරාව ප්‍රියන්ත මලවිගේ මෙහෙයවා තිබේ. සංඛ දිනෙත්ගේ සංගීතයකි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් එක් වෙයි. චලින් මධුරංග සහාය අධ්‍යක්ෂවරයාය. සංඛ දිනෙත්, මීනා ප්‍රසාදිනී, සමිතා මුදුන්කොටුව සමඟ කමල් අද්දරආරච්චි මෙහි ගායනා කර තිබේ. ප්‍රචාරක සැලසුම සිතුවිලි ක්‍රියේෂන් වෙනුවෙන් මාලක නන්දනය.
|